මාවනැල්ල බුදු පිලිම වැනසීම ගැන මුජිබුර් රහුමාන් කට අරී..

December 29, 2018 at 12:40 pm | lanka C news
මාවනැල්ල බුදු පිලිම වැනසීම ගැන මුජිබුර් රහුමාන් කට අරී..

මාවනැල්ල ප්‍රදේශයේ ජාතීන් අතර ආගමික ගැටුම් නිර්මාණය කිරීමෙන් නොසන්සුන් තත්වයක් ඇති වී තිබීම කනගාටුවට කරුණකි. ජාතීන් අතර අසමගිය වර්ධනය කර ආගමික ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන ජාතිවාදී පිරිස් ඉක්මනින්ම හ`දුනාගැනීමට කටයුතු කිරීම අවශ්‍ය බව, පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබුර් රහුමාන් මහතා පවසයි.

මාවනැල්ල ප්‍රදේශයේදී බුදුපිළිම කීපයක් කඩා දැමීමේ නීච ක්‍රියාව සහ එම හේතුව නිසා ප්‍රදේශයේ ඇති වී තිබෙන නොසන්සුන් තත්වය පිළිබද මන්ත්‍රිවරයා විසින් කර ඇති මාධ්‍ය ප්‍රකාශනයේ ද’ මේ බව පවසා ඇත.

බුදුන් වහන්සේගේ පිළිම වලට මෙවැනි හානියක් සිදුකර රටේ ජාතික සමගියටත් ආගමික සංහිදියාවටත් සාමය හා සහජීවනයටත් හානි කරන අශීලාචාර ක්‍රියාවන්ට එරෙහිව ශිෂ්ඨසම්පන්න සමාජයක ජීවත් වන අප කවුරුත් දැඩිව ක්‍රියාකල යුතුව ඇතැයි ද මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසා ඇත.

මෙවැනි මිලේච්ඡු අපරාධයන් සිදු කරන අය මොන ජාතියට අයත් පුද්ගලයින් වූවද දැඩි විමර්ශණයට ලක් කර රටට හෙලිකිරීමට රහස් පොලීසිය උපරිම උත්සාහ කළ යුතු අතර, මේ ආගමික අපරාධකරුවන් වහාම නීතියේ ඉදිරියට ගෙන යායුතු බවත්, ජාත’න් අතර අසමගියක් ඇති කර ජාතිවාදය වපුරන්න උත්සාහ දරන මෙවන් අපරාධකාරයින්ට මේ රටේ ජනතාව ජාති ආගම් කුලභේද වලින් තොරව තම විරෝධය ප්‍රකාශ කළ යුතු බවත්, රටේ සාමය සමගිය හා සහජීවනය අගයන සියලූම ජන කොටස්වල බලාපොරොත්තුවත් එයම බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

ආගම්වාදය මොන යම් ක්‍රමයකින් මොන පාර්ශවයකින් මොන ජාතියේ පැත්තෙන් ක්‍රියාත්මක වූවද එම උත්සාහයන් විනාශ කර දැමීමට අප සියලූම දෙනා එකා මෙන් අත්වැල් බැදගෙන ක්‍රියාකළ යුතු බවත්, පසුගිය කාලයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක වු ජාතිවාදී ගැටුම් හේතුවෙන් මේ රටේ ජනතාවට නොයෙකුත් ව්‍යසනවලට මුහුණ දීමට සිදුවූවා පමණක් නොව, ජාතීන් අතර විරසකභාවය, අවිශ්වාසය, සැකය හා ජාතීන් අතර හිඩස වර්ධනය ව’මටද හේතු වු බවත්, විටින් විට ක්‍රියාත්මක වන මේ ආගම්වාදී ක්‍රියාවන් අප රටේ ජාතික සමගියට තර්ජනයක් වගේම රටේ පැවැත්මට විශාල අභියෝගයක් එල්ල කරන බවත් අවධාරණය කරන මන්ත්‍රිවරයා, මේ පිළිබද පුළුල් විමර්ෂණ කටයුතු ක්‍රියාත්මක කරගෙන යන රහස් පොලීසිය මේ සිදුවීම් වල ප්‍රධාන වැරදිකරුවන් හැකි ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කර දැඩි ද`ඩුවම් දෙනු ඇති බව ජනතාවගේ ඒකායන බලාපොරොත්තුව බවත්, පසුගිය කාලයේ මුස්ලිම් දේවස්ථාන වලට සහ වෙළදසැල් වලට ප්‍රහාර එල්ල කර, ගිණිතබා සිිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරන්න උත්සාහ කලා.

අද බුදුපිළිම වලට ප්‍රහාර එල්ල කර සිංහල ජනතාව කුපිත කරවමින්, තවත් සිිංහල මුස්ලිම් ගැටුමක් ඇති කර මහා විනාශයක් කරන්න උත්සාහයක යෙදී තිබෙන බව පැහැදිලි වන බවත්ල මෙම කණ්ඩායම් කුමන ජන කොටසකට අයත් වුවත් ඔවුන්ට විරුද්ධ නිතිය ක්‍රියාත්මක කළ යුතුයගලාංකික පුරවැසියන් ලෙස රටේ සියලූම ජනතාව ඒකරාශිවී අත්වැල් බැ`දගෙන,අප රටේ පැවැත්මට හා දියුණුවට විශාල බාධාවක් වී තිබෙන මෙවැනි අමානුෂ’ක මිලේච්ඡු ජාතිවාදී ක්‍රියාවන්වලට එරෙහි වී මේ ජාතිවාදී අභියෝග වලට එඩිතරව මුහුණ දී එය පරාජය කිරීමට හැම දෙනාම ඒකරාශී වී කටයුතු කළ යුතුය.

– මුජිබුර් රහුමාන්

28,037 Viewers

5 Comments to “මාවනැල්ල බුදු පිලිම වැනසීම ගැන මුජිබුර් රහුමාන් කට අරී..”

  1. Denzil Fernando says:

    praya to danna naa tam sinhalayanga hate apth ewasema semawa theyanaw.

    • Saradiel says:

      රටේ ජාතික සමගියටත් ආගමික සංහිදියාවටත් සාමය හා සහජීවනයටත් හානි කරන ඉස්ලාම් අන්තවාදී ආගම්වාදී සුළු ජාතින් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරනු ..බෙදුම්වාදී ජාතිවාදී දෙමල ජාතිකයන් ටද එම දඩුවමම දිය යුතුයි උතුරේ බෞද්ධ සිද්දස්ඨාන විනාශකරන දෙමළ ජාතිවාදී මන්ත්‍රී වරුන්ටද නීතිමය දඩුවම් දීම දැන්වත් ක්‍රියා කරනු ….අපරාධ කරන සුලුජාතිකයන් ට නිතිය ක්‍රියා නොකිරීම නිසා අද රටේ මහජාතිය අසරණ වී ඇත …
      සංහිදියාව කියමින් අපේ බෞද්ධ සිද්ධස්ඨාන විනාශකිරීමට ඉඩදී බලා සිටීම කොතරම් නිවට කමක්ද ? ආණ්ඩුව මේ පිලිබදව වහාම පියවර ගත යුතුයි

  2. sajith says:

    අනේ මෙයා බබා. දැන් මූ කියන්නෙ අපේ දේවල් අපිම කඩාබිඳ ගන්නව වගේනෙ. රනිල්ට හදිස්සියේම සිංහල බෞද්ධයන් ගැන අනුකම්පාවක් ඇවිත් මුස්ලිම් මිනිස්සු හිරේ දාන්න පට් පට් ගාල ඇක්ට් කරන්නෙයි, බුදුදහමට ව්‍යවස්ථාවෙ හිමි ස්ථානය එහෙම්ම තියනව කියන්නෙයි සිංහලය ගොනාට අන්දල ව්‍යවස්ථාව ගේන්න බව (ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න බව) අපිට තේරෙනව. මොන මගුල කරත් පිළිම වහන්සේ කඩා දැමීම, ඒවාට අනුබල අනුග්‍රහ දීම කොච්චර දරුණු විපාක වලට හේතුවක්ද කියල මේ භවේදිම දැන ගන්න ලැබෙයි පු‍තෝ.

    • SALMAL says:

      How to defeat Islam terrorism? Don’t be terrorized. Don’t let fear rule your life. Even if you are scared.”
      From Islam fanaticism to barbarism is only one step.Violence cannot be religion. And true religion cannot be violent…….Never trust Muslim politicians they are all liers

      • CORBRA says:

        Wake up Sinhalese without day dreaming before these maniacs starts something. Buddhist clergy must take the lead like olden days. Remove the Justice Minister Mr.President.Give it to a true Sinhala son of our own. What this guy knows about Justice.He is an extremist as per Moses and the news we are getting. R E M O V E before it’s too late. He did so many things against our country in the past. We should not forget that. So why give a Ministrial post or anything for these kind of traitors to the Motherland. So many good moderate Muslims are there who loves our Motherland as Sri Lanka but not these extremists and traitors like Hakeem the frog.

Main News