මාවුස්සාකලේ විදුලි නිෂ්පාදනය නවතී..

January 13, 2022 at 12:02 am | lanka C news
මාවුස්සාකලේ විදුලි නිෂ්පාදනය නවතී..

මවුස්සාකැලේ ජලාශයේ සොරාව්ව දින පහක් තිස්සේ විවෘත කර තැබිම නිසා මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවති.

මවුස්සාකැලේ ජලාශයේ සිට කැනියොන් ජලාශය දක්වා ජලය රැගෙන යන නල පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජලාශයේ මෙටාවොර්ට්ස් 75 ක විදුලි උත්පාදනය මේ දිනවල සිදු නොකරන බවත්,මවුස්සාකැලේ ජලාශයේ සොරොව්වෙන් පිටවන ජලය කැනියොන් ජලාශයට එකතු වි ඊට පහලින් පිහිටි ලක්ෂපාන , නව ලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සදහා එම ජලය භාවිතා කරන බවයි විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු කියා සිටියේ.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට දේ දිනවල දැඩි වියළි කාලගුණ තත්ත්වයක් පවති.

– හැටන් රංජිත් රාජපක්ෂ

18,085 views

2 Comments to “මාවුස්සාකලේ විදුලි නිෂ්පාදනය නවතී..”

  1. සනත් ඉතාලිය says:

    හැටන් රන්ජිත් රාජපක්ෂ ඔයානම් සුපිරි . ඒපාර අල්ල ගත්ත නේද විදුලි අර්බුදේ. මමනම් මුල ඉදලම දැනගෙන හිටිය ඔයා විපක්ශෙ කාර්‍යය බාරෙ නියමෙට කරනව කියල කවුද සිරසද ඔයාව මාද්‍යය වේදියෙක් කලේ

  2. daya says:

    මුන්ට මේක පායන කාලේ කර ගන්න මොලයක් තිබුනේ නැද්ද?

    තෙල් නයට අරන් සල්ලි නොගෙවා ජෝගි දාන මරි මෝඩ රැලක් මේකේ ඉන්නේ.

Main News