මාව දඩයම් කරන්න හදනවා.. CID එන්න කියලා..

September 21, 2021 at 1:20 pm | lanka C news
මාව දඩයම් කරන්න හදනවා.. CID එන්න කියලා..

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරු දඩයම් කර රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේදී කරනු ලබන ප‍්‍රශ්ණ කිරීම් නතර කිරීමේ අරමුණින් සහ පාර්ලිමේන්තු කටයුතුවලට සක‍්‍රීය දායකත්වය ලබාදීමට ඇති අවස්ථාව වැලැක්වීම සදහා තමන් නිෂ්චිත කරුණු දැක්වීමකින් තොරව තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බවට සාධාරණ සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

පාර්ලිමේන්තුවේදී වරප‍්‍රසාද ප‍්‍රශ්ණයක් මතුකරමින් ඔහු අද උදෑසන මේ බව පැවසූ අතර වරප‍්‍රසාද ප‍්‍රශ්ණය යොමු කරමින් වැඩිදුරත් මෙසේද පැවසුවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක ව්‍යෝහාරික අංශය මගින් සිදුකරන ලබනු බව ප‍්‍රකාශ කරන විමර්ශණයකට අදාල තොරතුරු ලබාගැනීම සදහා ඩිජිටල් ව්‍යෝහාරික විද්‍යාගාර ස්ථානාධිපති හමුවීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නාරාහේන්පිට පොලිස් ස්ථානය හරහා මා වෙත කැදවීමක් ලැබී තිබුණි.

කවුරුන් විසින් කරනු ලැබූ කුමන ආකාරයේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා මාගෙන් තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන්නේද යන්න නිශ්චිතව එම කැදවීමේ සදහන් කර නැත. ඒ ආකාරයට තොරතුරු ලබාගැනීමට අපේක්ෂිත කරුණු ගැන කිසිදු සදහනක් නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවීම සිවිල් පුරවැසියෙක් ලෙස මාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස මාගේ වරප‍්‍රසාද උල්ලංඝනය කිරීමකි.

ඒ අකාරයට නිශ්චිත හේතුවක් නොදන්වනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දීම රටේ පවතින පොදු නීති පද්ධතිය ඉක්මවා යමින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ගයකි.

රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේදී කරනු ලබන ප‍්‍රශ්ණ කිරීම් නතර කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු දඩයම් කිරීම සදහා මෙවැනි කැදවීමක් කර ඇත්දැයි යන්න ගැන සාධාරණ සැකයක් මතුවන බව ඔබතුමාගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.

මේ සම්බන්ධයෙන් මාගේ නීතීඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් වැඩිදුර කරුණු විමසා සිටියෙමි. ඒ අනුව කුමන පරීක්ෂණයකට අදාල කරුණු හෙළිදරව් කළ යුතුද යන්නත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ කිසියම් පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර තිබේද යන්නත් විමසුවෙමි.

කිසියම් අයෙක් පැමිණිලලක් කර තිබේනම් පැමිණිල්ල කර ඇති නිශ්චිත කරුණ කුමක්ද යන්නත්, එවැනි පැමිණිල්ලක් නොමැති නම් ස්වයං මෙහෙයවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශණයක් ආරම්භ කිරීමට හැකියාව තිබේද යන්නත් ප‍්‍රශ්ණ කළෙමි.

කිසියම් විමර්ශණයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා කැදවීමක් කරන්නේ නම්, අදාල විමර්ශණය ගැන නිශ්චිත කරුණු දැක්වීමක් කළ යුතු බව සේනාරත්න එදිරිව පුන්‍යා ද සිල්වා (1995* ශ‍්‍රී එල්.ආර්. නඩු තීන්දුවෙන් පැහැදිළිව සදහන්ව තිබියදීත් කරුණු විමසීමට යැයි පවසමින් මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවනු ලබන්නේ පාර්ලිමේන්තු කටයුතු සදහා මාගේ සක‍්‍රීය දායකත්වය ලබාදීම වැලැක්වීමේ අරමුණින් යැයි සාධාරණ සැකයක් මතුවේ.

නිශ්චිත විමර්ෂණයක් ගැන නොදන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට මැ කැදවන්නේ, පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගීවීම හා අනෙකුත් පාර්ලිම්න්තු කටයුතුවලට සකී‍්‍රය දායකත්වය ලබාදීමට ඇති අවස්ථාව වැලැක්වීමට බව මාගේ විශ්වාසයයි.

ඒ නිසා නිශ්චිත කරණු දැක්වීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම මගින් මාගේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද උල්ලංඝනය වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ ඩිජිටල් ව්‍යෝහාරික විද්‍යාගාර ස්ථානාධිපති පාර්ලිමේන්තු වරප‍්‍රසාද කමිටුව හමුවට කැදවා පරීක්ෂණයක් කරන ලෙසත්, ඔවුන්ගේ ක‍්‍රියාවන් මගින් මාගේ පාර්ලිමේන්තු වරප‍්‍රසදා උල්ලංඝනය වී ඇති බවත් සදහන් කරන නියෝගයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

– media unit

25,663 views

22 Comments to “මාව දඩයම් කරන්න හදනවා.. CID එන්න කියලා..”

  1. Upul Attanayake says:

    Munta ona ekatai epa ekati ohe media cut denna puluwan Minissu nomaga yavanna.
    Gihin uthara badapan modaya.
    Loku lori talks nethuwa

  2. MD says:

    ඔයාව දඩයම් කරන්න ඕන විධිය කවුරුහරි මගෙන් ඇහුවොත් මමනම් කියන්නේ හක්කපටස් ඵකක් තිබ්බහම හොඳටම ඇති කියලයි.🤣

  3. චන්ඩි කොල්ලා says:

    උඹව දඩයම් කරන්න ඕන එකෙක් තමයි! ඒත ඒ මේවට කලින් අර අහිංසක ගෑනියෙකුයි දරුවෙකුයි අනාථ කරලා කරපු අපරාදෙට!

    • thisara says:

      ow ow mokada a ganiwa devorce karanakota dan ganiwa bandala lamaith hambawenna inne. munta eka nithiyai anith minissunta eka nithiyai bahane.

      dan unath wejabenne kudu salli nisane.

  4. පොඩිරාජා කිතුල්ගල says:

    මෙි ව්‍යසන වෙලාවෙි රට තවත් අමාරැවෙි දාන්ඩ කැසකවන ඉතාම පහත් බංකොලොත් වෘතිය සමිතිකාරයන් ඔවුන් පොලබවන්නන් ආධාර අනුබල දෙන්නන් කුලියට බත්බැලකමි කරන්නන් ගල්ගසා එලවා දැමිය යුතුයි. මෙි කරදරකාරි අවස්තාවෙි සැවොම එක්වි රටක් ලෙස ගොඩයනවා වෙනුවට සක්කිලි දේසපාලනයේ යෙදෙමින් රටෙි ජනතාවගේ ජිවිත අනතුරේ හෙලමින් නටන නාඩගමි පිලිකුලෙන් බැහැරකල යුතුමයි

  5. Ape Eka says:

    මම දන්න විදිහට නම් ලංකාවෙ CID එක සත්තු දඩයම් කරන්නෙ නැහැනෙ……..😃😃😃

  6. සත පහක් වටිනා මිනිහෙක් නෙවෙයි . පාර්ලිමේන්තු ගියේ මොන දිස්ත්‍රික්කයෙන් ද කියල මතකද දන්නෑ .

  7. ජනජය says:

    අනේ මනූස….බොල වගේ එවුන් දඩයං කොරන්ඩ යන කාලෙ තියා ඒ නිවුස් කියවන්ඩ යන කාලෙත් අපරාධයක් කියල මිනිස්සු දන්නව බං…!

  8. මල්කාන්ති දුනගහ says:

    මූ මොකෙක්ද. පැත්තෙන් පැත්තට පනින හිවලා. උඹ හිටියේ ස්වර්ණවාහිනියේ බං. පළ අහකට නරියා.

  9. බුදුවංගල says:

    අනාගත සජිත් රජයේ අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති මෙයා – මනූෂ. ගොට්ට අල්ලන්න උන් ඕන් ගිහිං අල්ලපල්ල.

  10. Mahesh says:

    Parliament gihin den monawada karala thiyenne ratata?

Main News