මාව ලංකාවට පිටුවහල් කරන්න එපා..- මධුෂ් ඩුබායි අධිකරණයට ඇපෑලක් දමයි..

April 1, 2019 at 2:10 pm | lanka C news
මාව ලංකාවට පිටුවහල් කරන්න එපා..- මධුෂ් ඩුබායි අධිකරණයට ඇපෑලක් දමයි..

තමන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඩුබායි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් එරට අධිකරණයෙන් අපෑලක් මගින් ඉල්ලා ඇති බව ඩුබායි ආරංචි මාර්ග කියයි.

මධුෂ් ඇතුළු පිරිසක් විසින් මෙම ඇපෑල ගොනු කර ඇති බවද වාර්තා වෙයි.

මෙම ඇපෑල හේතුවෙන් ඔවුන් මෙරටට පිටුවහල් කිරීම තරමක් ප‍්‍රමාද වනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ මෙම පිරිස පිටුවහල් කිරීමක් ගැන මෙතෙක් නිශ්චිත තොරතුරක් නැති බවයි.

51 views
Main News