මාව ශ‍්‍රීලනිපයෙන් එලවන්නයි හදන්නේ.. දේශපාලන මණ්ඩලයෙනුත් ඉවත් කරලා.. කණ පැලෙන්න ගහනවා.. බලං ඉන්නැතිව අත්පුඩි ගහන්න..- චන්ද‍්‍රිකා [Video]

March 8, 2019 at 10:44 pm | lanka C news
මාව ශ‍්‍රීලනිපයෙන් එලවන්නයි හදන්නේ.. දේශපාලන මණ්ඩලයෙනුත් ඉවත් කරලා.. කණ පැලෙන්න ගහනවා.. බලං ඉන්නැතිව අත්පුඩි ගහන්න..- චන්ද‍්‍රිකා [Video]

තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් කිරීමේ උත්සාහයක් පසුගිය මාස දෙක තුනේ සිට ක‍්‍රියාත්මක වන බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

පක්‍සයේ ප‍්‍රධාන සාකච්චා මෙන්ම දේශපාලන මණ්ඩලයෙන්ද තමන් ඉවත් කර ඇතැයිද ඇය සදහන් කරයි.

තමන් එජාපයට තල්ලු කිරීමේ උත්සාහයක් ඇති නමුත් තමන් මියෙන තුරා එජාපයට නොයන බවද ඇය කියා සිටියාය.

එජාපයට යන්නේදැයි කිසිවෙකු යලිත් ඇසුවොත් කණ පැලෙන්න ගහන බවත් ඇය කීවාය.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කොළඹ පැවති උත්සවයක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

යහපාලන ආණ්ඩුව විසින් කාන්තාවන්ට දිනා දුන් ජයග‍්‍රහණ ගැන කියමින් ‘අත්පුඩි ගහන්න.. බලාගෙන ඉන්නෙ නැතිව’ යයිද ඇය පැවසීය.

53 views