මාසයකට ආසන්න අතුරුදහන් අට දරු පියෙකුගේ මළ සිරුර හමු වෙයි…

April 20, 2018 at 2:05 am | lanka C news
මාසයකට ආසන්න අතුරුදහන් අට දරු පියෙකුගේ මළ සිරුර හමු වෙයි…

මන්නාරම,ජෝශප්වාස් නගර් ප්‍රදේශයේ සිට අතුරුදහන්ව සිටි දරුවන් අට දෙනෙකුගේ පියෙකුගේ මළ සිරුරක් මන්නාරම තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයේ ඔලෙත්තොඩුවායි කැළැව තුළ තබී හමු වූ බවට මන්නාරම් පොලීසිය පැවසීය.

මන්නාරම පොලිසිය පැවසූවේ පසුගිය මාර්තු මස 26 වැනිදා අතුරුදහන්වු ‍මන්නාරම  ජෝශප්වාස් නගරයේ පදිංචි 71 හැවිරිදි  මනුවේල් පිල්ලේ නොහොත් ඇල්බට් නමැත්තෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගෙන ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසූවේ අදාළ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පසුගිය 31 වැනිදා මන්නාරම පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදුකර තිබෙන බවයි.

පොලිසිය පැවසූවේ මියගිය පුද්ගලයාගේ ඥාතීන් මළ සිරුර හඳුනාගෙන ඇති අතර, ඒ වන විටත් මළ සිරුර නරක් වී තිබුනු අතරම  මරණයට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ මන්නාරම රෝහල් මෘත ශරීරා‍ගාරයේදී පැවැත්වීමට නියමිත බවද ‍ සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්මින් කියා සිටියේය.

33 views
Main News