මාසයක් ඇතුලට රට පුරාම ඩෙල්ටා.. මෙරට 50%කට ආසදනය වනු ඇතැයි දන්වයි..

July 20, 2021 at 10:22 pm | lanka C news
මාසයක් ඇතුලට රට පුරාම ඩෙල්ටා.. මෙරට 50%කට ආසදනය වනු ඇතැයි දන්වයි..

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය රට තුළ සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවයි.

එම ප්‍රභේදය සුමානයක් වූ මාසයක් වැනි කාලයක් ඇතුළත රට පුරාම පැතිරිය හැකි යැයි සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කලාය.

අද වනවිට කොළඹ නගර සභාව තුළ සියයට 30 ක් පමණ ඉන්නේ ඩෙල්ටා ප්‍රභේදය කියන එක තමයි අපට හිතාගන්න පුළුවන් වෙන්නේ දැනට තියන දත්තවලින්. ඒ ගොල්ලන්ගේ කෙලවල තියන වෛරස් ප්‍රමාණය ඉතාමත්ම වැඩියි, ඒ වගේම ඩෙල්ටා ප්‍රභේදය බෝවෙන ප්‍රවණතාවය ඉතාමත්ම වැඩියි අනිත් ඒවට වඩා, ඒ නිසා ඩෙල්ටා ප්‍රභේදය වැඩිකල් නොගොස් අපේ රටේ සියයට 50 කට වඩා ජනතාවකගේ වෛරස්වලට හේතු කාරණා වෙලා, ඒක තමයි මූලිකම රෝගය බවට පත්වෙන්නේ කියන එක අපට සැකයකින් තොරයි. රට ඇරලා සාමාන්‍ය විදිහට හැසිරෙනවා නම් එහෙම, මේ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම වේගයෙන් මාසයක් ඇතුළදී හරි සුමාන දෙකක් ඇතුළතදී හරි අපේ රටපුරාම මේක පැතිරෙන්න පුළුවන් කියන එක අපි අනිවාර්යෙන්ම දන්නවා.

අපේ රටේ වැඩිහිටියන්ම ඉන්නවා සියයට 15 ක් විතර, මේ වෙද්දි සම්පුර්ණ එන්නත්කරණය වෙලා තියෙන්නේ සියයට 08ක් වගේ. ඉතිං ඒකෙන් කියවෙනවා අපේ රටේ බොහෝ අය තවම එන්නත ලබාගෙන නෑ කියන එක. ඒ නිසා එක හේතුවක් එන්නතින් අපට තියන ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය නොහැකියි. සෑම දිනකම රෝගින් 40ක් 50 ක් ප්‍රමාණයක් රටේ ජීවිත්ෂයට පත්වෙනවා. අපි 50 ක් කියන උපකල්පනයකින් ගාණ හැදුවොත් අපි දන්නවා ඒකෙන් කිය වෙනවා සියයට 2 ක් ජීවිතක්ෂයට පත්වෙනවා කිව්වොත් අපේ රටේ දැන් මේ වෙනකොට දහදාහක් රෝගින් ඉන්නවා.

අපේ රෝගීන් ඉතාමත් වැඩි සංඛ්‍යාවක් තියෙද්දීත් අපි සමහර දේවල් ආරම්භ කිරීමට ඉඩදීලා තියනවා ජීවනෝපාය කියන එකේ වැදගත්කම ගැන කල්පනා කරලා ඉතිං මේ දෙක තුළනය කිරීමේදී රෝගීන් වැඩිවීම අනිවාර්යයි ඒක සිද්ධ වෙනවාමයි දැනටත් ඒක අපි දකිනවා.

 

64,121 views

5 Comments to “මාසයක් ඇතුලට රට පුරාම ඩෙල්ටා.. මෙරට 50%කට ආසදනය වනු ඇතැයි දන්වයි..”

  1. 3% ට බය බයියා. says:

    සංගම් කියන දේ පිල්ගන්නේ 69 බයියන් පමනයි .

  2. Nandasoma Suriyaarachchi says:

    සති දෙකක් රට නිවැරදිව වසා තැබුවා නම් කොරෝනා සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකියාවක් තිබියදී, එසේ නොකොට රටපුරා පැතිර යාමට ඉඩදීම නිසා අද මෙම තත්වය උද්ගතව ඇත…….! දිගින් දිගටම කර ඇත්තේ කොරෝනා ව්‍යාප්ත වීමට ඉඩ ලබා දී ව්‍යාජ සීමා පැනවීමක් පමණකි…….!! දැන් තත්වය බෙහෙවින්ම දරුණු අතට හැරෙමින් පැවතුනද, පාලනය සඳහා නිසි පියවර ගන්නා බවක් නොපෙනේ………..!!! දැන් හෝ මාසයක් පමණ හෝ නිවැරදිව රට වසා දමා ඉදිරියේදී ඇතිවිමය හැකි අති බිහිසුනු තත්වය වළක්වා නොගතහොත්, රටම විසාලා මහනුවරක් වීම වැළැක්විය නොහැකිය…….!!!! වෛරසයක ක්‍රියාකාරීත්වය පිළිබඳව කිසියම් හෝ අවබෝධයක් ඇත්නම් මෙය අවබෝධ කරගත හැකිවනු ඇත…….!!!!! රටේ ආර්ථිකය කඩා වැටේ යැයි පවසමින් නිසි පියවර නොගැනීමේ අවසන් ප්‍රතිඵලය වනුයේ ආර්ථිකය මුලුමනින්ම නතරවීම පමණක් නොව, ජනතාවගෙන් වැඩි පිරිසක් මරණයටද පත්වීමය……..!!!!!!

  3. covid says:

    අනේ මන්දා මේක නං මහ කාලකන්නි ලෙඩක්. අපි කවුරුත් එකමුතුව පරද්දන්න ඕන හතුරෙක්.

  4. E_Gona Vikunuawa says:

    Rata vahagena dangalalane api me raten kali kali vena vena rata valata vikunanne, Economy eka goda ganna. ME mee harak ta therenne naththe Exonomy eka stop unama kohomada mudal sansaranaya venne. Ethakota ape Uddamanaya pissuven vage ihala yanava. This disease cannot be cured by closing the country down, we will have to learn to live with it. Otherwise, we will be lower than a African country when people have nothing to eat, no money, no right for equal education Social problems will rise, and anarchy will start to establish. When the kids are crying for food, and when they have no money stealing killing for money will be the only option left for them, These expert so called doctors only think they can control a disease that brought entire world to knees by effectively locking the entire country down. This world survived this many million years due to natural selection. If we take the vaccine or not, as fate allows it if the day comes for us to leave this world we will have to go. No matter what, So they are acting as if they can live forever. I don’t even understand the logic of 90 year old getting vaccine.

  5. Jagath says:

    ජයවේවා ජයවේවා

Leave a Comment