මාස්පතා පොලිසියේ අත්සන් කරන්නැයි නියම වූ ඇමති පොලිස් පොත ගෙදරට ගෙන්වා ගනී..

November 19, 2020 at 10:00 am | lanka C news
මාස්පතා පොලිසියේ අත්සන් කරන්නැයි නියම වූ ඇමති පොලිස් පොත ගෙදරට ගෙන්වා ගනී..

මාසයකට වරක් පොලිස් පොතේ අත්සන් තැබිය යුතු බවට අධිකරණය විසින් නියම කර සිටින දේශපාලඥයෙකු මේ දිනවල එම පොලිසියේ සටහන් පොත නිවසට ගෙන්වා ගන්නා බවට අද දිනපතා පුවත්පතක් වාර්තා කර ඇත.

මධ්‍යම පළාත නියෝජනය කරන මෙම දේශපාලනඥයාට පසුගිය කාලයේ අධිකරණයේ ගොනු කර තිබූ චෝදනාවකට ඇප ලබා දී ඇත්තේ මසකට වරක් පොලිස් පොතේ අත්සන් තැබීමටයි.

නමුත් ඔහු මේ වන විට ඇමති ධූරයක් ලබා ගත් පසු අත්සන් තැබීමට පොලිසියට නොගොස් පොලිස් නිලධාරීන් ලවා එම පොත නිවසට ගෙන්වා ගන්නා බව එම වාර්තාවේ දැක්වෙයි.

53,560 views

16 Comments to “මාස්පතා පොලිසියේ අත්සන් කරන්නැයි නියම වූ ඇමති පොලිස් පොත ගෙදරට ගෙන්වා ගනී..”

  1. Rony says:

    හිටපු පොලිස් ලොක්කනොද කිව්වේ නීතිය නවන්න පුලුවන් කියලා. දේශපාලකයින් ඉදිරියේ පොලීසිය දන ගනසයි. මේ දේශපාලකයාගේ නම සඳහන් කරනු. මේවා සේරම පැත්තක තියලා හිතන්න යමක් තියෙනවා. එනම් මේ සේරම වෙන්නේ 1948 පසුවයි.

  2. ප්‍රොෆ් අලි බුටෝ says:

    අයියෝ අපේ පොලිස් .
    ලැජ්ජයි නේද ?

  3. Sun says:

    Who is this dirty fellow abusing the power. Good to know his name.

  4. Chatura putha says:

    පොලිස්පතිතුමනි,චෙක් පොතක් වැනි පොතක් සකස් කර මෙවන් පුද්ගයින්ට බාර දෙන්න​.එවිට ඔවුන් මසකට වරක් එහි අත්සන් කර මුද්දරත් නොමැතිව තැපෑලට දමාවි.වැඩේ අහවරයි.

Leave a Comment

Main News