මාස් කන්නයේ බාගයක් අවසන්.. පොහොර මුදල් තාම නෑ.. ගොවීන් අමාරුවේ..
November 29, 2016 at 5:30 pm | lanka C news
මාස් කන්නයේ වසර එක හමාරක් මේ වන විට ගෙවී ගොස් ඇතත් අද වන තෙක් වී ගොවීන් සදහා පොහොර සහනාධාරය හෝ මුදල ලබාදී නැති බව ගොවි සංවිධාන චෝදනා කරති.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ඞී.එන්.එම් ජයතිලක මහතා පවසන්නේ මේ වන විට කන්නය පසුවී මාස එකහමාරක් ගත වී තිබුණද පොහොර සහනාධාරය ඒ වෙනුවෙට දෙන බව කියන මුදල් මෙන්ම ජලයද ලැබී නැති බවයි.
අඩුම තරමේ මෙම මතිය තුලදී පොහොර දැමීමට නොහැකි වුවහොත් කුඹුරු වැඩ අවසන් වූ පසු මඩ පොහොර යොදා වැඩක් නැති බවද ඔහු කියයි.