මාසෙකට ලක්ෂයට වඩා හොයන හිගන්නන්ගෙනුත් බදු ගන්නවා..- මංගල
July 14, 2018 at 10:40 am | lanka C news
රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ලබන හිගන්නෙකුගෙන් වුවද ආදායම් බදු අය කරන්නේ යයි මංගල සමරවීර මුදල් හා ජනමාධ්‍ය අැමතිවරයා පවසයි.
65,000ක් මාසයකට ආදායම් ලබන්නන්ගෙන් මීට පෙර බදු අය කලද නව ක්‍රමය යටතේ ආදායම් බදු අය කරන්නේ 100,000ට වඩා මාසික ආදායම් ඇති පුද්ගලයන්ගෙන් බවත් ඇමතිවරයා සදහන් කරයි.
එසේ සිදු කලේ ඍජු බදු ආදායම වැඩි කිරීමට යයිද ඔහු කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.
මුන් ඔක්කොම දැන් මරු කියවන්නේ.හැම එකාම ප්‍රකාශ දෙනවා.ඔක්කොම බොරු…ඒ මදිවට මාධ්‍ය කාරයෝ මොනාද අහන ප්‍රශ්න…හැම එකගෙන්ම අහනවා ගෝටා ද එන්නේ කියල …මාධ්‍ය ත් නිකන් විකාරයෙන්දොඩවනවද මන්ද
පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ පඩිය වැඩිකර ලක්ෂයක දීමනාවකුත් දෙන්න අගමැතිගෙන් යෝජනා
ලෝකයේ විශාලතම ඇමැති මණ්ඩලයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ බව ගිනස් වාර්තා වෙබ් අඩවිය සඳහන් කරයි.
රුපියල් ලක්ෂයක පඩියක් මන්ත්‍රීවරයෙකුට ජීවත් වීමට නොහැකි බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
වෙනස සැපද?
මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රුපියල් පනස් හතරදහස් පන්සිය විසි පහ (54525)කි. ප්‍රවාහන දීමනාව රුපියල් දස දහස (10000)කි. සංග්‍රහ දීමනාව රුපියල් දහස (1000)කි. ජංගම දුරකථන දීමනාව රුපියල් දෙදහ (2000)කි. පාර්ලිමේන්තු රැස්වීම් දීමනාව එක් දිනක් වෙනුවෙන් රුපියල් පන්සියය (500)කි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්ය මණ්ඩලය සඳහා පස් දෙනකු බඳවා ගත හැකි අතර ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් වැටුප් ගෙවනු ලැබේ. ස්ථාවර දුරකථන දෙකක් සෑම මන්ත්‍රිවරයෙකු වෙනුවෙන්ම ලබා දෙන අතර එහි මාසික බිල්පතද පාර්ලිමේන්තුවෙන් ගෙවනු ලබයි.
අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් ලබා දෙන කාර්ය මණ්ඩලය මීට වඩා වැඩිවේ. එසේම මන්ත්‍රීවරුන් වෙනුවෙන් තීරු බදු රහිත වාහනයක් ගැනීමට බලපත්රයක්ද හිමිවන අතර ලක්ෂ 300 දක්වා බදු සහන හිමිවනු ඇත.
මන්ත්‍රීවරයාගේ වාහනය වෙනුවෙන් මාසික ඉන්ධන දීමනාවක් හිමිවන අතර මන්ත්‍රීවරුන් නියෝජනය කරන දිස්ත්‍රික් මට්ටම අනුව මෙම දීමනාව වෙනස්වේ. කොළඹ දිස්ත්‍රික්කයට රුපියල් දහඅට දහස් අටසිය හතළිස් පහක්ද, කළුතර හා ගම්පහ දිස්ත්‍රික් සඳහා රුපියල් විසිතුන් දහස් හයසියයක්ද, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා රුපියල් විසි අටදහස් තුන්සියයක ඉන්ධන දීමනාවක් හිමිවේ. තවද මාතලේ, පුත්තලම, මාතර, නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා රුපියල් තිස් දෙදහස් නවසිය අනූවක දීමනාවක්ද, පොළොන්නරුව, බදුල්ල, හම්බන්තොට, වව්නියාව, මොනරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, කිළිනොච්චිය යන දිස්ත්‍රික්ක සඳහා රුපියල් තිස් හත්දහස් හත්සිය හතළිස් පහක්ද ඉන්ධන දීමනාව ලෙස මන්ත්‍රීවරුන්ට ගෙවනු ලබයි.
මාසික ඉන්ධන දීමනාවට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත ජිවත් වෙන සෑම මන්ත්‍රීවරයෙකුටම මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්ණයේ නිවසක් වෙන් කර තිබේ. මීට අමතරව රුපියල් ලක්ෂ 50ක රක්ෂණයක්ද මන්ත්‍රීවරුන්ට හිමිය. රක්ෂණය හැරුණු කොට පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් නොමිලේ ප්‍රතිකාර ලබා දෙන අතර මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඖෂධ වර්ගද ගෙන්වා දේ. ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක්ද පාර්ලිමේන්තුවේ ස්ථාපිත කොට තිබෙන බැවින් මන්ත්‍රීවරුන්ට මෙමගින්ද නොමිලේ සේවය ලබාගත හැකිය. මන්ත්‍රී භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන්ට ආහාර ලබා ගත හැකි සේම තමන්ගේ ආගන්තුකයන්ද රැගෙනවිත් ආහාර ලබා දීමේ පහසුකම්ද පවතී. මන්ත්‍රීවරයෙකුට දිවා ආහාරය වෙනුවෙන් රුපියල් 150ක මුදල් මන්ත්‍රී වැටුපෙන් කපා ගත්තද ඔවුන්ට අවශ්‍ය ආහාර වර්ගයක් ඇනවුම් කිරීමේ හැකියාවද පවතී.
මේ කතාව ඇත්ත.හැබැයි මෙතන වෙනස සැපද කියන එක ගැලපෙන්නෙ නෑ. මොකද මොන ආණ්ඩුව හිටියත් උන් උන්ගෙ දීමනා,පඩි වැඩිකරගන්නවා. අනික මේ දීමනා පඩි වැඩිවීම්වලට වරප්‍රසාද වලට කෙහෙල්මුව මන්ත්‍රීලා විරුද්ධ නම් අදාල වරප්‍රසාද ප්‍රතික්ෂේප කලහැකියි.නමුත් එහෙම කරනවද? නෑනේ. එතකොට යහපාලන ආණ්ඩුවට විතරක් අැඟිල්ල දික්කරන්නෙ කොහොමද?
siyaluma badu walin nidahas oba samanalayek nam.