මාස එකහමාරකට ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ණයක් ගනී..

October 17, 2021 at 10:40 am | lanka C news
මාස එකහමාරකට ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ණයක් ගනී..

මෙරටට ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාවෙන් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත මෙම ණය මුදල ලබා ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් හා ඉන්දීය බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරුන් අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ මසක ඉන්ධන වියදම ලෙස ඩොලර් මිලියන 350ක් පමණ වන අතර මෙම මුදලින් මාස එකහමාරකට පමණ ඉන්ධන මිලදී ගැනීමට හැකිය.

15,791 views

3 Comments to “මාස එකහමාරකට ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ණයක් ගනී..”

  1. බිංකුණ්ඩා says:

    ආණ්ඩුවත් දැන් අපි ගානට වැටිලා. එදාවේල ටුවර්ස්

  2. අවුළුපත් පෙරේතයා says:

    කහකඩධාරී හොරිකඩ ලවුඩ්ස්පීකර් හැත්ත නිහඬයි..

  3. Gembanpila says:

    Trinco thel tanki tika denna wei wage. Aththikaaramda danne naha!

Main News