මාස එකහමාරට ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු ගහලා.. උද්ධමන පිම්මක් අත ලග..

May 23, 2022 at 3:50 pm | lanka C news
මාස එකහමාරට ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු ගහලා.. උද්ධමන පිම්මක් අත ලග..

ගතවූ මාස එකහමාරක පමණ කාලය තුළ දී රජය විසින් රුපියල් බිලියන 244 ක පමණ වටිනාකමින් යුත් මුදල් අච්චු ගසා එම මුදල් භාණ්ඩාගාර බිල්පත් සඳහා එකතු කර ඇත.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට ද මුදල් අච්චු ගැසීම හැර විකල්පයක් නොමැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද මෑතකදී පැවසීය. නමුත් මුදල් අච්චු ගැසීම තම ප්‍රතිපත්තිය නොවන බවද ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් තම දිගින් දිගටම මුදල් අච්චු ගැසීම හමුවේ නුදුරේදීම රට තුළ මතුපිට උද්ධමනය සැලකිය යුතු ඉහළ යාමක් දැකිය හැකි වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියා සිටිති.

41,401 views

10 Comments to “මාස එකහමාරට ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු ගහලා.. උද්ධමන පිම්මක් අත ලග..”

  1. dev says:

    කබ්රාල් නෙවේ නෙ දැන් ඉන්නෙ. නන්දලාල් මහත්යා නෙ.එතකොට එහෙම වෙන්නෙ නෑලු

    • Hkgf says:

      Oya gobba kabralaya allala hire daanna oone.

      • dev says:

        කබ්‍රාල් හිටියනම් මේක ගොඩ දානව.

    • Name says:

      මේ වගේ කමෙන්ට් දැක්කහම හිතෙනව මොන තරම් මෝඩ මිනිස්සු internet use කරනවද කියල. සන්නස්ගලල කිව්වට ස්මාට් ෆෝන් අතේ තියෙන අලුත් පරම්පරාව හෙන politically aware, බුද්ධිමත් කියල internet භාවිතා කරන සැලකිය යුතු ප්‍රමාණෙක බුද්ධි මට්ටම තමා මේ කමෙන්ට් එකෙන් පෙන්නන්නෙ. ලංකාවට ඊලඟ ජෙනරේශන් එකේදිවත් ගොඩඒමක් නෑ

      • ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

        ගණන් ගන්න එපා මචං. මේකේ කොමෙන්ට් කොටන වහල් සෙට් එකක් ඉන්නවා. උන්ට හම්බෙන මඟුලක් නෑ. හැබැයි නිවටකමට කඩේ යනවා.
        මේ වගේ කොහොමටත් 10% ක් වගේ පිරිසක් ඉන්නවා. බහුතරය කියන්නේ මුන්ට නෙවේ.

        • නිවහල් says:

          මෙතන කමෙන්ට් කොටන නිවහල් පිරිසක් නම් ඉන්නවා.
          74වසරක සාපයේ කොටස්කරුවන් වන මේ පක්‍ෂ වල වහල්ලු ඒ අයට චෝදනා කරනවා වහල්ලු කියා.පලමුව උඹලා වහල්භාවයෙන් මිදියල්ලා.

    • නිර්පාක්ෂික Duleeka says:

      තව ටිකක් වැඩි පඩි ඉල්ලලා බුරන්න කියපල්ලා අර ජෙපි යුනියන් කාරයන්ට…කොවිඩ් එකෙන් පස්සෙ ස්ට්‍රයික් කරල පඩි වැඩි කරගත්ත හැත්ත බුරුත්ත ඔක්කොම වග කියන්න ඕනෙ මේකට…කොන්ද කෙලින්තියාගෙන ගිනි තියන්න ඕනෙ මුන්ව

  2. සෞභාග්‍යය කරා says:

    පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට ද මුදල් අච්චු ගැසීම හැර විකල්පයක් නොමැත

  3. Debt Trap says:

    ලාංකීය ජනතාව බඩගින්නේ තබා, මරණයට කැපකර කරන අමානුෂික ණය ගෙවිල්ල වහා නවතා දමන්න කියා පිරිසක් කරපු සටනක ප්‍රතිඵලයක් ලෙස මහබැංකුවට සිදුවුනා ණය ගෙවිල්ල අත් හිටවන්න.
    IMF, World Bank වුවමනාවට රනිල්ව නැවතත් ගෙන ආවේ මිනිසුන්ගේ බොටුව මිරිකා නැවතත් මේ අමානුෂික ණය ගෙවිල්ල ආරම්භ කරන්නයි. දැන් යක්ෂයාගේ හෝරාවයි.
    සජිත් අනුර පාඨලී විමල් ගම්මන්පිල මේ හැමෝම සර්වබලධාරී රනිල් විකුම්සිංහ සමග එකතු වී දැනට අත්හිටුවා ඇති “අමානුෂික ණය ගෙවිල්ල” ආරම්භ කරන්නයි යන්නේ.
    ජනතාවනී මොවුන්ට එරෙහිව නැගී සිටින්න.

  4. john the Baptice says:

    මුන් සල්ලි අච්චු ගහලා බැංකුවෙන් පිට තිබෙන විදේශ මුදල් මිලදී අරන් වගේ පේන්නේ

Main News