මාස ගණනක් එකම දිනක්වත් සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයක් පූර්ණ වැටුප අරන්..

August 28, 2021 at 5:30 pm | lanka C news
මාස ගණනක් එකම දිනක්වත් සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයක් පූර්ණ වැටුප අරන්..

වසරකට වැඩි කාලයක් තිස්සේ එකම දිනයක් සේවයට වාර්තා නොකග ගුරු විදුහල්පතිවරුන්ද ගෙවුණු මාස හයේ දී එකම දිනයක් හෝ සේවයට වාර්තා නොකළ රාජ්‍ය සේවකයන්ද විශාල පිරිසක් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හෙළිදරව් කරගෙන තිබේ.

නමුත් ඒ සියලු දෙනාටම නියමිත වැටුප් ගෙවා ඇතැයි ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වාර්තා කලේය.

ඇතැම් විධායක ශ්‍රේණි නිලධාරීන් පැට කිහිපයක් පමණක් සේවයට වාර්තා කර ප්‍රවාහන සහ ඉන්ධන දීමනාව ලබාගෙන තිබේ.

ඔවුන් සේවා ස්ථානයේ රැඳී සිට ඇත්තේ පැය දෙක තුනක් පමණි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඇතැම් පෞද්ගලික ආයතන ගත වූ කාල සීමාව තුළ වැටුප් ගෙවීම සීමා කර ඇත.

පුද්ගලක ආයතනඅති බහුතරයක් මෙම කාල සිමාවේදී මූලික වැටුප් පමණක් හෝ අඩ වැටුපක් පමණක් සේවකයනට ගෙවා තිබේ.

81,024 views

49 Comments to “මාස ගණනක් එකම දිනක්වත් සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයක් පූර්ණ වැටුප අරන්..”

  1. එදා වේල හොයාගන්න මිනිස්සු says:

    උගත් බුද්දිමත් ගුරුවරු දෙන් අවුරුදු 2කයි මාස 7ක් නිකන් ගෙදර ඉදන් පඩි ගන්න වා .මිනිස්සු න්ගෙ සාපේ වෙදිල ලේ බඩ නොගියොත් තමයි පුදුමේ

    මීට පාසල් නොගිය අකුරු නොදන්න ගාමන්ට් කෙල්ලෙක් .

  2. සකු says:

    රජයෙ සෙවකයන් හා විස්‍රාම වෙටුප් ගන්න 80%ක්ම පවතින රජ්යට බනිනවා හා විවෙචනය කරනවා ( මොන පක්සය උනත් කමක් නෙහේ පවතින ආන්ඩුවට )
    මේක තමා අද හා හෙට රජයෙ සේවකයන් ගේ තත්ත්ව ය.

  3. සකු says:

    මේක ට කොමෙන්ට්ස් දාන්න බෙහෙ දාපු ගමන් උගත් බුද්දිමත් පාසල් ගිය කට්ටිය අපිට අවලාද නගනවා.

    මීට පාසල් නොගිය ගාමන්ට් කෙල්ලෙක්

  4. විධායක says:

    විධායක නිලධාරීන් සමහරක් තෙල් දීමනාව ගන්න බස් එකේ කට්ට කාගෙන එන සරළව කිවේවොත් පියොන් මහත්වරුන්ගේ සහ අවශේෂ නිලධාරීන්ගේ ජීවිත පරිදුවට තබනවා. සමහරක් මාණ්ඩලික නිලධාරීන් කාර්යාලයෙන් දෙන පිං සමූහ වාහන වල ඇවිත් අනිත් සේවකයන් ට පාර්ට් දානවා. කොරෝනා කාටත් බෝවෙනවා. කවුරුත් ආසයි ලෙඩේ නොහාදාගන්න.

  5. rplcrandeni says:

    cut 2/3 salary of Executive officers, Who always claim 90% benefits. Scholarships, Transport , Quatres even sexual bribes, Majority does not take any risk. Just sit in AC rooms.

Main News