මාස තුනකදී යාපනයේ දමිළ තරුණ තරුණියන් 1600 ක් යුදහමුදාවට බැදිලා..

April 16, 2021 at 8:02 am | lanka C news
මාස තුනකදී යාපනයේ දමිළ තරුණ තරුණියන් 1600 ක් යුදහමුදාවට බැදිලා..

2021 වසරේ ගෙවී ගිය මාස 03 ක කාලය තුලදී පමණක් යාපනය දිස්ත්‍රීක්කයේ දමිළ තරුණ තරුණියන් 1600 ක් පමණ යුදහමුදාවට බැඳී ඇති බවට යුදහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේය.

යුදහමුදාපති තුමන් මේ බව පවසා සිටියේ යාපනය ආරක්ෂක සේනා මූළස්ථානයේදී අවුරුදු සමයේදීද කොවීඩ් වෛරසයෙන් ජනතාව ආරක්ෂා කරවීම සඳහා ජනතා මෙහෙවරක යෙදී සිටින යුදහමුදා සෙබලුන් වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවති අවුරුදු සුභපැතුම් උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැකුවූ යුදහමුදාපතිතුමන් පවසා සිටියේ,

‘තවමත් බෙදුම්වාදී මත දරණ විවිධ පුද්ගලයින් හා කණ්ඩායම්වල බලපෑම් එල්ලවෙමින් තිබියදීත් යාපනය අර්ධද්වීපයෙන් මේ ආකාරයෙන් දමිළ තරුණ තරුණියන් යුද්ධ හමුදාවට ආධුනිකයින් වශයෙන් බැඳීමට ඉදිරිපත් වීම අප ලැබූ ජයග්‍රහණයක් බව සතුටින් සඳහන් කළ හැකියි. මෙම අර්ධද්වීපය තුළ යුද හා ගුවන් හමුදා සාමාජිකයන් 7000 කට ආසන්න පිරිසක් මගින් නිරෝධායන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පහසුකම් මහජනයාට සලසවමින් මූලිකත්වය ගෙන කටයුතු කිරීම මා විශේෂයෙන් අගය කිරීමට කැමතියි. එසේම, ඉතා විශාල කැපකිරීමක් සිදුකරමින් දිවා රෑ නොබලා සිදුකරනු ලැබූ මෙම කාර්යය තවමත් අවසන්ව නැතත් ඔබ සිදුකරන කාර්යභාරය මුළුමහත් ජාතියේම ඇගයීමට ලක්ව තිබෙන බව මා ඔබට පැවසිය යුතුයි.”

‘“දමිළ ජනතාව බහුතරයක් වාසය කරන යාපනය අර්ධද්වීපය ඉතිහාසයේ සිටම රටේ විශේෂ අවධානයක් යොමු වී තිබෙන ප්‍රදේශයක් බව අපි හොඳින් දනිමු. ඔබ රාජකාරි කරන යාපනය අර්ධද්වීපය එදා මෙන්ම අදත් අප රටේ පමණක් නොව විදේශ රාජ්‍යයන්හිද නිරන්තර අවධානයට පාත්‍ර වී තිබෙන බව සඳහන් කළ යුතුයි. වර්ථමානයේ යාපනය අර්ධද්වීපයේ පවතින සාමකාමී පරිසරය ඇතිකිරීම වෙනුවෙන් තිරුනෙල්වේලි ප්‍රදේශයේදී ප්‍රථමවරට එල්ටීටීඊ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගිය යුද්ධ හමුදාවේ ලුතිතන් වාස් ගුණවර්ධන ඇතුළු රණවිරුවන් 13 දෙනාගේ පටන් ජීවිත පරිත්‍යාග කළ යුද, ගුවන් හා නාවික හමුදාවන්වල සියලුම වීරෝදාර රණවිරුවන්ට මා නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. එසේම, මෙම ප්‍රදේශයන් ආරක්‍ෂා කිරීමේ මෙහෙයුම් වලදී ප්‍රතිකාර ලබන රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමටත් මෙම අවස්ථාව යොදාගන්නා බව” යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

මෙම අවස්ථාවන්ට යාපනය ,වන්නි, කිලිනොච්චිය සහ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානන්හි ආඤාපතිවරුන්ද සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,165 views

11 Comments to “මාස තුනකදී යාපනයේ දමිළ තරුණ තරුණියන් 1600 ක් යුදහමුදාවට බැදිලා..”

  1. බය්යන්ට මොලයක් ජාතික ව්‍යපාරය says:

    ස පටිට ෆේල්

  2. Nimal says:

    ඔබට රාවණා රජුගේ ශක්තිය ලබෙන්න ඕනෑ බුදු සරනයි මහා පෙරළියක…දැවැන්ත පිබිදීමක..කස හඩ ඇසෙමින් පවතී..අයාලේ යන ජාතියක නෙත් විවර වෙමින් පවතී..සැබෑ හෙළයන්ගේ ගර්ජනා මෙලෙස මතුවෙමින් පවතී…එය සිදුවෙමින් පවතී….

  3. Aurora says:

    සතුටුයි, එක රටක් විධියට සියළුම ආයතනවල සියළුම ජනවර්ගවල නියෝජනයක් තිබිය යුතුයි. ඒ වගේම රාජකාරියේදී යම් ජනවර්ගයකට අයථා වාසියක් හෝ අගතියක් වන පරිදි කටයුතු කිරීම යන වරද සිදු නොකරන්න පෙළඹවීම සඳහා අවශ්‍ය නීති පැනවිය යුතුය. මෙහිදී ජාතිය, ආගම, කුලය, ප්‍රදේශ භේද, වෘතියම ගැතිකම්, ස්ත්‍රී, පුරුෂ වෙනස්කම් සියල්ලම සමතලා කලයුතුය.

  4. Rajinda says:

    හමුදාවට බැදුණු පමණින්ම සමහරක් අදහස් වෙනස් නොවෙන්න පුළුවන්, එහෙම උනොත්නම් ඉතින් දෙයියන්ගේම පිහිටයි.

  5. චන්ඩි කොල්ලා says:

    අරුන් සිද්ධාර්ථන් වගේ සිංහ කොඩියට ගරුකරන සාම්ප්‍රදායික ද්‍රවිඩ දේශපාලනඥයන් විසින් සිදුකරන වංචාකාරී දේශපාලනය තේරුම් ගත්ත ද්‍රවිඩ තරුණයෝ හමුදාවට බැඳෙන එක ඉතාම හොඳ ප්‍රවනතාවයක්.එය අගේ කලයුතුවා මෙන්ම එසේ බැඳෙන අයට සහෝදරත්වයෙන් සැලකිය යුතුයි.

  6. sunimal says:

    මේ සියලු දෙනාම තමන් උපන් රටට ආදරය කරන අයයි. අපේ ප්‍රණාමය. සියලුදෙනා එක්සත් වී රට ගොඩනගමු ජය ශ්‍රී.

  7. Maha Sinhale says:

    අපි පොහොට්ටුවට චන්දෙ දුන්නෙ මේවා බලන්න නෙවේ.

  8. Sunil says:

    May be a plan to infiltrate the army in which case god only knows the consequences. Not a matter to be proud.

  9. sumudu says:

    තව ටික කාලෙකින් මේ 1600 එළියට පැනලා කැලේ වැදුනොත් ” බඩුම තමා ” . ඒ ගැනත් විමසිල්ලෙන් ඉන්ඩ ඔබ තුමා

Main News