මාස තුනකින් මිනිසුන් රැසක් මිය යනවා…- අමරවීර

May 5, 2022 at 3:23 am | lanka C news
මාස තුනකින් මිනිසුන් රැසක් මිය යනවා…- අමරවීර

තවත් මස තුනක් ගත වූ විට රටවැසියන් රැසක් මිය යනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ අන්තර්ජාලය නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අනතුරු ඇඟවීම් සිදු කළ බවත් එම අනතුරු ඇඟවීම් කිසිවක් ගණන් නොගනිමින් තම පක්ෂයට අපහාස කරමින් පොදුජන පෙරමුණ ඒ පිරිස හැසිරුණු බවත් මහින්ද අමරවීර මහතා මෙහිදී අවධාරණය කර ඇත.

ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ හිඟකමින් ඉදිරියේදී විශාල පිරිසක් මිය යනු ඇති බව පෙන්වාදුන් අමරවීර මහතා මේ සඳහා ඇති එකම විසඳුම සර්ව පාක්ෂික පාලන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම බව අවධාරණය කරයි.

රාජපක්ෂ පාලනය විසින් විනිවිද ප්‍රසම්පාදනය ක්‍රියාවලියෙන් ගෙන් බැහැර දූෂිත ගනුදෙනු සිදු කළ අවස්ථා රැසක් ඇති බව සඳහන් කළ අමරවීර මහතා එම අවස්ථාවන් වලදී ඊට එරෙහිව හඬ නැගුවා නම් ඇතැම් විට අද තමන් ජීවතුන් අතර නොසිටින්නට ඉඩ තිබූ බවද පැවසීය.

රටේ අභ්‍යන්තර අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් බිහි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය පක්ෂය අත්වැල් බැඳ නොගන්නේ නම් තම පක්ෂය ද පොදුජන පෙරමුණ ප්‍රමුඛය ආණ්ඩුව සමඟ කිසිදු එකඟතාවයකට නොපැමිණෙන බවද ඔහු මෙහිදී අවධාරණය කරයි.

126,733 views

30 Comments to “මාස තුනකින් මිනිසුන් රැසක් මිය යනවා…- අමරවීර”

  1. Ratawasiya says:

    Because of your good work only people are dying. We can remember very well that you have been a minister in all the governments since 2005.

  2. Sara says:

    Danwath oya bas kondostara katawa navaththanna. Kiyana aya, eyalage thaththa, sahodarayo loku managerlada? Mage putha loku dosthara kenek Europa wala. Namuth igana ganna kale eya hotalayaka cleaning vada kala. Eyata kavruth kiyanne ne cleaner kiyala. E nissa karuna karala oya jara katha keemen walakinna. Lankawe minissunge pahath manasikathwaya, Oya nisa thanai ratata kavadawath wagathuwak naththe..

  3. Independance View says:

    අද සිදුවීම ඇතුළු සියළු අර්බුධ වලට ඔබත් වග කිවයුතුයි. කරුණාකර නාට්‍ය හා රංග කලාව නවතා විසදුම් සොයන්න. බැරිනම් ඉවත් වන්න .

  4. ලෝක බලවතා says:

    කමක් නෑ උබලා ජීවත් වෙලා හිටියනම් ඇති.

  5. RITIGALA says:

    කමක් නෑ උබලා ජීවත් වෙලා හිටියනම් ඇති…..covid eketath ohoma thama kiwwe

Main News