මාස හයක් ඇතුලත වොක්ස්වැගන් රථයක් නිෂ්පාදන නොකලොත් එම ඉඩම නව රජය පවරා ගන්නවා..- මහින්ද
October 18, 2019 at 3:22 am | lanka C news
ජනාධිපතිවරණයෙන් පසු මාස 6ක කාල සීමාව ඇතුළත කුලියාපිටිය වොක්ස්වැගන් කර්මාන්තශාලාවේ වොක්ස්වැගන් රථයක් නිෂ්පාදනය නොකළහොත් අදාළ ඉඩම වහාම රජයට පවරා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
වාහන නිෂ්පාදනය කර්මාන්ත ශාලා යයි කියමින් රටේ ඉඩම් මංකොල්ල කෑමට ඉඩ දිය නොහැකි බවද ඔහු පැවසීය.
රාජපක්ෂ මහතා මෙම අදහස් පල කරන ලද්දේ කුලියාපිටියේදී පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.