මාස හයක් තුල උතුරින් හමුදාව ඉවත් කරගනු..- TNA ආණ්ඩුවට දින දෙයි..
May 23, 2017 at 4:40 pm | lanka C news
උතුරු පළාතේ රදවා සිටින අමතර හමුදා භට පිරිස මාස හයක් තුලදී ඉවත් කර ගත යුතු බව එම්.කේ. සිවාජිලිංගම් දෙමළ සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරයා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ යාපනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වලිකාමම් උතුරේ අක්කර 4000ක ප්‍රදේශයක හමුදාව බලහත්කාරයෙන් අල්ලාගෙන ඉන්නා බවද කී ඔහු අක්කර 600-700ක් හමුදාවට හොඳටම ප්‍රමාණවත් බවත් මෙම ප්‍රදේශයන්හි සිටින වැඩි හමුදා පිරිස වහාම මාස 6ක් තුළ උතුරු පළාතෙන් ඉවත් කර ගත යුතු බවද ඔහු කියා සිටියේය.