මාස 03කින් ලංකාවේ කොරෝනා පාලනයේ.. ඉන් පසු සාමාන්‍ය ජීවිතය.. රජයේ නිල සැලසුම මෙන්න..

April 23, 2021 at 10:02 pm | lanka C news
මාස 03කින් ලංකාවේ කොරෝනා පාලනයේ.. ඉන් පසු සාමාන්‍ය ජීවිතය.. රජයේ නිල සැලසුම මෙන්න..

ඉදිරි ජූලි අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්පූණයෙන්ම පාහේ පාලනය කළ හැකි වනු ඇතැයි රජය විශ්වාසය පල කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ බව කියා සිටියේය.

මෙම තත්ත්වයට ළඟා වීමට නම් ශ්‍රී ලංකාවෙන් 60% ක ජනගහනයක් එන්නත් කරණයට ලක් විය යුතු බවත් ඒ සඳහා දැනටමත් ලොව ප්‍රධාන එන්නත් නිපදවන සමාගම් හතරක් සමග ගිවිසුම් ගත වී අවසන් බවත් ඒ මහතා සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, රුසියාවේ ස්පුට්නිට්, ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා, ෆයිසර් බයෝටෙක් සමග දැනටමත් අවශ්‍ය පරදි ගිවිසුම් ගත වී අවසන් යයිද කී ඔහු එම එන්නත් මාත්‍රාවන් අනුව මෙරට අවශ්‍යතාවය ඉක්මවන එන්නත් මාත්‍රාවන් ලැබෙනු ඇතැයිද පැවසීය.

ඒ අනුව මෙරට ජනතාවට යම් සීමා සහිතව ජීවිත රටාව පවත්වා ගත යුතුව ඇත්තේ ඉදිරි මාස තුනක කාලයේදී පමණක් බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් වෛරසයේ වෙනස්වන සුළු තත්වය හා එන්නත්වලට ප‍්‍රතිචාර දක්වන ස්වභාවයද මෙය වෙනස් විය හැකි යයිද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

64,749 views

22 Comments to “මාස 03කින් ලංකාවේ කොරෝනා පාලනයේ.. ඉන් පසු සාමාන්‍ය ජීවිතය.. රජයේ නිල සැලසුම මෙන්න..”

  1. උපාසක says:

    හැමදේටම දේශපාලනය …. ඇයි දෙයියනේ රටට යහපතක් වෙනවානම් ශ්‍රී ලාංකිකයන් විදිහට ඒක සාර්ථක වේවා කියලා හිතන්න බැරි. මේ වගේ උන් ඉන්නකම් රටක් විනාශ වෙන එක අහන්නත් දෙයක්ද?

    • Nuwan says:

      හොඳයි තමා උපාසකයො..හැබැයි උඹට හිතෙන්නෙ නැද්ද මුන් කරන්නෙත් දේශපාලනේ කියලා..පළවෙනි රැල්ලෙ ඉඳන් අද ඉවරයි හෙට ඉවරයි කියලා මිනිස්සු රවට්ටනවා ලොක්කන්ගෙ වුවමනාවට..ලැජ්ජයි මෙහෙම උගත් මිනිස්සු කඩේ යද්දි

  2. Aurora says:

    එන්නත් වලින් කරන්න බැරි මගුල මුන් කරන්න යන්නෙ කොමිස් ගහන්න. ආන්ඩුවේ උඩින්ම්ම ඉදන් මෙහෙයවන්නේ කොමිස් කාක්කෙක්නම් ඒ ගැන බයවෙන්න එපා, වැඩේ ගානටම දේවි. ලoකාවෙ ජනගහනයටත් වඩා බඩු ගෙනේවි. බල්ලො පූසන්ටත් එන්නත් දේවි.

    • Nalin says:

      Mokakda booruwo tho ennath walin karanna behe kuyanne? Balapiya ennath krana wade hariyata karapu UK walai Israel walai corona kochchara hondata adu welada kiyala.

  3. සිසිල් සුදේශ් says:

    මුන්ට සැලසුමක් තිබුණා නමි අවුරුදු කාලෙට සති දෙකකට කලියෙන් ලොක් ඩවුන් කරන්න නේ තිබුණේ. ඒක නොකර වසංගතේ පැතිරෙන කල් ඉඳලා මාස තූනක් ඕනැලූ. ඔළුව ඉදිමිච්ච මිනිහෙක් මුල් පුටුවට යවපු අපි තමයි ත
    ගොන්නු.

  4. Gihan says:

    කෝ අර පැණි බයියෝ සෙට් එක? බලාපියව් මෙතනත් කතා වෙන්නේ එන්නත් කරන එක ගැන මිසක් උඹලාගේ මහ ලොකු හෙලු වෙජකම ගැන එක වචනයක් කතා කරාද? හූ.. හූ.. තොපි මෙතන හෙලු ඔසු හෙලු ඔසු ගගා පුප පොළවේ ගහගෙන මැරෙන්න හැදුවට කවුරුවත් තොපි කියන ඒවා පඩේකට මායිම් කරන්නේ නෑ. තොපිම පත් කරපු බයි ආණ්ඩුවම තොපිට අරිනවා නේද? දැන් ඉතින් උඹලා කොච්චර අඬා වැලපුණත් ආයේ පැනිය එන්නේ නැහැ. පැණි බාසුත් වැඩේ දැන් අත ඇරලා දාලා ඉන්නේ. ඒක නිසා මෙතන වැළලෙන්න හදන්නේ නැතිව එන්නත දෙනකොට ගිහින් විද ගනිල්ලා.

  5. Felix says:

    Mee Minihath Kiyanne Liyala Dunna Kole Balagen Misak…. Minihage Danumen Hari… Karana Lada Paryeshana Thulin Novai…. Ada Mee Niladareen Okkoma Pabmain Wage….. Kiyana Eka Liyala Dena Eka Kiyawanna One…

  6. baiya says:

    thanathuruwalata salliwalata kuliyata kahina thawath minihek

Main News