මාස 06කට කලින් තිබුනා නම් මා මෙතන නෑ..- අගමැති

January 14, 2020 at 8:40 am | lanka C news
මාස 06කට කලින් තිබුනා නම් මා මෙතන නෑ..- අගමැති

දරුවන් වෙනුවෙන් කළයුතු යුතුකම් ඉටු කිරීමට පසුබට නොවන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ (13) කොළඹ තර්ස්ටන් විද්‍යාලයට වසර 70ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේ පැවැති උත්සවයකට එක් වෙමිණි.

තර්ස්ටන් විද්‍යාලයට වසර 70ක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කරතිබූ උත්සවයට පැමිණි අග‍්‍රාමාත්‍යවරයා ආදි සිසුන් විසින් පිළිගනු ලැබූ අතර හැත්තෑ වසරක් තර්ස්ටන් දරුවන්ට සෙවන සදන විසල් නුගරුක මෙන්, අනාගත දූ දරුවන්ට සෙවන සදනු ස`දහා අග‍්‍රාමාත්‍යවරයා අතින් නා පැළයක් සිටුවීමද මෙහිදී සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

තර්ස්ටන් විද්‍යාලයට වසර 70ක් සපිරෙන මේ අවස්ථාවේ වචන කිහිපයක් කතා කරන්න හැකිවීම ගැන සතුටුයි. මේ උත්සවය මීට මාස 06ට කළින් තිබුණා නම් මට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. විදුහල්පතිවරයා වැඩබලන විදුහල්පතිවරයෙක් නිසා මට ආරාධනා කරන්නෙත් නැහැ. කාලයක් මේ පාසල තිබුනේ වෙනත් පාසල්වලින් අස්කරන ළමයින් ඇතුළත් කර ගන්න පාසලක් වගෙයි. ඒ යුගය දැන් අවසන්. මේ පාසල කී‍්‍රඩාව, අධ්‍යාපනය, සෞන්දර්යය වැනි සෑම අංශයකින්ම ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ නිසා දෙමව්පියෝ තර්ස්ටන් විද්‍යාලයට දරුවන් ඇතුළත් කරගන්න දැඩි උත්සාහයක් ගන්නවා.

මේ පාසල දවසින් දවස දියුණු වෙනවා දැකීම පාසලේ ආදි සිසුන්ගේ බලාපොරොත්තුවයි. ආදි සිසුන් පාසලේ කටයුතු වෙනුවෙන් දක්වන දායකත්වය අපි අගය කරනවා. පාසල වෙනුවෙන් අපෙන් විය යුතු යුතුකම් ඉටු කරන්න කිසිවිටෙකත් පසුබට නොවන බවත් මේ අවස්ථාවේ විශේෂයෙන් ස`දහන් කරනවා. ඒ වගේම තර්ස්ටන් විද්‍යාලය දිවයිනේ විශිෂ්ඨතම පාසලක් වේවා යි ප‍්‍රාර්ථනා කරනවා.

මෙම අවස්ථාවට අධ්‍යාපන කී‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්. එම්. එම්. රත්නායක මහතා, ඇතුළු ආදි සිසුන්ද, පාසල් සිසුන්ද සහභාගි වූහ.

විජයානන්ද හේරත්
අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

29,669 Viewers

One Comment to “මාස 06කට කලින් තිබුනා නම් මා මෙතන නෑ..- අගමැති”

  1. Manoj says:

    Jaya weewaaa.. Thurstan College eke Keeerthimathma Aadhishishashayaa..

Leave a Comment

Main News