මාස 06 බිලිඳා සහ පෙම්වතිය මරා නිවසේම පුච්චයි.. නරුම පෙම්වතා අත්අඩංගුවට..

August 8, 2021 at 1:20 pm | lanka C news
මාස 06 බිලිඳා සහ පෙම්වතිය මරා නිවසේම පුච්චයි.. නරුම පෙම්වතා අත්අඩංගුවට..

වව්නියාව මරදන්කුලම් මුරුගන්ඌර් ප්‍රදේශයේදී නිවසක් තුල මාස 06 ක් වයසැති බිළිඳා සහ පෙම්වතියගේ ගෙල මිරිකා ඝාතනය කොට නිවසේම පුලුස්සා දැමූ පුදගලයෙකු වසර 06 කට පසුව අද (08) දින අත්අත්අඩංගුව ගත් බවට වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

2015 වසරේ අගොස්තු මස සිට අතුරුදහන් වු කාන්තාව හා බිළිඳා පිළිබඳව ඥාතීන් විසින් කිලිනෝච්චියේ පිහිටි මානවහිමිකම් කාර්යාලයට දැනුම් දිමෙන් පසුව ඒ පිළිබඳව වව්නියාව කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අදාල අතුරුදහන් වීම පිළිබඳව වසර තුනක පමණ කාලයක් පූර්ණ පරික්ෂණයකින් අනතුරුව ඝාතකයා හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙලෙස පාපොච්චාරණය කොට ඇත.

28 හැවිරිදි සැකකරු ඝාතනයෙන් පසු අවස්ථා දෙකකදී විදෙස්ගතව සිට නැවත වව්නියාවට පැමිණ ඇති අතර පසුව පොලීසිය විසින් අවස්ථා කිහිපයදී අතුරුදහන් වූ කාන්තාව සහ බිළිඳා සම්බන්ධයෙන් සැකකරුගෙන් විමසීමේදී බොරු පවසා ඇතත් පොලිස් නිලධාරීන් විසින් දුරකතන දත්ත සොයා අතුරුදහන් වූ කාන්තාවගේ ජංගම දුරකතනයද සැකකරු විසින් විකුණා ඇති බවට අනාවරනය කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පාපොච්චාරනය කොට ඇත.

ඒ අනුව සැකකරු විසින් යාපනය කොණ්ඩාවිල් ප්‍රදේශයේ කොන්ත්‍රාත් කටයුත්තක් සඳහා ගිය අවස්ථාවේදී අසල්වැසි තරුණයික් සමග ඇති වූ ප්‍රේම සම්බන්ධතයක් දුරදිග යාමෙන්  තරුණිය ගැබ්ගෙන ඇති අතර එහිදී තරුණයා හා තරුණිය අවස්ථා කිහිපයකදී ආරවුල් වී ඇත.

අනතුරුව තරුණියට බිළිඳා ලැබී මාස 06 කට පසුව සැකකාර තරුණයා විසින් තරුණිය විවාහ කරගන්නා බවට ඇයගේ ඥාතීන්ට පවසා ඇයත් දරුවාත් රැගෙන වව්නියාවේ මුරුගන්ඌර්හි පිහිටි සිය නිවසට 2015 අගෝස්තු 09 වනදා රැගෙනවිත් ඇති අතර එදින රාත්‍රියේ තරුණියත් සමග ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව තරුණියගේ සහ බිළිඳාගේ ගෙල සිරකොට ඝාතනය කිරීමන් අනතුරුව සිරුරු නිවස තුලම පොල්අතු , භූමිතෙල් සහ සීනි යොදා පුලුස්සා දමා අවශේෂ ගෙවත්තේ වලදැමූ බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

මිලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 20 ක් වයසැති යාපනය කොණ්ඩාවිල්හි පදිංචි පරමේෂ්වරන් සජින්තිකා සහ සයමස් වැයසැති බිළිඳා වෙයි.

ඒ අනුව කරුණු වව්නියාව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව සිද්ධිය වූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරික්ෂණයන් සිදුකිරීමට නියමිත බවද සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන කොට්ටාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

46,166 views

9 Comments to “මාස 06 බිලිඳා සහ පෙම්වතිය මරා නිවසේම පුච්චයි.. නරුම පෙම්වතා අත්අඩංගුවට..”

  1. ලාංකිකයා says:

    මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ . අපරාධ වැඩි කමද එහෙමත් නැත්නම් ඒව සන්නිවේදනය කරන්න තියෙන හදිස්සියද . උණුසුම අඩු වෙන්න දෙන්නෙම නැතුව සතියකට කීපයක් වෙන්න අපරාධ වලින් රට රත් කරනවා . අනේ මංදා .

    • නිමේෂ් says:

      නිවුස් එක කියවපන්, අවුරුදු 6 කට කලින් මරලා තියෙන්නේ

  2. ගෞම් ඊයාරාජ් says:

    සෝ සෑඩ් !! ගෑනූ 98% ක් හිතින් හරි කයෙන් හරි වෙන මිනිහෙක්ට ආදරේ කරනවා , ගෑනූ කියන්නේ හැගීම් වලට වහල් වෙන ජිවී කොට්ඨාශයක් උබලා මොනවා කලත් උබේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ,ෆයිෆ් වටේ “බීටේ මේල් ඔර්බිටර්ස්” ලා කරකැවෙනවා , උබලට දෙන්න බැරි ඇටෙන්ශන් එක ලව් එක උන් දෙනවා ගෑනූ ඒ ඇටෙන්ශන් එකට අහුවෙනවා , හැමදේම කරපු උබලට වඩා උන් කැමතියි වෙන එවුන්ගේ ඇටේන්ශන් එකට , ඉතින් මචන්ලා උබලට කරන්න කිසිම දෙයක් නෑ ,උබලා මොනවා කලත් ගෑනූ කියන්නේ ගෑනූ , උන් ඉමොශනල් , සෝශල් මිඩීයාවල , වර්කින් ප්ලේස් එකේ , ක්ලාස් එකේ පාරේ තොටේ උබලා නොදැන උන් දේවල් වෙනවා යථාර්ථය ඕකයි .ඉතින් උබලට මොනවත් ඒ ගැන කරන්න බෑ කරන්න පුලුවන් එක දෙයයි ,ගිලපං “රෙඩ් පිල්” එක යූ ටූබ් එකේ සර්ච් කරලා බලහං මොකක්ද රෙඩ් පිල් එක කියලා , ඉන්ඩිපෙන්ඩන්ට් වෙයං , ඇබන්ඩන්ස් මයින්ඩ් සෙට් එකක් හදාගනිං , උබලේ පර්පස් එක පස්සේ දුවලා මනුස්සයෙක් වෙයං , ගිය උන්ට යන්න දීපං , උන් සදාකාලීක උබ වගේ එකෙක් නැතිකරගත්තට පසුතැවෙනවා , ග්‍රාස් ඊස් නොට් ග්‍රීනර් අවුට්සයිඩ් !! ගහන්න මරන්න යන්නෙපා . උබ මනුස්සයෙක් වෙයං උබව අගයන , උබට රෙස්පෙක්ට් කරන , උබට ඇත්තටම ආදරය කරන කෙනෙක් හම්බ වෙයි.ඒත් ඇබන්ඩන්ස් මයින්ඩ් සෙට් එකේ ජිවත් වෙයං .එච්චරයි !!

    • PEOPLE OF COUNTRY says:

      That is the reality, Great explanation!

      • cobra says:

        දෙමළ LTTEකොටි ත්‍රස්තවාදයෙන් ඔවුන් උගත් මෙලෙච්චේදත්වය දැන් පෙන්නුම් කරමින් සිටි …කළු කොටි නිදහස් කරපල්ලා

    • ලෙබ්බෙ says:

      උඹට අපි පල්ලියේ කියලා දෙන ඒවා කෆීර්ලට කියලා දෙන එක හරාම්

  3. ක්‍රිමිනල් says:

    ලාංකිකයා උබ කියන දේ යම් ඇත්තක් තියෙනවා.සියලු ගංගාවෝ

  4. ක්‍රිමිනල් says:

    ලාංකිකයා උබ කියන දො යම් ඇත්තක් තියෙනවා.අවස්ථාවක් ලද විට ඔවුන් පිට පනිනවා.ගහන්න බනින්න යන එක මෝඩකමක්.යන උන්ට යන්න දී තමන්ගේ වැඩක් බලාගන්න එක හරි

  5. ඔලිත says:

    මේ අතුරුදහන් වීමත් ආමි එකේ ගිනුමට බැර කරලා ලංකාවට ගරහපු එවුන් එමට ඇති. අන්තිමට කොටි ත්‍රස්ථවාදීන්ගෙ කුරිරුකම් එලි උනා.