මාස 07 බිලිදාට වස පොවා මවත් වස බොයි..

January 25, 2020 at 5:30 pm | lanka C news
මාස 07 බිලිදාට වස පොවා මවත් වස බොයි..

නිවසේ ඇති වුවේයැයි කියන ආරවුලක් හේතුවෙන් සිත්තැවුලට පත් මවක් තම මාස හතක් වයසැති සිගිතියටද වස පොවා මවද වස පානය කිරිමෙන් දෙදෙනාම දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇත.

හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතුයායේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය මෙසේ රෝහල් ගත කර ඇත.

නිවසේ කිසිවෙක් නොසිටි අවස්තාවේ මෙම සිද්ධිය සිදු වි ඇති බවත්, පසුව අවට වතු කම්කරුවන් එක් වි දෙදෙනාම රෝහල් ගත කර ඇති බව හැටන් පොලිසිය පැවසුවේය.

රෝහල් ගත කල දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් පැවසිය.

198 views
Main News