මාස 08 ක් වයසැති බිළිඳිය ළිඳට දමා මරා දමයි..
December 2, 2018 at 5:30 pm | lanka C news
වව්නියාව පුලියන්කුලම් උන්ජලන්කට්ටු ප්රදේශයේ මාස අටක් වයසැති බිළිඳියකගේ මළ සිරුර ගෙවත්තේ ළිඳකින් ගොඩට ගෙන ඇති අතර අදාල සිදුවීමට නිවසේ වයෝවෘද්ද කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති වබට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය.
මාස 08 ක් වයසැති බිළිඳිය පසුගිය 30 වනදා මව විසින් ඇඳේ නිදි කරවා නැන්දම්මාට බලා ගන්නා ලෙසට නිවසෙන් මදවේලාවක් පිටතට ගොස් ආපසු නිවසට පැමිණි බිළිඳිය සෙවීමේදී බිළිඳිය නොසිටීමෙන් ඒ බව නැන්දම්මාගෙන් විමසීමෙන් ඇයද කිසිවක් නොපැවසීම හේතුවෙන් මව විසින් අවට පරික්ෂා කිරීමේදී බිළිඳිය ගෙවත්තේ තිබූ ළිඳේ ඇති බව හැගීමත් සමග මව වසින් උදව් ඉල්ලා කෑගසා ඇත.
අනතුරුව අසල පිහිටි යුද හමුදා කඳවුරක් සෙබලුන් පිරිසක් ළිඳට බැස බිළිඳිය ළිඳෙන් ගොඩට ගෙන එම අවස්ථාවේධීම රෝහලට රැගෙන ගියද ඒ වන විටත් බිළිඳිය මිය ගොස් ඇත.
සැමියාගේ මව විසින් මෙම අපරාධය සිදු කර ඇති බවට වූ සැකය මත පුලියන්කුලම් පොලිසිය විසින් 78 හැවිරිදි නැන්දම්මා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
– වන්නි රොමේෂ් මධුෂංඛ
නිවන් සැප ලැබේවා
MAHALU NANDAMMA
DEMENTIA ROGAYEN
PELENA WA WENTA PULUWAN