මාස 08 ක් වයසැති ලදරුවෙකු පැහැරගනී..

May 31, 2018 at 12:40 pm | lanka C news
මාස 08 ක් වයසැති ලදරුවෙකු පැහැරගනී..

වවුනියාව,ගුඩ්ෂෙඩි මාර්ගයේ පළමුවන හරස්වීදියේ නිවසක මාස අටක් වයසැති දරුවෙකු අද(31) අලුයම හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇති බව වවුනියාව පොලිසිය පැවසීය.

වවුනියාව පොලිසිය පැවසූවේ අලුයම වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් බලහත්කාරයෙන් නිවසට කඩා වැදී අට මාස හැවිරිදි දරුවා පැහැරගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවටයි.

වෂුදරන් වානිෂන් නමැති එම දරුවා පැහැරගෙන ගොස් ඇති අතර, අලුයම වෑන් රථයකින් පැමිණි කණ්ඩායම නිවැසියන් බිය ගන්වා දරුවා පැහැරගෙන ගිය බවටද දරුවාගේ මව පොලීසියට පැවැසීය.

දරුවා‍ගේ මව පැවසූවේ දරුවාගේ පියා ලන්ඩනයේ පදිංචිව සිටින අතර,පියා හා තමා අතර කලෙක පටන් ආරවුලක් හටගෙන ඇති බැවින් දරුවාගේ පියා ගැනද යම් සැකයක් ඇති බවටයි.

අදාළ ආරවුල හේතුවෙන් දරුවාගේ පියා කණ්ඩායමක් යොදා දරුවා පැහැරගෙන යන්නට ඇති බවද දරුවාගේ මව පොලීසියට දැනුම් දී සිටියාය.

පොලිසිය පැවසූවේ දරුවා පැහැරගෙන ගිය කණ්ඩායම මෙතෙක් අනාවරණය වී නොමැති අතරම එම කණ්ඩායම සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ මෙහෙයවන බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

189 views

5 Comments to “මාස 08 ක් වයසැති ලදරුවෙකු පැහැරගනී..”

  1. Mahasona says:

    දීපල්ලා තව මුන්ට රටබෙදලා කාලකන්නි යමපාලනය

  2. Manoj says:

    ANEY GON BUUURU Mahasonooo,

  3. Manoj says:

    ANEEEEY GON BUURU Mahasonooo Sinhalalen thiyena dey hariyata kiyopan,

    “දරුවාගේ පියා ලන්ඩනයේ පදිංචිව සිටින අතර,පියා හා තමා අතර කලෙක පටන් ආරවුලක් හටගෙන ඇති බැවින් දරුවාගේ පියා ගැනද යම් සැකයක් ඇති බවටයි.”

    Tho wage RATA HARAK hema MAGULATAMA POLITICS patala gannawa. Neththam patalawana wa. Issella ube oluwe thiyena AGA kapan waren

  4. Nim says:

    MOKADA ME WENNE?
    PERA NATHI WUNE PASAL YANA
    DARUWAN.
    PAW CHUTI DARUWO.

  5. David Milli-banda says:

    Dravida janaya kala deval walata dan prathichaara ??