මාස 09ක දරුවෙකු තනිකර මවක් කපා කොටා මරා දමයි..

November 12, 2019 at 5:30 pm | lanka C news
මාස 09ක දරුවෙකු තනිකර මවක් කපා කොටා මරා දමයි..

කිලිනොච්චිය අක්කරායන් පොලිස් වසමේ ස්කන්ධපුරම් ප්‍රදේශයේ නිවසක් තුල එක්දරු මවක් ඊයේ (11) රාත්‍රියේ තියුණු ආයුධයකින් කපා ඝාතනය කොට තිබියදී අද (12) උදෑසන මළ සිරුර හමුවූ බවට අක්කරායන් පොලීසිය පවසයි.

ඝාතනයට ලක් වූ මවගේ සැමියා ඊයේ රාත්‍රියේ රාජකාරී වෙනුවෙන් වව්නියාව නගරයට ගොස් අද උදෑසන නැවත නිවසට පැමිණීමේදී සිය බිරිඳ ඝාතනය කොට තිබී දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ 31 හැවිරිදි ඒ. ජෙරාට් මේරි නැමති එක් දරු මවක් වන අතර ඇයට මාස 09ක බිළිඳෙක් සිටින අතර අදාල ඝාතනය සිදු කල පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් හඳුනාගත නොහැකි බවට පොලීසිය පවසයි.

මිය ගිය මවගේ මළ සිරුර මේ වන විට කිලිනොච්චිය මහරෝහලේ තැන්පත් කොට ඇති අතර ඝාතනයට සමබන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චිය පොලීසිය හා අක්කරායන් පොලීසිය පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

 – වන්නි රොමේෂ් මධුෂංඛ

25,173 Viewers

3 Comments to “මාස 09ක දරුවෙකු තනිකර මවක් කපා කොටා මරා දමයි..”

  1. Saman says:

    Whabi venna athi

  2. MD says:

    Aniyam sambandayak wiya hakida?kantawan onawata wada wishwasa nokara inna taramata agata gunai.husbanla Paw(waradi nokarana)

    • Me says:

      ඒ මිනිහට අනියම් සම්බන්ධයක් තිබිලා. තම බිරිඳ මරන්න කොන්ත්‍රාත් එක දීලා මිනිහ මගහැර ගිහිල්ල. දැන් මිනිහත්, මිනීමරුවත් දෙන්නම රිමාන්ඩ්.

Main News