මාස 11 තුල නීතිවිරෝධී බීඩි කොළ ටොන් 50 ක් අත්අඩංගුවට…
November 15, 2019 at 2:09 am | lanka C news
2019 වර්ෂය තුල ගත වූ කාලය තුල පමණක් උතුරු නැගෙනහිර ඇතුලු සාගර කලාපයන්හි සිදු කරන ලද සෝදිසි මුර සංචාරයන්හී නීති විරෝධී බීඩිකොළ ටොන් 50 ක ප්රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවට නාවික හමුදාව පෙන්වා දෙයි.
අදාල නීතිවිරෝධී බීඩිකොළ ඉන්දියාවේ සිට මෙරටට ගෙන ඒම සිදු කරනු ලබන අතරම එය ඇතම් අවස්ථාවන්හි ශ්රීලංකා ධීවරයින් මෙන්ම ඉන්දීය ධීවරයින් ලෙසින්ද වෙස්වලාගත් ජාවාරම් කරුවන් මෙම බීඩිකොළ විකිණීමේ ජාවාරමේ නිරත වන බවට නාවික හමුදාව කියා සිටියි.
කෙසේ වෙතත් ශ්රීලාංකා මුහුදු තීරයේ අනවසර ජවාරම් ඇතුලු නීතිවිරෝදී කිසිදු ක්රියාකාරකමක් සිදු කිරීමට නොහැකි වන අයුරින් නාවික හමුදාව නිරන්තරයෙන් දිවා රාත්රි සේවයේ නිරත වන හෙයින් මෙම ජාවාරම් විශාල වශයෙන් නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වූ බවටද නාවික හමුදාව වැඩි දුරටත් පෙන්වා දෙයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ