මාස 16කට යහපාලන හෙලිකොප්ටර් බිල කෝටි 20යි.. ගමන් වාර 352යි…
October 7, 2016 at 10:40 am | lanka C news
නව ආණ්ඩුවේ මාස 16ක කාලය තුල ආණ්ඩුවේ දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් 169දෙනකුට ගුවන් ගමන් පහසුකම් ලබා දීම වෙනුවෙන් ගුවන් හමුදාවට රුපියල් විසි කෝටි දාහතර ලක්ෂ හතළිස් හය දහස් පන්සිය හතළිහක් ගෙවා ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා පවසයි.
ඔහු විසින් සභාගත කරන ලද පිලිතුරක දැක්වෙන්නේ අදාල 2015 ජනවාරි 10 වැනිදා සිට සිට 2016 අප්‍රේල් 30 දක්වා කාලයේදී මෙම මුදල ලැබී ඇත්තේ ගමන් වාර 352ක් සදහා ගුවන් හමුදා හෙළිකොප්ටර් භාවිත කිරීම වෙනුවෙන් බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අදාල පැනය අසා තිබින.
When Basil used, it’s misappropriation. What about these.