මාළඹේ මයිටම් ඇතුළුව ලංකාවේ තිබෙන ජාත්‍යන්තර පාසල් වසා දැමිය යුතුයි – චම්පික රණවක

November 6, 2016 at 7:06 am | lanka C news
මාළඹේ මයිටම් ඇතුළුව ලංකාවේ තිබෙන ජාත්‍යන්තර පාසල් වසා දැමිය යුතුයි – චම්පික රණවක

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනය හා ජාත්‍යන්තර විෂය මාලා උගන්වන ජාත්‍යන්තර පාසල් වහාම වසා දැමිය යුතු බව ඇමති පාඨලී චම්පික රණවක කියා සිටියි.

”සයිටම් අර්බුදය මැද අධ්‍යාපනයට අලුත් කියවීමක්” යන මැයෙන් ‘ජාතික විද්වත් සභාව’ සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයක් අමතමින් ඇමතිවරයා එබව කියා සිටියේය.

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනය වහාම වසා දැමිය යුතු බව පැවසු ඇමතිවරයා, ප්‍රමිතියකින් තොරව මෙවැනි පෞද්ගලික අධ්‍යාපන ආයතන වෛද්‍ය ක්ෂේත්‍රය තුල බිහිවීම අති බිහිසුණු අනාගතයකට පාර කැපීමක් බවද කියා සිටියේය.

ලංකාවේ ජාත්‍යන්තර පාසල් පිළිබඳව අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක ඇමතිවරයා, ජාත්‍යන්තර විෂය මාලා උගන්වන ජාත්‍යන්තර පාසල් වහාම නවතා දැමිය යුතු අතර එම පාසල් දේශීය විෂය මාලා ඉගැන්වීමට සුදානම් පමණක් ඒ සඳහා අවස්ථාව දිය යුතු බවද කියා සිටියේය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති අචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ හා කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් යන මහත්වරුන්ද මෙම සම්මන්ත්‍රණයේදී අදහස් දැක්විය.

89 views
Main News