මාළු මිරිස් 600යි, වැටකොලූ-ලීක්ස් 300යි, දෙල් ගෙඩිය 200යි.. මිල ගණන් අසා පාරිභෝගිකයෝ පැන දුවති

June 28, 2018 at 4:40 pm | lanka C news
මාළු මිරිස් 600යි, වැටකොලූ-ලීක්ස් 300යි, දෙල් ගෙඩිය 200යි.. මිල ගණන් අසා පාරිභෝගිකයෝ පැන දුවති

වෙළදපලේ මේ දිනවලට එළවළු මිල ගණන් සීඝ‍්‍ර ලෙස ඉහල ගොස් තිබේ.

මාලු මිරිස් කිලෝව රුපියල් 600ක්, ලීක්ස් කිලෝව රුපියල් 300ක්, වැටකොලූ කිලෝව 320ක්, අමු මිරිස් කිලෝව 400ක්, ගෝවා 160ක්, තක්කාලි 240ක් ආදී ලෙස මිල ඉහල ගොස් ඇති අතර දෙල් ගෙඩියක් රුපියල් 200ක් තරම් ඉහල මිලකටද අලෙවි වෙයි.

වෙලදුන් පවසන්නේ පාරිභෝගිකයන් එලවලූ මිලට ගන්නේ ඉතා සුළු ප‍්‍රමාණවලින් බවත් ඇතැමුන් මිල ගණන් අසා මිලට නොගෙන යන්නට යන බවයි.

මෙසේ මිල ඉහල ගොස් ඇත්තේ කඳුකරයට ඇදහැලෙන වර්ෂාව හා අධික සුළං හේතුවෙන් යයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

106 views

11 Comments to “මාළු මිරිස් 600යි, වැටකොලූ-ලීක්ස් 300යි, දෙල් ගෙඩිය 200යි.. මිල ගණන් අසා පාරිභෝගිකයෝ පැන දුවති”

  1. මාතලේ බණ්ඩා says:

    හැම වසරෙම ජුනි,ජුලි,අගෝස්තු මාසවල එළවලු මිළ ඉහල යනවා වර්ෂාව නිසා. නැවත පහල යනව විකුණගන්නත් බැරි විදියට.
    චන්ද්‍රිකාගෙ,මහින්දගෙ, කාලෙත් මෙි දේ උනා. මෛත්‍රීපාලගෙ කාලෙත් වෙනවා.
    ගොවීන්ට හොඳ මිළක් ගොවීන් සතුටුයි.
    පාරිභෝගිකයන්ට මිළ වැඩියි උන් අසතුටුයි.
    විකල්පයක් හොයපියවි.

Main News