මාළු ලොරියේ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 65ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට…

April 6, 2020 at 2:07 am | lanka C news
මාළු ලොරියේ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 65ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට…

පවතින් ඇඳිරිනීතිය අතරතුර මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් හසීස් නැමති මත්ද්‍රව්‍ය කිලෝ 65 ග්‍රෑම් 900ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරමේ යුදහමුදාව හා පොලීසිය එක්ව අත්අඩංගුවට ගනු ලැබීය.

මාළුතොග කොළඹට ප්‍රවාහනය කොට නැවත මන්නාරමට එමින් තිබූ මාළු ලොරියක් මන්නාරම ප්‍රධාන පාලම මත ස්ථාපිත කොට ඇති යුදහමුදා සෝදිසි මුරපොලේදී යුද හමුදාව හා මන්නාරම් පොලීසිය එක්ව සිදුකරන ලද සෝදිසියකදී මාළු ලොරියතුල වූ මාළු පෙට්ටිතුල ඉතා සූක්ෂමව සඟවා තිබූ අදාල මත්ද්‍රව්‍ය තොගය හමු වී ඇත.

ඇඳිරිනීතිය පවතින අතරතුර මෙම මත්ද්‍රව්‍ය මාළු රැගෙන යන මුවාවෙන් ප්‍රවාහනය කල ලොරියේ රියදුරු ඇතුලු තවත් අයෙකු සමග ලොරිය හා අත්ල මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

101 views

One Comment to “මාළු ලොරියේ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 65ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට…”

  1. Mahesh says:

    ඔය බල්ලන්ව මරලා දාන්න. රට මෙච්චර ව්‍යසනයකට මැදි වෙලා තියෙද්දිත් මේ බල්ලෝ මත්ද්‍රව්‍ය බිස්නස්. මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි ඉල්ලා සිටිනවා ඔය බල්ලන්ව අහුවුන තැනදීම මරලා දාන්න.

Main News