මා අගමැති වූ පසු රෑ 12ට ඇවිත් පිරිසිදුදැයි බලනවා..

June 28, 2020 at 3:29 am | lanka C news
මා අගමැති වූ පසු රෑ 12ට ඇවිත් පිරිසිදුදැයි බලනවා..

අගෝස්තු 05 වැනිදා මහ මැතිවරණ ජයග්‍රහණය පසු තමන් අග්‍රමාත්‍යවරයා ලෙස මෙරට වගකීම භාර ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඉන්පසු රාත්‍රී 12 ට පැමිණ පිරිසුදු දැයි පරීක්ෂා කර බලන බවත් ඔහු පැවසීය.

එසේම තවත් තවත් ප්‍රදේශවල උදේ පාන්දර තුනට හතරට පැමිණ රාජකාරි කටයුතු සිදු වෙන හැටි බලන බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටී මොරටුවේදී පැවති එම පක්ෂ ජන හමුවක් අමතමිනි.

386 views

47 Comments to “මා අගමැති වූ පසු රෑ 12ට ඇවිත් පිරිසිදුදැයි බලනවා..”

  1. On The Spot says:

    මේ කවුද​?මොනවද කරන්නෙ?මේ වදන් ඔහුගේ පියාණෝගේය​.එතුමා කල දේ දන්නෝ දනිති.රට පුරා වෙස්වලාගෙන ඇවිද ගිය ගජබා රජතුමා එදා එසේ කලේ තම පාලනය නිවැරදි මගට ජනතා අදහස් ලබා ගැනීමටය​. ඊට අමතරව එතුමා සිය චර පුරුෂයින්ද රාජකාරියේ යෙදවීය​.රාජ්‍ය බුද්ධි අංශ අකර්මන්‍ය කල කණ්ඩායමක ප්‍රධාන පුරුකක් ලෙස සජිත් ප්‍රේමදාසද කලක් වැජඹුනේය​.එදා ඔහු රෑ දොළහට එළියට බැස්සේ නැත​.පාන්දර දෙකට තුනට පාරවල් ගානේ රස්තියාදු ගැසුවේ නැත​.එළිවෙන තුරු ඔහු කලේ යාල වනයේ යාග හෝම කිරීමය​.රැකවලට උස උන්ද,අනෙක් කටයුතුවලට මිටි උන්ද දමා ඔහු මොනවා කලාදැයි දන්නේ ඔහු පමණය​.රෑ නිදිමරාගෙන හොල්මන් කරන්නට පාලකයෝ අවශ්‍ය නැත​.අවශ්‍ය වන්නේ දැක්මක් ඇති මොළය ඇති උන් බලයේ පිහිටුවීමය​.සිංගප්පූරුව, මැලේසියාව ගොඩ දැමූ නායකයින් රෑ නිදි මැරුවේ නැත​.පාන්දර ජාමයේ පාරවල දිගේ රස්තියාදු කෙලියේ නැත​.ඔව්හු සිය දැක්ම ක්‍රියාත්මක කිරීමට රටට හිතැති දක්‍ෂතාවලින් පරිපූර්ණ තමා මෙන්ම දැක්මක් ඇති නිළධාරීන් යොදවා ගත්තේය​.කිසිවක් නිකන් දී නිකමුන් බිහි කලේ නැත​. රාජ්‍ය ආදායම් වැඩි කර ගැන්මට සිය කාලය යොදවා ආර්ථික ශක්තියෙන් රට ඉහලට ඔසවා තැබීය.සියල්ල නිකන් දෙන්නට තබා අත්‍යාවශ්‍ය දේ ගන්නටවත් අපට අද ඇති ශක්තිය හීනය​.වසර හැත්තෑවකට වැඩි දේශපාළණයේ අනිටු අතුරු පල අද අපි භුක්ති විඳින්නේ එසේය​.එවන් පාඩම් අත් දුටු ජාතියක් ලෙස අපි තවදුරටත් විහිළුකරුවන්ට රැවටෙමුද​?නැත අපි අපේ රට ගොඩ නගා ගමු.එය අපේ දරුවන්ට නිදහසේ අභිමානයෙන් ජීවත් වන්නට සුදුසු තෝතැන්නක් කරමු.
    රට පෙරට!
    කුණු කසල ඉවතට!!

  2. හොඳ වෙලාවට මේ ඇත්තට දෙමළ භාෂාව බැරි වුනේ.. පුළුවන් වුණා නම් උතුරු නැගෙනහිර චන්ද ටිකත් පොහොට්ටුවට තමයි…. හපොයි දෙයියනේ

  3. දුටුගැමුණු says:

    මේ යකාට පිස්සු තදවෙලා, භූත ප්‍රේමේ ආවේස වෙලාද කොහෙද ?

  4. Mr.cool says:

    මේ යකා රෑ 12 ට නැගිටින්නේ ගැනී ඇදේ ඉන්නවද කියා බලන්න

  5. sand man says:

    ස්වල්ප දෙනෙක් මෙය විහිළුවක් ලෙස දකිනු ඇත, නමුත් එය එසේ විය යුත්තේ කෙසේද ?, Gotabaya මහතා පවා එසේ කළ අතර, ආසියානු කලාපයේ වඩාත් පිරිසිදු ප්‍රධාන නගරය ලෙස කොළඹ ඔසවා තැබීමට ඔහුට හැකි විය.සජිත්ට ද එසේ කළ හැකි බව බහුතරයක් පිළිගනු ඇත.

Main News