මා අත්අඩංගුවට ගන්න එපා..- ඥාණසාර හිමි උසාවි නියෝගයක් ඉල්ලයි..

June 13, 2017 at 6:48 pm | lanka C news
මා අත්අඩංගුවට ගන්න එපා..- ඥාණසාර හිමි උසාවි නියෝගයක් ඉල්ලයි..

කිසිදු විධිමත් පරීක්‍ෂණයකින් තොරව තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

නීතිපතිවරයා, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසයේ ස්ථානාධිපති ආදී පිරිසක් වගඋත්තරකරුවන් කර ඇති පෙත්සම මගින් ඉල්ලා සිටින්නේ නිසි පරිදි පරීක්ෂණයක් පවත්වා නිම වන තෙක් හෝ නීතිපති උපදෙස් ලැබෙන තෙක් තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීම වලකමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

205 views
Main News