මා අත් උදවු කාරයෙක් කරලා.. මගෙන් පලිගන්නවා..- හිටපු CID ලොක්කා ශානි අබේසේකර හඬා වැටේ…

December 21, 2019 at 6:48 pm | lanka C news
මා අත් උදවු කාරයෙක් කරලා.. මගෙන් පලිගන්නවා..- හිටපු CID ලොක්කා ශානි අබේසේකර හඬා වැටේ…

ගාල්ල නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස තමාට ලබාදුන් ස්‌ථාන මාරුව වහාම අවලංගු කර නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධුරයට පත්කිරීමට නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතා ඊයේ (20 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කළේය.

එලෙස නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුගේ පෞද්ගලික සහකාර ලෙස ස්‌ථාන මාරුවීමක්‌ ලබාදීම තමාව තනතුරින් පහත හෙළීමක්‌ වන බවත් එමඟින් පෙන්වා දී තිබූ ශානි අබේසේකර මහතා එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කොට වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 10 ක වන්දියක්‌ අයකර දෙන ලෙසට ද ඉල්ලා තිබිණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්‌පතිවරයා අනිවාර්ය නිවාඩු ගන්වා ඇති පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා, ජාතික පොලිස්‌ කොමිෂන් සභාවේ සභාපතිවරයා හා එහි සාමාජිකයන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්‍ෂවරයා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කොට තිබිණි.

ජනාධිපතිවරණය නිම වී දින කිහිපයකින් එකී ස්‌ථාන මාරුවීම ලබාදීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්‌ වන බව ද සිය පෙත්සමෙන් සඳහන් කර දී තිබූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතා තමා වැනි පළපුරුදු හා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පෞද්ගලික සහකාර වැනි තනතුරකට පත්කිරීම දේශපාලන පළිගැනීමක්‌ වන බව ද නීතිඥ මංජුල බාලසූරිය මහතා මඟින් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කර තිබිණි.

– divaina

138 views

22 Comments to “මා අත් උදවු කාරයෙක් කරලා.. මගෙන් පලිගන්නවා..- හිටපු CID ලොක්කා ශානි අබේසේකර හඬා වැටේ…”

  1. kobbekaduwa says:

    KALA KALA DE PALA PALA DE !!!

  2. kobbekaduwa says:

    KALA KALA DE PALA PALA DE !!!

  3. Aurora says:

    ආණ්ඩුවට එරෙහිව නඩු දමන්න නොවෙයි තියෙන්නේ, යහපාලන ආණ්ඩුවේ මෙහෙයවීමෙන් තමුන් කරපු ජඩ වැඩ පිළිබඳව හෙලිදරවූ කරලා නියම
    අපරාධකරයන් නීතිය හමුවට ගෙනෙන්න ආණ්ඩුවට උපකාරකරණ එකයි. රාජ්‍ය නිලධාරීන් නීතියට අනුව වැඩ කලයුතු මෙන්ම දඩබල්ලන් මෙන් රජය අකමැති හා විරුද්ද පුද්ගලයන් බොරු නඩු වලට පැටලවීමට ක්‍රියා නොකළ යුතුය. එහෙම ක්‍රියාකලොත් ඒ වැරැද්දටත් දඬුවම් විඳින්න ඕනෑය.

  4. MD says:

    Paw ane eyagen paliganna epa.eya ahinsakai.eyawa piliganna.duka nadda oyalata.hari noti oyala

  5. Sarath Bulathsinghala says:

    කලබල වෙන්න එපා. ඔය තනතුරු දී තියෙන්නේ මහ උලුගෙදර යන්නට ප්‍රතමයි! ඉවසීමෙන් සැනසීම ලැබේ!

  6. assanga says:

    all comments seems to be from one source. probably from padada rajapaksha lage kalliya.

Main News