මා ආ පසු ශ‍්‍රීලනිපයේ විශාල ප‍්‍රගතියක් තිබෙනවා..- 18 දා කල් අවසන් වන ශ‍්‍රීලනිප තාවකාලික මහ ලේකම්..

July 12, 2018 at 12:00 pm | lanka C news
මා ආ පසු ශ‍්‍රීලනිපයේ විශාල ප‍්‍රගතියක් තිබෙනවා..- 18 දා කල් අවසන් වන ශ‍්‍රීලනිප තාවකාලික මහ ලේකම්..

තමන් මහ ලේකම් ධුරයට පත් වූ ගත වූ ඉතා සීමිත දින ප‍්‍රමාණය තුල ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශාල ප‍්‍රගතියක් ඇතිව තිබෙන බව එම පක්‍ෂයේ තාවකාලික මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා පවසයි.

මේ වන විට පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ඉතාම සීඝ‍්‍රයෙන් සිදුවෙමින් ඇති බවත් ඔහු සදහන් කරයි.

දින 45න් පසුවද මහ ලේකම් ධුරයේ රැුදී සිටින්නේද නැද්ද යන්න තීරණය කරනුයේ මධ්‍යම කාරක සභාව හා මහ ජනතාව බවත් පවසන ඔහු තමන් අතීතය ගැන කතා නොකරන බවද කියා සිටී.%

පසුගිය ජූනි මස 03 වැනිදා ශ‍්‍රීලනිප තාවකාලික මහ ලේකම් ධුරයට රෝහන ලක්‍ෂමන් පියදාස මහතා පත් කරන ලද්දේ දින 45ක කාලයක් සදහා වන අතර එළැඹෙන 18 වැනිදායින් එම කාලය අවසන් වෙයි.

135 views
Main News