මා ඇසුවේ බුදුන් වහන්සේ ඇසු ලෙසයි.. දුශ්ශීල භික්‍ෂුන් මට බණිනවා..- රන්ජන්

September 16, 2017 at 11:20 am | lanka C news
මා ඇසුවේ බුදුන් වහන්සේ ඇසු ලෙසයි.. දුශ්ශීල භික්‍ෂුන් මට බණිනවා..- රන්ජන්

තමන් චෝදනා කළේ මෙරට වැඩ වාසය කරන දුශ්ශීල භික්‌ෂුවට මිස ගෞරවනීය මහා සංඝරත්නයට නොවේ යෑයි’ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය.

බුද්ධරක්‌ත, සෝමාරාම සහ දෙව්දත් වැනි දුශ්ශීල ශික්‌ෂූන්ට තමා ගෞරව නොකරන බවත්, තමා ඇසුවේ බුදුන් ඇසූ පරිද්දෙන් “ආනන්ද සර්පයා දුටුවාද” කියා පමණක්‌ බවත් හෙතෙම සඳහන් කළේය.

සිල් රෙදි සිද්ධියට සිරදඬුවම් නියමව සිටින ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන් සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශයන්ට මහා සංඝරත්නය දැක්‌වූ ප්‍රතිචාරයනට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මේ බැව් කියා සිටියේය.

හෙතෙම වැඩිදුරටත් මෙසේද කීවේය.

‘අපේ ගෞරවනීය මහා සංඝරත්නය මගේ ප්‍රකාශයට කලබල විය යුතු නැහැ. සිල් රෙදි සිද්ධිය දූෂිත එකක්‌ බව උසාවිය තීන්දු කළේ ඒක මැතිවරණ නීතියක්‌ උල්ලංඝනය කළ නිසා. ඒ නිසා ගෞරවනීය අධිකරණ තීන්දුව හෑල්ලුවට ලක්‌ කිරීම සුදුසු ක්‍රියාවක්‌ නෙවෙයි. සිල් රෙදි සිද්ධිය මැතිවරණ අල්ලසක්‌. මේක විමර්ශන නිලධාරීන් ඇල්ලුවේ ජීවිත පරදුවට තියලා. මේ සිද්ධියට මට බැණ අඬ ගහලා වැඩක්‌ නැහැ. ස්‌වාමීන් වහන්සේලා මෘදු, කරුණාවන්ත විය යුතුයි. බුදුන් වහන්සේ කියන්නේ රම්‍ය, සුරම්‍ය, ශුභ කියන මාලිගා ප්‍රතික්‌ෂේප කළ උත්තමයෙක්‌. අද ඉන්න සමහර ස්‌වාමීන් වහන්සේලා මාලිගා හදනවා. සමහර හිමිවරු සාස්‌තර කියලා, කොඩිවන හූනියන් කරලා, හඳහන් බලලා මුදල් හොයන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ත්‍රිපිටකයේ මේවා නැහැ. මේ සියල්ල අකැප වැඩ’

– දිවයින

203 views

23 Comments to “මා ඇසුවේ බුදුන් වහන්සේ ඇසු ලෙසයි.. දුශ්ශීල භික්‍ෂුන් මට බණිනවා..- රන්ජන්”

  1. ප්‍රසාද් says:

    මේකෙ කමෙන්ට් කොටලා තියන එව්වා දැක්කහම හිතාගන්න පුළුවන් මේ අයගේ බෞද්ධකම ඇත්‍තටම හිතේ තියනවද කියලා

  2. Abeysinghe says:

    වැරදි කෙරුවම වැඩියෙන්ම දඬුවම් හම්බවෙනවා කියලා තියෙන්නේ බුද්ධාගමේ. අපාය, කටු ඉඹුල, අවීචි මහා නරකය, දිව ඇද කැපීම, ලෝදිය පෙවීම, ප්‍රේත ලෝකයේ උප්පත්තිය. අපායේ අවුරුදු 3 ක සිර දඬුවම් වගේ දඬුවම් නැත. අවම දඬුවම් කාලය එක කල්පයක්. ඒත් කුඩා වරදවල් වලට. වසර 3 බුරියානි සහිත සිර සැප තියෙන්නේ හැම එකාම බනින සුද්දාගෙ නීතියේ. බුදු හාමුදුරුවන්ගේ නීතියේ නොවෙයි. අපි බුද්ධාගමේ මිනිස්සු විදිහට , දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි යටි මඩි ගහලා රජ්ජුරුවන්ට තවත් අවුරුදු 6 ක් සුර සැප විඳින්න හොරකන් කරන්න ඉඩ දීල බලන් හිටපු එක මදිවට බුද්ධාගමයි, සාසනයයි අපහාසයට පත් කරලා මේ රටේ ඉන්නේ සුදු රෙදි යාර 2ක් වත් ගන්න බැරි මිනිස්සු කියලා රටේ ඉන්න මිනිස්සුන්ටත් අපහාස කරපු අයට හම්බ වෙන දඬුවම ගැන අද බුදු හාමුදුරුවෝ හිටියා නම් කොහොම කියා දෙයිද කියලා දවසක් හරි සිල්වත් හාමුදුරුවන් වහන්සේ කෙනෙක්ගෙන් බන අහපු කෙනෙක් දන්නනවා. රජ්ජුරුවන්ටයි ගෝල බාලයන්ටයි කල්ප ලක්ෂයක් වත් ලෝකුඹු නිරය අනිවාර්යයෙන් හම්බ වෙන බව අද බුදු හාමුදුරුවො හිටියා නම් උපාසක උපාසිකාවන්ට කියා දීල කියයි රහසින්වත් පව් කරන්න එපා කියලා. මේවට බුද්ධාගමේ අය විදිහට අපි අපිටම බැන ගන්නවා ඇරෙන්න රන්ජන්ලව අපායට යවන්න හැදුවට වැඩක් නැහැ. අපි කරන්නේ වැරදි කියලා අනෙක් ආගම් වල අයට වැටහෙන විදිහේ වැරදි වැඩ නොකරන්න අපි අපිම බලා ගන්න ඕනා

  3. Sobitha says:

    Mannarame Rayappula, Savundranayagam lata umba owa kiwwe naththe ai yako?

  4. sss says:

    dan oya padiliyo karanne jesuthuman kiyapu korapu wads. oya padiliyo tharam jesuthuma sapa windada. ewa hoyapan gon ranjo. padiliyo jesuthuma wage warahali una logowak adagena labokateka wathura aragena haramiti pollaka adarayen giri dorga tharanaya kara gena janatha sewayata rata pura yanawada. nathnam kaka bibi palliyata wela inna wada. ha hodayi kiyanna ko gonjo. jesuyhuma kiwuwada mandira wge palli hadagena ewaye ringa gena sapawidinna kiyala padiliyannta. ha hodayi kiwuwada.

  5. silva says:

    nodanna buddagama gana katha nokara hitu……….රම්‍ය, සුරම්‍ය, ශුභ කියන මාලිගා thibune sidhuhath kumarayata…budun wahanseta nowei buruwoo

  6. BARCARDI says:

    What is this man’s Education? Discipline ? Mervin Silva at least had a doctorate.

Main News