මා ඉන්නාතුරු, මේ රජය පවතින තුරු ජල සම්පාදන මණ්ඩලය පුද්ගලිකරණය කරන්නෑ..

January 14, 2022 at 8:02 am | lanka C news
මා ඉන්නාතුරු, මේ රජය පවතින තුරු ජල සම්පාදන මණ්ඩලය පුද්ගලිකරණය කරන්නෑ..

‘ජල සම්පාදන මණ්ඩලය කවදාවත් පුද්ගලිකරණය කරන්න ඉඩ නොදීමේ ප්‍රතිඥාව මා ඔබ ඉදිරියේ අද දිය යුතුව තිබෙනවා. මම ඇමැතිවරයා හැටියට ඉන්නතාක් කල් එය වෙන්නේ නෑ. මගේ විශ්වාසය වන්නේ අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුවත් එය කවදාවත් වෙන්නේ නෑ කියලයි’ යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යතුමා මෙම අදහස් පල කළේ අභ්‍යාසලාභී පවිත්‍රාගාර කාර්මික ශිල්පීන් සඳහා පත්වීම් ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. ජල සම්පාදන අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේදී පැවති මෙම පත්වීම් ප්‍රධානය කිරීමේ අවස්ථාවේදී 41 එක් දෙනෙකු සඳහා පත්වීම් ප්‍රධානය කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජල සම්පාදන අමාත්‍යතුමා

අපි ඔක්කොටම සහෝදරත්වයෙන් හා සමානත්වයෙන් සලකන සංස්කෘතියක් අපි ගොඩනඟා ගෙන යනවා. අපි හැමෝම සමානාත්මතාවයෙන් එකිනෙකාට සහෝදරයා කියලා අමතනවා. අපේ මේ තරාතිරම් ගැන අපි නොබලා අපේ සමානාත්මතාවය අපි අගය කරනවා. ඒ අනුව අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. මම ඒ පිළිබඳව මගේ කාර්යභාරය ඉටු කරනවා. ඒ නිසා ඔබ එක අතෙකින් වෘත්තීය සමිති වල සාමාජිකයන් වෙමින් තමන් කැමති දේශපාලන මතයක් දරන්නට ඔබට අයිතියක් තියෙනවා.

තරුණයො හැටියට වෘත්තීය මට්ටමෙන් සමාන මතයක් තිබිය යුතුය. එය මෙතෙන්ට අදාල නෑ. එය ඔබේ නිදහස. ඒක හැබැයි තමන්ගේ රාජකාරියට පිට වැඩක්. රාජකාරියේ කාර්යය දේශපාලනයයි පටලවා ගන්නැතුව අපේ රාජකාරියේ කාර්යය ඉටු කරලා තමන්ගේ නිදහසේ දේශපාලනයට තමන් යන්න. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක ඇමතිවරයාගේ දේශපාලනයට එකතු වෙන්න ඕනේ කියලා එහෙම නීතියක් ඇත්තෙත් නෑ. එහෙම බලපෑමක් ඇත්තෙත් නෑ. අපි සම්පූර්ණ නිදහස් සමාජයක් ලෝකයේ ඇති වෙනවා දකින්න කැමති අය. එය සමාජය හැම කෙනාගෙම හැකියාවේ පූර්ණත්වයට ඔවුන් ගෙනඑමින් ඒ හැකියාව සමාජයේ යහපතට එකතු කරමින් මේ ලෝකයේ අනාගතය ගොඩනැගීමේ වගකීම අප සතුව තිබෙනවා.

අද අභ්‍යාසලාභීන් හැටියට පත්වීම් ලැබූ ඔබගේ එකතුවීම අප සමඟ අපේ අනාගතයට, රටේ අනාගතයට අතිශයින්ම වැදගත් කරුණක්. ඒ වගේම ඔබගේ ජීවිතයට එය අතිශයින්ම වැදගත් කරුණක්. අපේ ජීවිතයයි අපේ රටේ අනාගතයයි කියන එක දෙකක් නෙමෙයි එකක්. අපේ කාර්යභාරය ඉටුකිරීම අපේ රටේ අනාගතයේ ගමනට අපි දායක වීමක්. එය අනිත් අතට අපේ ජීවිතේ අපි නංවා ගැනීමක්. මෙන්න මේ සම්බන්ධය අපි හිතේ දරාගෙන අපේ කාර්යභාරය ඉටුකිරීමේ වැදගත්කමයි මා පෙන්නුවේ.

ඊළඟට මේ ක්‍රමවේදය ඉතාම හොඳයි. ඔබ අද ඉන්නේ වෘත්තීය ජීවිතයට ඇතුළු වන ප්‍රවේශ දොරටු ඉදිරියේ. මේ ජර්මන් තාක්ෂණය කුසලතාවය ලෝකයේම පිළිගන්නවා. කාර්මික ශිල්පීන් හැටියට ඔබගේ වැදගත්කම ඔබ දන්නවා. කාර්මික ශිල්පීන්ගේ දායකත්වය නැතුව ලෝකෙට අනාගතයක් නෑ. මනුෂ්‍ය සංහතියට අනාගතයකුත් නෑ. අපි අවුරුදු දහස් ගණනක් ආපු ගමන පරිණාමය වෙමින් ක්‍රමයෙන් අද ඉන්න දියුණු තත්ත්වයට ආවේ කාර්මික ඥානයේ එකතු වීමත් එක්ක. ඉතින් ඔබ ඒ කාර්මික ඥානය දරන්නන් හැටියට මේ ඔබ භාරගන්නේ ලොකු වැදගත් වගකීමක්. හමුදාවක පෙරමුණු බල ඇණිය වගේ ජාතික අවශ්‍යතාවයේ උවමනාව වෙනුවෙන් කැපවෙන පිරිසක් හැටියට ඔබ මම අද සාධරයෙන් පිළිගන්නවා යැයිද ජල සම්පාදන අමාත්‍යතුමා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

– මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර

7,706 views

4 Comments to “මා ඉන්නාතුරු, මේ රජය පවතින තුරු ජල සම්පාදන මණ්ඩලය පුද්ගලිකරණය කරන්නෑ..”

  1. වාසු දකෂ පරිනත නායකයෙක් බවට පත්වී හමාරයි,.! says:

    වාසු සහොදරයා දකින සෑම විටම ෆිඩෙල් කස්තො,චේ, වැනි අයවළුන් සිහියට නැගෙනවා,.!
    වාසු දකෂ පරිනත නායකයෙක් බවට පත්වී හමාරයි,.!

  2. sewwandi galappaththi says:

    moda chuun. kata ke set eken ekek

  3. ලයිෆ් ටයිම් සමාජ වාදියා says:

    වාසු හාමු මහත්තයා වැරදුනා සහෝදරයා ඔබගේ කතා හාන කොට මොකක් මොකෙක්දෝ විකටයෙක් මතක් වෙනවා හැමදාම සමාජවාදියා සමාජවාදයෙන් කරපු දෙයක් නෑ නෑ තමුන් වැජඹුනා විතරයි. හැබැයි ඔය අරන් තියෙන ගත්ත තීරණය නම් බොහොම හොඳයි මොකද ඕක ඉන්න සභාපති ඔය ක්‍රිකට් ගහපු එකා අලි හොරා. පවුලම ලෝක හොරු.

    • ජන්දදායකයා says:

      සමාජිවාදී වෙස්මුහුණ දමා ගත් ධනවාදියෙක් බොරුවට කෑගහනවා …ලංකාවේ සුළුජාතික භාෂාව වූ දෙමළෙන් ජාතික හැදුනුම් පත නිකුත් කල දේශද්‍රෝහියා .අවස්ථාවාදී කපටි නරියෙක්

Leave a Comment

Main News