මා ඉන්නේ කලකිරිලා.. තීන්දුවක් ගන්න සූදානම්..- තිස්ස විතාරණ

November 17, 2021 at 12:00 pm | lanka C news
මා ඉන්නේ කලකිරිලා.. තීන්දුවක් ගන්න සූදානම්..- තිස්ස විතාරණ

අද වන විට රටේ ජනතාව කොරෝනා උවදුරට වඩා ජීවන බර නැමැති උවදුරෙන් පීඩා විඳින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

එම ජීවන බරින් ජනතාව මුදා ගැනීමට ලංකා සම සමාජ පක්ෂය විසින් ආණ්ඩුවට අයවැය යෝජනාවලියක් ලබා දුන්නත් ඒ කිසිවක් අයවැය ලේඛනයට ඇතුලත් කර නොමැති බව තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

ඒ නිසාවෙන් ඉදිරිපත් වී ඇති අයවැය යෝජනා වෙන් ජනතාව තව තවත් පීඩනයට ලක්වන බව ඒ මහතා සඳහන් කරයි.

කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොරොන්දු වූ නිසා තමන් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවට පැමිණි නමුත් තමන්ට ලබාදුන් පොරොන්දුව කර ඇති බවත් පෙන්වා දෙන තිස්ස විතාරණ මහතා තමා දේශපාලන කලකිරීමකට ලක්ව ඇති බවත් පවසයි.

ඒ අනුව තමා ඉදිරියේ දී දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බව ද තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

එ් මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ තමාට වසංගත රෝගයන් පිළිබදව මනා දැනුමක් ඇති බවත් එදා වසූරිය රටින් තුරන් කරන්නට තමාට හැකි වූ නමුත් අද කොරෝනා උවදුරින් රට මුදා ගැනීමට ආණ්ඩුව තමන්ගේන් කිසිදු සහයක් ලබා නොගන්නා බවත්ය.

19,230 views

24 Comments to “මා ඉන්නේ කලකිරිලා.. තීන්දුවක් ගන්න සූදානම්..- තිස්ස විතාරණ”

  1. 3ත් නැති ජෙප්පා says:

    කලකිරිලා නම් ගිහිගෙය අත්හැර දාපන්. චන්ද 100ක් නැති උන්ව මොකට තියාගෙන ඉන්නවද

  2. කරු says:

    මේ කලකිරිල ඉන්න එවුන් එකෙක්වත් ( විතාරණ, චන්දිම, විජේදාස ……) එකෙක්වත් කළකිරිල ඉන්නෙ ජනතාව දුක් විඳින නිසා මෛයි. තමන් බලාපොරොත්තු වෙච්ච තනතුරු නිසා නෙමෙයි. මෙයත් ඉතින් මුල්න්ම කිව්ව කොරෝන මඩින විදිහ හරි නෑ පාරවල් දිගේ මිනිස්සු මැරෙයි කියල. ඊ එහෙම නොවුනාම ඊළඟට කිව්ව හැමෝටම එන්නත් දෙන්න අවශ්‍ය නෑ ඒක මුදල් අපතෙ යැවීමක් කියල. ඔය වගේ නොයක් කථා කියවනව ඉතින් තනතුරක් නොලැබීමේ දුකට.