මා උපන්නේ මහා මන්දිරයක ලොකු පරම්පරාවක නොවේ.. බඩගින්න හොදට දන්නවා.. එනිසා රටින් සහල් ගෙන්වනවා..
July 13, 2017 at 3:00 pm | lanka C news
තමන් සුඛෝපභෝගී මාලිගාවලින් හෝ ලොකු පරම්පරාවලින් පැමිණි අය නොවන නිසා බඩගින්න හොදින්ම දන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පලුගස්දමන ප්‍රාථමික විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් පැවසීය.
රට තුල සහල් මිල තවත් ඉහළ ගියොත් ආණ්ඩුව පාඩු ලබමින් හෝ විදේශයන්ගෙන් සහල් ගෙන්වා සහන මිලට ජනතාවට ලබා දෙන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කලේය.