මා එජාපයට ගියේ කැබිනට් ඇමති වෙන්නයි..- උඩත් යටත් දෙකම නැතිවුණු පියසේන කියයි..
November 22, 2018 at 3:31 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔන්න මෙන්න තියා සමහර දිස්ත්‍රික්ක වලට කැබිනට් ඇමතිකම් දෙක තුන ලබාදුන් බවත් එහෙත් ගාල්ල දිස්ත්‍රික්කයට කිසිදු කැබිනට් ඇමතිකමක් ලබා නොදීම නිසා තමන් දැඩිකලකිරීමට පත්වූ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි.
ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වීමට ගත් තීන්දුව පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ගාල්ලට කැබිනට් ඇමති ධූරයක් ලබාදිය යුතුව තිබූ බව පවසන ගමගේ මන්ත්‍රීවරයා මේ නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල අසාධාරණයක් වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය. මේ පිළිබඳ අදහස් දක්වමින් ගමගේ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
‘‘අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණ මිනිස්සු. නමුත් අපි පාන්කඩ වගේ පැත්තකට විසිකරලා දැම්මා. අපෙන් වැඩක් ගත්තේ නැහැ. වැඩක් කරන්න ඉඩක් දුන්නේ නැහැ. මා පක්ෂයේ උප සභාපතිවරයෙක්. නමුත් පක්ෂයේ නායකයින් අඹමල් රේනුවකින් අපට සැලකිල්ලක් කළේ නැහැ.
ගාල්ලට කැබිනට් ඇමතිකමක් දෙන්න තිබුණා. ගාල්ලට කිසිදු සැලකිල්ලක් කළේ නැහැ. ඒ ගැන මා දැඩිකලකිරීමට පත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමේදී ගාල්ල දිස්ත්‍රික්කය කාටවත් අමතක කරන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජවය ලබා දෙන්න මා පුරෝගාමීව කටයුතු කළා. නමුත් ගාල්ලට සැලකිල්ලක් දැක්වුයේ නැහැ . මේ නිසා නායකයින් ගැන කලකිරීමක් ඇතිවුණා. මේ තිරණය ගැනීමට මෙය එක් හේතුවක්.
තව හිටියත් මෙතන මෙච්චර තමයි. පක්ෂයට සලකන්නෙත් නැහැ. අපට සලකන්නෙත් නැහැ. දිස්ත්‍රික්කයේ ජනතාවට සලකන්නෙත් නැහැ.පක්ෂයත් ඉවරයි. අපිත් ඉවරයි. රටත් ඉවරයි පක්ෂයත් කෑවා ඒ නිසා තමයි මෙ තීන්දුව ගන්න වුනේ.
පසුගිය දිනවල සිදුවූ සිදුවිම් මගේ හෘද සාක්ෂියට අනුව අනුමත කරන්න බැහැ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. රටේ නීතියත් තියෙනවා. යුක්තියක් තියෙනවා. ඒ නිසා පසුගිය දිනවල සිදුවූ දේවල් අනුමත කළ නොහැකි බවද මන්ත්‍රීවරයා පැවැසීය‘‘.
– lankadeepa
මෙයා බොරුවකි
වජිරඅබේවර්ධන කැබිනට් ඇමතිය
Dan thota kabinet amathikamak hambavi, balagena hitapan horikadaya
ibbagenn pihatu ganeema………………………
githage kapakirim adarsayata ganna hoda.
Chase this frog out of parliament and give that place back to Geetha as she was the people’s selection last election
Ratata hena gahuvath kamak naha, mata cabinet amathiyek wenna ona.
ඊලග චන්දයෙන් අයෙත් ගෙදර !
ඊළඟ මැතිවරණෙදි අපි උඹව කැබිනට් එක ඇතුලට දාල වහල ගෙයි මුල්ලකින් අරන් තියනව.නොකොලොත් අපි ගාල්ලෙ නෙමෙයි පියෝ.
“මේ වගේ පිනා චාන්ස් මන්ත්‍රීලට වත් දිස්ත්‍රික්ක සතුටු කරන්නවත් නෙවයිනෙ.. ඒකෙන්ම පේනවා මූ වඩා සුදුසු කොළපාට ලේ කාරයන්ටයි කියල
Aney GON tikkooo, ubalage PERMUNU ANDU walin thamai HARAK thaleta nethi MINISTRIES hadala UNP eken ena unta PUDA KALE.
‘SEEENI amathi’, ‘SUWISHSHI KATAYUTHU amathi’, ‘KAARAYA BARAYAK NETHI amathi’ kiyana oya okkoma GON PART demme CHANDRIKA & MR. Ube wage GONNU nam api ube POINT eka pili gannawa .