මා එජාපයට ගියේ කැබිනට් ඇමති වෙන්නයි..- උඩත් යටත් දෙකම නැතිවුණු පියසේන කියයි..
November 22, 2018 at 3:31 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔන්න මෙන්න තියා සමහර දිස්ත්‍රික්ක වලට කැබිනට් ඇමතිකම් දෙක තුන ලබාදුන් බවත් එහෙත් ගාල්ල දිස්ත්‍රික්කයට කිසිදු කැබිනට් ඇමතිකමක් ලබා නොදීම නිසා තමන් දැඩිකලකිරීමට පත්වූ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි.
ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වීමට ගත් තීන්දුව පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ගාල්ලට කැබිනට් ඇමති ධූරයක් ලබාදිය යුතුව තිබූ බව පවසන ගමගේ මන්ත්‍රීවරයා මේ නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල අසාධාරණයක් වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය. මේ පිළිබඳ අදහස් දක්වමින් ගමගේ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
‘‘අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණ මිනිස්සු. නමුත් අපි පාන්කඩ වගේ පැත්තකට විසිකරලා දැම්මා. අපෙන් වැඩක් ගත්තේ නැහැ. වැඩක් කරන්න ඉඩක් දුන්නේ නැහැ. මා පක්ෂයේ උප සභාපතිවරයෙක්. නමුත් පක්ෂයේ නායකයින් අඹමල් රේනුවකින් අපට සැලකිල්ලක් කළේ නැහැ.
ගාල්ලට කැබිනට් ඇමතිකමක් දෙන්න තිබුණා. ගාල්ලට කිසිදු සැලකිල්ලක් කළේ නැහැ. ඒ ගැන මා දැඩිකලකිරීමට පත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමේදී ගාල්ල දිස්ත්‍රික්කය කාටවත් අමතක කරන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජවය ලබා දෙන්න මා පුරෝගාමීව කටයුතු කළා. නමුත් ගාල්ලට සැලකිල්ලක් දැක්වුයේ නැහැ . මේ නිසා නායකයින් ගැන කලකිරීමක් ඇතිවුණා. මේ තිරණය ගැනීමට මෙය එක් හේතුවක්.
තව හිටියත් මෙතන මෙච්චර තමයි. පක්ෂයට සලකන්නෙත් නැහැ. අපට සලකන්නෙත් නැහැ. දිස්ත්‍රික්කයේ ජනතාවට සලකන්නෙත් නැහැ.පක්ෂයත් ඉවරයි. අපිත් ඉවරයි. රටත් ඉවරයි පක්ෂයත් කෑවා ඒ නිසා තමයි මෙ තීන්දුව ගන්න වුනේ.
පසුගිය දිනවල සිදුවූ සිදුවිම් මගේ හෘද සාක්ෂියට අනුව අනුමත කරන්න බැහැ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. රටේ නීතියත් තියෙනවා. යුක්තියක් තියෙනවා. ඒ නිසා පසුගිය දිනවල සිදුවූ දේවල් අනුමත කළ නොහැකි බවද මන්ත්‍රීවරයා පැවැසීය‘‘.
– lankadeepa
පය්යසේන ගමගේ…. උඹ කයය ගැහුවත් අර නිලියට පරාද උණා නේද බං… ඊ ලග පාරත් පරාදයි,,, මෙන්න කැට…. දිස්ත්ර්ක්ක්යට කැබිනට ඇමතිකමක් නැහැ….රටට හෙන ගැහුවත් කමක් නා…මන් ගියා…මට ගියා කියපන්. අර ගෙවිදු ගේ 360 කියවාපන්. මහා දවල් මමබන්කුවට විතරක් නෙවයි රටටම කෙලලා,,,,
එහෙම දිස්ත්‍රික්ක වලට ඇමති පට්ටම ගානෙ දෙන්න ගියොත් එතනම 25ක් ඉවරයි!! ඇමතිකම් දෙන්නෙ විෂයට දක්ෂ එහෙමත් නැතිනම් හවුල් ආණ්ඩුවක වැදගත්ම පුරුක් වලට මිස මේ වගේ පිනා චාන්ස් මන්ත්‍රීලට වත් දිස්ත්‍රික්ක සතුටු කරන්නවත් නෙවයිනෙ.. ඒකෙන්ම පේනවා මූ වඩා සුදුසු කොළපාට ලේ කාරයන්ටයි කියල
බය වෙන්න එපා ලබන් ජන්දන් ඔබතුමටත් පුත්තර රත්නයටත් හිනිදුම ජන්තව සඩරනයක් කරයි
You have done lot of work for Galle. That is why you could not win during the last General Election. You manage to come to the parliament on a technical point. Wait and see at next General Election to see what will happen to you
දොස්තර රමේෂ් පතිරණට ඊළඟ ආණ්ඩුවේ ඇමති කමක් දෙමු. මේ නරියව එලව දමමු.
තෝත් ඉවරයි.
ගාල්ලෙ මිනිසුන්ට අසාධාරනයක් උන නිසා ලු මේකා පැන්නේ හොර ගෙඩියා. චන්දෙට වරෙන් අපි පෙන්නන්නම් සාධාරනේ.
ගාලු පුරවැසියෙක් ලෙස මාත් මෙය අනුමත කරනවා…රජය මීට වඩා බුද්ධිමත්ව කටයුතු කල යුතුයි..
DAN BORU BAILA
GAHANNA APA .
OBE MULU PRAKASANA YA
BUDDIMATH WA KIYAWA GATHA
ONAMA
KENEKUTA PAHADILI WA
AWA OODA WANAWA
GALLE JANATHAWA, PAKSAYA SAHA
ANEKUTH DEWAL SADAHA NOWE
OBA PATHI MARUKALE
THAMA GANA HITHALA PAMANI.
Person who steals water servicefor more than 20 years wants a cabinet portfolio to steal more. Very good punishment
ගීතා කුමාරසිංහට වල කපල ආපු පින්ගුත්තරයකුට මොන ඇමතිකම්ද ?? මීළඟ චන්දෙදි ගෙදර ගිය හැකියි .
අපේ ගීතා අක්කා සීන් එකට ආපු ගමන් පොර කොරවෙලා. ඇයි ඔච්චර භය
Geethata wada wediyen eka chandayak aran pennapan umbata salakanna.
Take at least one more vote than Geetha for us to consider you