මා එජාපයට හිතවත් තමයි..- දුමින්ද

March 22, 2019 at 11:20 am | lanka C news
මා එජාපයට හිතවත් තමයි..- දුමින්ද

එක්සත් ජාතික පක්ෂය සමග තමන්ගේ හිතවත් කම සහ ගනුදෙනුව තිබෙන්නේ රට දිනවීමට හා රට ශක්තිමත් කිරීමට යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

එම සම්බන්ධතාවය පුද්ගලික එකක් නොවන බවත් තමන් කිසිම අවස්ථාවක දේශපාලන පිල් මාරුවක් කර එක්සත් ජාතික පක්ෂයට එක්වන්නේ නැති බවත් ඔහු සදහන් කළේය.

තමනට එක්සත් ජාතික පක්ෂය සමග ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇති සම්බන්ධකම බවද ඔහු පැවසීය.

නොච්චියාගම ප්‍රදේශයේ දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

97 views
Main News