මා එදා දෙනියායේදී කලේ මනුෂ්‍යත්වයේ කතාවයි.. දෙමවුපියන්, ගුරුවරුන් ස්තුති කලා.. වැරදි කලේ මාධ්‍යයි..- පොලිස්පති

September 24, 2018 at 10:00 am | lanka C news
මා එදා දෙනියායේදී කලේ මනුෂ්‍යත්වයේ කතාවයි.. දෙමවුපියන්, ගුරුවරුන් ස්තුති කලා.. වැරදි කලේ මාධ්‍යයි..- පොලිස්පති

කොටපොළ මධ්‍ය මහා විද්‍යාලයේ දී තමන් විසින් සිදු කළේ මනුෂ්‍යත්වයේ පාඩමක් බවත් පැය තුනක කාලයක් පුරා සිදුකළ ඒ කතාවෙන් ඉතාම කුඩා කොටසක් අල්ලාගෙන මාධ්‍ය විසින් පොලිස්පති තනතුර හෑල්ලු කිරීම ගැන කණගාටුවට පත්වන බවත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි.

පොලිස්පති ධුරය හෑල්ලු කළ ඒ මාධ්‍ය ගැන කලකිරීමක් ඇති වන බව සඳහන් කරන පොලිස්පතිවරයා තමන් ගේ දේශණය ගැන ගුරුවරුන්, මවුපියන් මෙන්ම ස්වාමින් වහන්සේලා දුරකථනයෙන් අමතා කනගාටුව පළ කළේ යැයි ද කීවේය.

‘මා ඒ දේශනයේදි දරුවන්ට දෙමවුපියනට ගුරුවරුනට කියලා දුන්නේ මනුෂ්‍යත්වය පාඩමක් ඒ කතාව අපේ ජාතියට දරුවන්ට වැඩිහිටියන්ට හොඳයි.

කතාව අතරේදී පොඩි විහිළු කෑලි කීපයක් දැම්මා. වැඩිහිටියන්ට විහිළු කලේ ආදරයද. දෙමවුපියන්ට විහිළු කලේ අවංක ආදරේට. හාමුදුරුවන්ට කිව්වේ බෞද්ධයකු වූ සියලුම ගෞරවය ඇතිවයි. විහිළු කෑලි කපා මනුෂ්‍යත්වය කතාව විතරක් කියන්න කියා මාධ්‍යවේදීන්ගේ ගෞරවයෙන් ඉල්ලා සිටි නමුත් එයාලා දැම්මේ විහිලු කතා ටික විතරයි.

ඉදිරියේදී මගේ කතාව මාධ්‍ය වලට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා ඒක කියවන ඕනෑම අයෙකුට මගේ අරමුන පැහැදිලි වෙයි’ යයිද පොලිස්පතිවරයා සඳහන් කලේය.

115 views
Main News