මා එල්ටීටීඊ වේදිකාවකට කිසිදා ගොඩ වී නෑ.. කොටි තහනම් නැති කාලේ තෛපොන්ගල් එකකටනම් ගියා..

June 28, 2020 at 6:48 pm | lanka C news
මා එල්ටීටීඊ වේදිකාවකට කිසිදා ගොඩ වී නෑ.. කොටි තහනම් නැති කාලේ තෛපොන්ගල් එකකටනම් ගියා..

තමන් කිසිදු අවස්ථාවක එල්ටීටිඊ සංවිධානයේ වේදිකාවකට නැග වෙනම රටක් ඉල්ලා හෝ ආයුධ සන්නද්ධ අරගලය සාධාරණීකරණය කිරීමක් කර හෝ නැතැයි දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

මනෝ ගනේෂන් මහතාද වෙනම රටක් යන ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන බවත් එම කතා පිළිබද වඞීයෝ තමන් සතුව ඇති බවටත් විනයගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් මනෝ ගනේෂන් මහතා මේ බව සදහන් කළේය.

ඔහු මේ පිළිබදව මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් කර තිබේ.

මා සම්බන්ධයෙන් බොරු කීමේ අවශ්‍යතාවයක් කරුණාට ඇතැයි මම සිතන්නේ නැහැ. එහෙත් ඔහු මා පිළිබදව අවබෝධයක් නොමැතිව කතා කර ඇතැයි සිතනවා.

ශී‍්‍ර ලංකා රජයට එරෙහිව ආයුධ අතට ගෙන නැගී සිටින්නැයි මා ප‍්‍රකාශ කළා යැයි සදහන් කරමින් පුවතක් රාජ්‍ය මාධ්‍යයක එවක රාජපක්ෂ ආණ්ඩු කාලයේදි ප‍්‍රචාරය කෙරුණා. එම පුවත ප‍්‍රචාරය කළේ එවක යුධ පුවත් උණුසුම්ව වාර්තා කළ සමන් කුමාර රාම රාමවික‍්‍රම යන මාධ්‍යවේදියායි.

නමුත් සැබැවන්ම සිදුවුයේ කුමක්ද? එවක කිළිනොච්චියේ පැවති තෛපොංගල් උත්සවයට දකුණේ සිට බොහෝ දේශපාලඥයින් පිරිසක් සහභාගි ව නැවත පැමිණියා. රාජපක්ෂ ආණ්ඩුවේ එවක නියෝජන කළ හා ඉන් පසුව සිටිය සිංහල දෙමළ මුස්ලීම් දේශපාලඥයින් රැුසක් එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශය සමග සබදතා පැවැත්වුවා. එල්ටීටීඊ සංවිධානය තහනම් කිරිමට පෙර එය නීතිවරෝධි කි‍්‍රයාවක් වුණේ නැහැ.

එහිදි කිළිනොච්චියේ පැවති පොංගල් උත්සවයක් සදහා මාත් සහභාගි වුණා. එම පොංගල් උත්සවය යන්න දේශපාලන උත්සවයක් යන්න කරුණා අම්මාන් නොදන්වා විය හැකියි. එහිදි මම කළ කතාව සමන් කුමාර රාමවික‍්‍රම මාධ්‍යවේදියා විසින් වැරදි ආකාරයෙන් පරිවර්තනය කළ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීම නිසා එම කතාව විවේචනයට ලක් වුණා.

”ආයුධ අතට ගන්න. ශී‍්‍ර ලංකා රජයට එරෙහිව ආයුධ අතට ගන්න” යැයි මම ප‍්‍රකාශ කළා යැයි එම මාධ්‍යවේදියා මගේ කතාවට හඩ කැවීම් සිදු කර තිබුණා. කිළිනොච්චි වේදිකාවක මම අත් ඉහළට ඔසවා කතා කරන විට විඩියෝවක් සදහා වැරදි හඩ කැවීමක් සිදු කර එය සිංහල මාධ්‍යයක ප‍්‍රචාරය කරයි නම් එය සිංහල ජනතාව කෙසේ නම් එය විශ්වාස නොකර සිටියිද?

සිංහල ජාතිකත්වයටත් දෙමළ ජාතිකත්වයටත් තවමත් එක්ව ජීවත්වීමේ හැකියාව පවතින බව එම වේදිකාවේදි මම ප‍්‍රකාශ කළා . එය යාථාර්ථයක් බවට පත්වීමට නම් සමානාත්මතාවය පාලමක් ලෙස තිබිය යුතු බව එහිදි මම මාගේ කතාවෙන් අවධාරණය කළා.

එවක එල්ටීටීඊ සංවධානයේ ප‍්‍රබලව පැවතියා . එවන් අවස්ථාවක කිළිනොච්චි වේදිකාවක දෙමළ ඊළමක් පිළිබදව කතා නොකර දෙමළ භාෂාවෙන් රටේ සමගිය එකීයත්වය පිළිබදව කතා කිරීමේ හැකියාවක් මා හට තිබුණා. මම එය කළා. විශේෂයෙන් එම කතාව කළේ දෙමළ භාෂාවෙන්.

මා විිසින් එම කතාව කළ අවස්ථාවේදි එම කතාව තේරුම් ගත හැකි සිංහල දේශපාලඥයෙකු එහි සිටියේ නම් මා හට දේශපේ‍්‍රමි සම්මාන ලබාදී ගෞරව බහුමන් දක්වන්නත් තිබුණා. නමුත් ඒ වෙනුවට මෙහි සිටින ජාතීවාදීන් මගේ කතාව වෙනස් කොට මා ජාතිවාදියෙකු කිරීමට උත්සහා කළා. මා එවක දෙමළ භාෂාවෙන් කළ කතාව තේරුම් ගත හැකි කරුණා අම්මාන් වර්තමානයේදි කරන්නේත් එවක ජාතිවාදීන් කළ කි‍්‍රයාවමයි.

මම ,සම්පන්දන්, අඩෙක්කලනාදන් විසින් එම වේදකාවේ කළ කතාව තමත් යුටියුබ් වල තවමත් තිබෙනවා. එහි සැගවීමට කිසිවක් නැහැ. එබැවන් ජනතාවට එය නරබා ඇත්ත අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙනවා.

මම කිසිදු අවස්ථාවක ඊලමක් විශ්වාස කරන දෙමළ පුරවැසියෙක් නොවෙයි. ජාතීන් අතර සංහිදියාවක් ඇති නොවිය යුතු යැයි සිතන්නෙකුද නොවෙයි. මම කාලයෙන් කාලයට තමන්ගේ දේශපාලන ප‍්‍රතිපත්ති වෙනස් කරන දේශපාලඥයෙක්ද නොවෙයි. සිංහල දෙමළ මුස්ලීම් යන මේ සියලූ ජාතීන්ව එක්ව මේ රටේ ජීවත්වය යැයි සිතන ශී‍්‍ර ලාංකික ජාතිකයෙක්.

මේ රටේ සිංහල, දෙමළ ,මුස්ලීම් සියලූ ජනතාවට සමාන අයිතිවාසිකම් ලැබී එකට එක්වී ජීවත් විය යුතු යැයි අඛණ්ඩව ප‍්‍රකාශ කරන දෙමළ මධ්‍යස්ථ මතධාරී දේශපාලඥයෙකු වශයෙන් මගේ ස්ථාවරය පිළිබදව මම සතුටු වෙනවා. ආඩම්බර වෙනවා.

මාව ජාතිවාදයෙක් කියල හදුන්වා දෙන්න බොහෝ අය උත්සහා දරනවා. ඔවුන්ට අවශ්‍ය මගේ දේශපාලන ගමන විනාශ කරන්න. ඒ අයගේ උත්සහායන් සියල්ල මම පරාජය කරල තිබෙනවා.

මනෝ ගනේෂන්
මාධ්‍ය අංශය

53 views

13 Comments to “මා එල්ටීටීඊ වේදිකාවකට කිසිදා ගොඩ වී නෑ.. කොටි තහනම් නැති කාලේ තෛපොන්ගල් එකකටනම් ගියා..”

  1. kkuruwita says:

    අනේ පලයං යන්න මටි කොනෝ, අපි නොදන්න පාන් 😂

  2. sana says:

    Saman Kumarata passe amaruwak thiyenna widihak na …handa kawala boru karanna.
    aniwaryen mu a balu kathawa kiwwa……dan baba wenna hadanne …okkoma telephone buruwo kiya hithan wenna athi.

  3. Dubba says:

    ඇත්ත වශයෙන්ම ඔබ අගය කල යුතු දමිලයෙක්.

    • kkuruwita says:

      අම්මප ? කොටින් එක්ක එකට මඟුල් කෑව එකටද ? මතක නැත්ද ඒ කාලෙ මුගෙ ගන කම. මේ රටේ බහුතර ජනතාව මැරිල ඉපදිලා නැහැ.

    • JUDE says:

      Dubba –කුමක් සදහාද මේ ජාතිවාදී මනෝගේ ප්‍රකාශ සාධාරණිය කරන්න හදන්නේ ?
      උබත් වතු දෙමළ ජාතිකයෙක්ද ? මනෝ කියන්නේ LTTE ත්‍රස්තවාදී පිරපාකරන්ගේ දෙපා ලෙව කාපු හිවලෙක් ..අපේ රටේ කදුකරේ බලය අල්ලාගැනීමට උත්සාහ කරන නරුමයෙක් ..අපේ රටේ ජිවත් වෙමින් සිංහල මහා ජාතියට ඔහුගේ බලය පෙන්වීමට හදන ජාතිවාදියෙක් ..චන්ද්‍රිකා මොහුට ඇමතිකම් දීලා අපේ රටේ සිංහලයන් විනාශකිරීමට හැම පියවරක්ම ගත්තා ..පසුගිය ආණ්ඩුකාලේ මොහු වැඩ කලේ සිංහලයා ඔහුගේ යටතේ ජිවත් විය යුතුයි කියා පෙන්වමින් .. මොහුට අපේ රටේ දේශපාලනය තහනම් කර ප්‍රජා අයිතිය අහෝසි කර තැමිල් නඩුවට පිටුවහල් කලයුතුයි ..ජාතිවාදී අන්තවාදී සුළුජාතික ජාතිවාදීන් අපේ රටේ ජිවත් වියයුතු නැත

  4. UNP GAL IBBA says:

    හොරාගේ අම්මගෙන් පේනයක් ඇහැව්වා වගේ තෝත් හොඳම ගනයේ කොටියෙක් බව මුලු ලංකාවම දන්නවා දැන් බබාහුංකු පල පල දෙරිකැමලා????

  5. SL MAN says:

    LTTE Video Footage Reveals the True Face of Mano Ganeshan and TNA MPs

    https://youtu.be/0PPXHBZUs0U

    • LION says:

      Mano is racist tamil man who support to LTTE terrorism
      “There is no moral difference between a north tamils and tea state tamils . They both kill or use innocent people for political reasons.They try to get political power to rule our Sinhalese Motherland ..Never trust any racist tamil political leaders

  6. Pongu Thamil Koti weerayan samaranna europe canada nam giya bawa mathkai says:

    Pitarata LTTE diasporawa thibba Pongu Thamil maha viruwan samranna Prabhkaran inna kalema meya gihilla maha sadden goranadu kala.

    Koti satana sadhranaya karanna thama baluwe.

  7. MD says:

    මෙයාල තමයි කරුණට වඩා භයානක කට්ටිය. ඇත්තටම මෙයාල වේදිකාවට නගින්නේ නැහැ.වේදිකාව පිටුපස සිටයි දිය යටින් ගින්දර ගෙනියන ජවනිකාව කරන්නේ.කරුණලා හඳුනා ගන්න පුළුවන්. මෙයාල නියම දේශදෝහියෝ

  8. apo ow api dekka tho lankawe baagayak kamise gahagena karapu pampori kathawa. ane nikan palayan yanna para kotiya… tho edath kotiya adath kotiya…

Main News