මා කතානායක ලෙස සිටින තුරු රටට අහිතකර ව්‍යවස්ථාවකට අත්සන් තබන්නේ නෑ..- කරු ජයසූරිය
October 23, 2017 at 6:29 am | lanka C news
ව්‍යවස්ථාවක් පිළිබඳ ව විවිධ පාර්ශවයන්ගෙන් විවිධාකාර යෝජනා ඉදිරිපත්ව ඇති නමුත් මේ වන තෙක් කිසිදු අවසන් කෙටුම්පතක් සකස් කර නොමැති බවද එබැවින් පටු කෝණ වලින් බලා විවිධ අසමගිකම් පැතිරවීමට උත්සාහ නොකළ යුතු බවද කතානායක වරයා ලෙස තමා කටයුතු කරන තෙක් රටට ජනතාවට බුදු දහමට හෝ වෙනත් ආගමකට සුළු හෝ හානියක් වන කිසිදු ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඉඩ නොතබන බව ද කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
කතානායකවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවෙහි මීරිගම කතෝලික දේවස්ථාන (ජපමාල මෑණියන්ගේ දේවස්ථානය) සියවස් පූර්ණය වෙනුවෙන් පැවති සමරු උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
මෙහිදී තවදුරටත් කතානායක වරයා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන ඕනෑම ව්‍යවස්ථාවක් අවසන් වශයෙන් බල ගැන්වෙන්නේ ස්වකීය අත්සනින් බවත් එහිදී ඉතා සුපරීක්ෂාකාරීව සහ වගකීමෙන් කටයුතු කිරීමට මුලු මහත් ජාතියටම තමා ප්‍රතිඥා දෙන බවත් ය.
එබැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ව කිසිදු අවසන් කෙටුම්පතක් ඉදිරිපත්ව නැති මේ අවස්ථාවේ කලබල වීම අවශ්‍ය නොවන බව ද හෙතෙම සඳහන් කළේය.
– චමින්ද ගමගේ
රනිල් නැති තැන ඔහොම කියන්න පුළුවන් වුනාට රනිල් ඉන්න තැන ඔහොම කියන්න බැරි බව ඡනතාව දන්නවා… පාර්ලිමේන්තුවේදි අගැමති ඔබතුමාට ඕඩර්ස් දෙන හැටි අපි දැකලා තියෙනවා…
තෝ ගැන මුළු ලංකාවම දැන් දන්නවා.තවත් සුදු පොරවාගත් කාලකන්නි රට කන හොරෙකි.
Lajjai, hirikithai, aprasannai