මා කළ වැඩ ජනතාව අනුමත කර තිබෙනවා.. විශ්වාස භංගයෙන් මා දිනනවා..- රාජිත

August 25, 2017 at 6:29 am | lanka C news
මා කළ වැඩ ජනතාව අනුමත කර තිබෙනවා.. විශ්වාස භංගයෙන් මා දිනනවා..- රාජිත

ඒකාබද්ධ විපක්ෂය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ  පැවැති මාධ්‍ය හමුවක දී මෙසේ අදහස් ප්‍රකාශ කරන ලදි.

‘ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 39 දෙනෙකු අත්සන් කර මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. චෝදනා නොමැති නිසා නොදැනුවත්කම හේතුවෙන් අහුලාගත් චෝදනා එම විශ්වාසභංගයේ ඉදිරිපත් කර තිබෙනවා. මම අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමින් සභාවට තුන්වරක් සහභාගි වී ප්‍රකාශ ලබාදුන්නා. එම නිසා ඉදිරිපත් කර ඇති චෝදනා පිළිබදව මම පුදුමයට පත්වනවා. මම නීතියට ගරු කරලා කටයුතු කර තිබෙනවා.

මෝදර ධීවර වරාය බදු දීම සම්බන්ධයෙන් තක්සේරු වාර්තා 03 ක් කැඳවූ බව එහි විධායක අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරනවා . මෙම වරාය හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නාවික හමුදාවට පවරා ගැනීමට උත්සාහ කළා. එම උත්සාහය වෙනුවට රට වෙනුවෙන් හොඳ පියවරක් ගත්තා.

පසුගිය රජයේ දුෂණ සහ වංචාවලට චෝදනා ලැබූ දුෂිතයින් පිරිසක් ඒකාබද්ධව මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය රජයේ දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතනවලට එරෙහිව ආරම්භ කළ සටන අත්හරින්නේ නැහැ. මහජනතාව දැනුවත් කරනවා. 2015 ජනවාරි 08 දින සිටි ස්ථාවරයේ ම සිට මම කටයුතු කරනවා. මම කළ වැඩ ජනතාව අනුමත කර තිබෙනවා.

එක විශ්වාසභංගයක් නොවෙයි විශ්වාසභංග 10 ක් ගෙනාවත් දුෂිතයින්ට එරෙහි සටන ඉදිරියට ගෙන යනවා. සැළෙන්නේ නැහැ. මෙය බංකොළොත් විශ්වාසභංගයක්. මෙම විශ්වාසභංග යෝජනාව මගේ විශ්වාස පළ කිරීමේ යෝජනාවක් ලෙස පරිවර්තනය කර ගන්නවා. පළිගැනීමේ චේතනාවෙන් එය ඉදිරිපත් කර තිබෙනවා. මා පිළිබද විශ්වාසය ජනතාවගෙන් තුරන් වී නැහැ. මෙම විශ්වාසභංග යෝජනාව පහසුවෙන් ජය ගන්නවා. ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාගේම සහයෝගය ඊට ලැබෙනවා’

– ප‍්‍රසන්න අධිකාරී

27 views

2 Comments to “මා කළ වැඩ ජනතාව අනුමත කර තිබෙනවා.. විශ්වාස භංගයෙන් මා දිනනවා..- රාජිත”

  1. අනාථ ජනයා says:

    දැන් පාර්ලිමේන්තුව තුල සැබෑ ජනතා නියොජනයක් නැහැ. වයවස්තා විරොදි හොර ඇමට්ට මඩුල්ලක් සහ ජනතාව චන්යෙන් පවා ප්‍රතික්ෂේප කල මැට්ටන් සහ පච මතින් චන්ද කොල්ලකාපු පිරිසක් රට විනාශ කරන රැල්ක් ඉන්න තැනක් පමනයි. ඔය මගුල නීති විරොදි නිසා මේ ආන්ඩුවත් නීති විරෝධී වෙනවා. ලබාගත් වැටුප් සහ දීමනා පවා නැවත ගෙවිය යුතුයි. මේ ආන්ඩුව ගෙනා සියලු අන පනත්, සියලු ගිවිසුම් අවලංගු වෙනවා.

  2. sky says:

    ටොමියගේ බලු වැඩ ජනතාව නම් අනුමත කරන්නේ නැහැ ..ජාතිවාදී දෙමළ කොටියි අන්තවාදී මුස්ලිම් දේශපාලුවොයි පමණයි ඔබ වගේ නිවට වන්චාකාරයෙක්ගේ බලු වැඩ අනුමත කරන්නේ …දැන් බලාසිටියා ඇති ඔහුව නෙරපා දැමීමට කාලේ හරි ප්‍රජා අයිතියත් අහිමිකර අපේ රටින් පිටමං කල යුතුයි