මා කිරුළ ගැලෙවුවේ මට අයිතියක් ඇති නිසා…- කැරොලයින් ජූරි පොලිසියට කල ප‍්‍රකාශය මෙන්න..

April 7, 2021 at 9:20 am | lanka C news
මා කිරුළ ගැලෙවුවේ මට අයිතියක් ඇති නිසා…- කැරොලයින් ජූරි පොලිසියට කල ප‍්‍රකාශය මෙන්න..

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ දී කිරුළ දිනූ පුෂ්පිකා සිල්වා මහත්මයගෙන් කිරුළ ගලවා දෙවැනි ස්ථානයට පත් වූ ආශා බස්නායකට එය පැළඳ වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව ඊයේ දිනයේ ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි ප්‍රකාශයක් ලබාදී තිබේ.

ඇය එහිදී සඳහන් කර ඇත්තේ තමනට එසේ කිරීමට අයිතියක් ඇති බවයි.

තමන් පුෂ්පිකා ද සිල්වා ගේ හිසෙන් කිරුළ ගලවා දෙවැන්නාට පැලදවූයේ තරග නීතිරීති අනුව බව ද ඇය කල ප්‍රකාශයේ සඳහන් වේ.

පුෂ්පිකා ද සිල්වා තරගයට සහභාගි වීමට හැකියාව ඇතත් ඇය දික්කසාද වූ අයෙක් නිසා විවාහක රූ රැජිණ කිරුළ දැරීමට අවස්ථාවක් නැතැයි ද ජූරි සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත.

තරඟයේ සංවිධායකයා වන චන්දිමාල් ජයසිංහ අවස්ථා ගණනාවක දී තරගය වෙනස්කම් කළ බවත් එයට ද තමා විරෝධය දක්වා වූ බවත් ඇය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී යලි වතාවක් විවාහක රූ රැජිණ කිරුළ පුෂ්පිකා සිල්වා මහත්මිය පළඳවීමට සංවිධායකයන් කටයුතු කරනු ලැබීය.

86,609 views

19 Comments to “මා කිරුළ ගැලෙවුවේ මට අයිතියක් ඇති නිසා…- කැරොලයින් ජූරි පොලිසියට කල ප‍්‍රකාශය මෙන්න..”

  1. sana says:

    anunge kirulu galawanna gihin thamange kirulai reddai dekama galawa gath moda gani…

    • SUHADA MAWATE-BOC-GU-PIMPI-CHAMARA says:

      Maga ganith 2022 ලංකා විවාහක රූ රැජන
      Kwllo denath KALU UNATA 2025 & 2027 ලංකා රූ රැජන

      Pinata Bonda Mala gedarak Tite nama kiyapalla

  2. කපුරු සෝමේ says:

    Drama: Mrs SL World Fiasco
    Awarded by Shira
    Scripts by Mara
    Plot By Nara
    Edited by Chara
    Directed by Gora
    Stage/Venue Organized by Rora

    • සුදුපරවියා says:

      මේ කිරුලූ drama එක මාධ්‍ය නතර කරන්නේ කවදාද ? මෙයට වඩා රටේ කොතරම් වැදගත් ප්‍රශ්න තියනවාද ? නැගෙනහිර සිංහල ජනතාව පලවාහැර ඔවුන්ගේ ඉඩම් මුස්ලිම් අන්තවාදීන් අත්පත් කරමින් සිටි ඒවා ගැන කතා නොකරන්නේ මන්ද? සිංහලයෝ තමන්ගේ මව් බිමේ අනාථ බවට පත් වෙද්දී අපේ රටේ මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාව විවාහක රූ රැජිනගේ කිරුළද ? ලැජ්ජයි

  3. Dengu Nona says:

    me vesa magula sanwidhaanaya korapu gon pakayaa oota ona ona wihata saren sare venas kireem keruwaa kiyanawane. issellama okawa hama gahanna ona.

Leave a Comment

Main News