‘මා කිවුවේ අමූලික බොරු..’ ගම්මන්පිලට එරෙහි නඩුවට ඔස්ටේ්රලියාවෙන් ගෙන්වූ බ්‍රැන් ෂැඩික්ගේ සාක්ෂි බිඳ වැටේ..
March 16, 2017 at 10:46 am | lanka C news
උදය ගම්මන්පිල මහතාට එරෙහිව විභාග වන නඩුවේ දී තමන් අධිකරණය හමුවේ කරන ලද ඇතැම් ප්‍රකාශ සත්‍යයෙන් තොර බවත්, තම බිරිඳගේ අත්සන හොරට යෙදීම සම්බන්ධයෙන් තමාට එරෙහිව ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බව ද තමා පිළිගන්නා බවත් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ජෝන් සැඩික් පෙරේදා (14) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.
නීතිඥ උදය ගම්න්පිල මහතා ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් යොදා ගනිමින් තමාට අයත් ව්‍යාපාර කොටස් අලෙවියකට හවුල් වී ඇති බවට බ්‍රයන් ජෝන් සැඩික් විසින් කරන ලද චෝදනාවක් විභාග කිරීම සඳහා පැවැති මහාධිකරණ නඩු විභාගයේ දී ඔහු ඉහත ප්‍රකාශය කළේ ගම්මන්පිල මහතා වෙනුවෙන් නැගුණු හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එම හරස් ප්‍රශ්න නගන ලද්දේ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසිනි.
මෙම නඩුව කොළඹ මහාධිකරණයේ දී මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හමුවේ විභාග විය.
එහිදී ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ජෝන් සැඩික් නමැති සාක්ෂිකරු මෙසේ ද කියා සිටියේය.
සිඩ්නි ජයසිංහ නමැති අයකු සමග මම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල යෙදුණා. උදය ගම්මන්පිල මහතා ඔහුගේ ළඟ සේවයේ යෙදුණු ඔහුගේම හිතවතෙක්.
සිඩ්නි ජයසිංහ මහතාගේ යෝජනාවක් අනුව පෑන් ඒෂයා බැංකුවේ කොටස් සඳහා මා මුදල් ආයෝජනය කළා. එසේ මුදල් යෙදවූයේ ‘ඩිජිටල් නොමිනී සමාගම’ යන නාමයෙන්.
මා ඔස්ට්‍රේලියාවට ගොස් සිටිය දී දැනගන්නට ලැබුණා එම කොටස් සිඩ්නි ජයසිංහ විසින් විකුණා දමා ඇති බව. මේ ගැන සොයා බලද්දී දැනගන්නට ලැබුණා එය සිදුකර ඇත්තේ වෙනත් කටයුත්තක් සඳහා මා වෙනුවෙන් කටයුතු කිරීමට මා විසින් ඇටෝර්නි බලපත්‍රයක් මගින් බලය ලබාදුන් නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ සහායෙන් බව.
ඒ ගැන වැඩිදුරටත් සොයා බලද්දී මට උදය ගම්මන්පිල මහතා කිව්වා “ඉක්මනින් ලංකාවෙන් පිටවී යන්න. ඔබව මරා දැමීමට සිඩ්නිගේ බාල පුතා මුදිත ජයසිංහ සැලසුම් කරනවා.” කියලා. ඒ නිසා මා ලංකාවෙන් පිටවී ගොස් නිහඬව සිටියා.
මේ අවස්ථාවේ දී ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
ප්‍ර- ඔබ අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා මුදිත ජයසිංහගේ මරණ තර්ජනය නිසා ලංකාවෙන් පිටව ගොස් මෙහි නොපැමිණ සිටියාය කියා?
පි- ඔව්. මා කියා සිටියා.
ප්‍ර- ඔබ මහා බොරුකාරයෙක්, ඔබ කියන තරමක් කියන්නේ බොරු?
පි- නැහැ. මම කියන්නේ සත්‍යය. මම බොරු කීවේ නැහැ.
ප්‍ර- හොඳයි. 1996 දී පැවැති මුදිතගේ විවාහ මංගල උත්සවයට ඔබ ඔස්ට්‍රේලියාවේ සිට පැමිණියේ නැද්ද?
පි- පැමිණියා.
ප්‍ර- ඔබව මරා දැමීමට සැලසුම් කරමින් සිටි මුදිතට ඔබ රුපියල් 5000ක් ද දුන්නා නේද?
(සාක්ෂිකරු පිළිතුරු නොදී නිහඬව සිටියි)
ප්‍ර- ලංකාවට නෑවිත් සිටියාය කියලා නේද ඔබ අධිකරණය හමුවේ කියා සිටියේ?
පි- ඔව්.
ප්‍ර- 1996, 1997, 1998 යන වර්ෂයන්හි දී ඔබ දිගටම ලංකාවට පැමිණ තිබෙනවා?
පි- නැහැ. මම ආවේ නැහැ. මගේ පාස්පෝට් එක බලන්න.
(එසේ කියමින් ඔහු තම ගමන් බලපත ඉදිරිපත් කරයි.)
ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා
ඔබ මෙතැන බබෙක් වෙන්න හදන්න එපා. අධිකරණය මුළා කරන්න හදන්නත් එපා. ඔබ ඔය ඉදිරිපත් කළ පාස්පෝට් එකට අමතරව ඇති අනෙක් පාස්පෝට් එකකින් තමයි ඔබ ඇවිත් තිබෙන්නේ. ඔබට ඔස්ට්‍රේලියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් නිකුත් කළ පාස්පෝට් දෙකක් තිබෙනවා.
(සාක්ෂිකරු නිරුත්තරව සිටී)
මේ අවස්ථාවේ දී ජනාධිපති නීතිඥවරයා ජූලියස් සහ ක්‍රීසි සමාගම්ශාලාවේ දී පැවැති සාක්ෂිකරුට අයත් කලම්බු මෙට්ල් රිසයික්ලින් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් 03ක සටහන් පත්‍ර ඉදිරිපත් කරමින් ප්‍රශ්න කරයි.
1996ත්, 1997, 1998ත් පැවැති මෙම අධ්යක්ෂ මණ්ඩල රැස්වීම්වලට ඔබ සහභාගි වුණේ කොහොමද ලංකාවට ආවේ නැත්නම්?
(සාක්ෂිකරු නිරුත්තරව බලා සිටී.)
මෙහි දී තමන් සතුව ඇති සියලුම රටවල ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියම කළ අතර සාක්ෂිකරු ඒවා ඉදිරිපත් කරන බවට සපත විය.
මේ අවස්ථාවේ ජනාධිපති නීතිඥවරයා බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තමාට එරෙහිව නඩුවක් තිබෙනවා නොවේදැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ බැව් පිළිගනියි.
ප්‍ර- එම නඩුව තිබෙන්නේ ‘වංචාකාරී ක්‍රියාවක්’ සම්බන්ධයෙන් නේද?
පි- ඔව්.
ප්‍ර- තමන් තමාගේ බිරිඳගේ අත්සන හොරට යොදා කරන ලද බරපතළ වංචාවක් සම්බන්ධයෙන් නේද එම නඩුව පවරා ඇත්තේ?
පි- ඔව්.
කමල් මහේන්ද්‍ර වීරරත්න
– Rivira
we need full report of this case. all comments given by Champika on this case.
thanks
අයියෝ ජෝන් සඩික් සාමි මොකද වෙන්නයන්නේ, කැවානේද චම්පකයගේ ලණුව.,
උදය මහත්තයෝ! ඒ ලනුවෙන් ම චම්පකයගෙ බෙල්ල තදකරන්න ඕනා. මුන්ව දුටුතැන අසුචි පිටවෙනතුරු පහරදීමට පටන් ගමු.
කෝ අර ගම්මා හොරකම් කලා කිව්ව කොල්ලෙක් උස්සල නඩු අහුව හිරැනිකර්.
She is checking Wrushana Koasha.
මේ වගේ පර සුද්දොත් එක්ක හවුලේ බිස්නස් නොකර හිටියනම් හොඳා
ඇත්ත
Toyyonge anthima balaporoththuwath sun wenna wage yanne. Sudda hire gihin natharaweida danne na…
Udaya mahattaya vitarai Helaurumaye niyama nayakaya. Champikala Rathana hamuduruvo oya kattiyama kisima pratipattiyak nathi aya. oya kattiya vagakiyanna ona 2015 passé Lanka Matawata vechi paduwata.
A future government should jail Pa Cha Ranawaka at least for 5 years
මේ නඩුව කැලේ ගියොත් චම්පකගෙයි, හිරනිකාගෙයි පටි රෝල්!
මට වචනයෙන් කියන්න බැරිතරම් සතුටුයි ! මේ තරම්ම ඉක්මනට මෙතරම් කරුණු එලියට එයි කියලා හිතුවේ නැහැ..
ගම්මන්පිල මහතාට බුදුසරණයි! දෙවි පිහිටයි!!
“සත්‍යය කවදා හෝ ජය ගනී” යන කියමන සත්‍ය වී ඇත. සැබෑ දේශප්‍රේමී උදය ගම්මන්පිල මැතිතුමන්ට ලක්මවගේ සුජාත දූ පුතුන් ගේ ආචාරය හිමි වේ!
පෙරේරා කෝ මු? මේවට උත්තර දීපන්
Gemba Horungeth Horakankarana horungeth horek.
awidinna bari rogee wayasaka joduwak kiwuwata oya yasa ageta inne kohomath kata wachala pilleya hire yanawamayi .
මුගේ නමත් ප. ච. සැඩික් ද ?