මා කී දේ සිදුවෙනවා නියතයි.. රනිල් ව්‍යවස්ථාවෙන් ජනපති වෙනවා.. ජනාධිපතිවණයෙන් ගෝටාභය ජනපති වීම ස්ථිරමයි..

November 21, 2016 at 12:01 am | lanka C news
මා කී දේ සිදුවෙනවා නියතයි.. රනිල් ව්‍යවස්ථාවෙන් ජනපති වෙනවා.. ජනාධිපතිවණයෙන් ගෝටාභය ජනපති වීම ස්ථිරමයි..

තමන් කලින් පල කරන ලද අනාවැකිය ස්ථිර වශයෙන්ම සත්‍ය වන බව ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජ්ත් රෝහණ විජේමුණි මහතා පවසයි.

ඉන් අනතුරව ව්‍යවස්ථාව අනුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වන බවද ඔහු සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සදහන් කරයි.

කෙසේ වෙතත් ඉන් පසු පැවැත්වෙන ජනාධිපතිවරනයෙන් වැඩි ඡන්ද ලක්‍ෂ පහකට වඩා ලබා ගනිමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ස්ථිර වශයෙන්ම මෙරට ජනාධිපති ධුරයට පත්වන බවද එම වීඩියෝවෙන් ඔහු සදහන් කරයි.

මේ සිදුවීම් සිදු නොවන්නේ නම් තමන් ඉදිරියේදී ජ්‍යෙතිෂ අනාවැකි කීම සම්පුර්ණයෙන්ම අතහැර දමන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

54 views

29 Comments to “මා කී දේ සිදුවෙනවා නියතයි.. රනිල් ව්‍යවස්ථාවෙන් ජනපති වෙනවා.. ජනාධිපතිවණයෙන් ගෝටාභය ජනපති වීම ස්ථිරමයි..”

  1. Lionel Dholapihilla says:

    Mr. Vijithamuni Rohana, you are the only one in this entire world, who said for sure that
    Mr. Trump wins the US presidency. It is unbelievable but true! Hope all of your other
    astrological forecasts would come true!

    • perera says:

      100% agree with your statement.

      So Congrats for our next his excellency president Gotabaya Rajapaksha !!!!!!!!!!!!

  2. Appuhamy says:

    me gorakaya amu kala,nathnam me wage gong katha kiyanne naha. mugen ahanna ona uge geni marenne kawadada kiyela. ane gono gihin a… yanna dala the gahapan

  3. ගමරාල says:

    ඔබ නිවැරැදියි. ජනවාරි 17 ට කලින් කතාවෙදි. මොකද දෙසැම්බර් යනු එයට කලින් බැවිනි.

  4. wele vidane says:

    මල්වඩමි අනවෂ්‍යයයි!

  5. Champa says:

    මේ අනාවැකිය සිද්ධ වෙන්න තියෙන සම්භාවිතාව සෘණ අගයක් ගන්නවා. හේතුව රනිල් 2017 ව්‍යවස්ථාවෙන් ජනාධිපති වෙනවා නම්, රනිල් කවදාවත් චන්ද තියන්නේ නැහැ. රනිල් එක්කෝ වැඩ බලන ජනාධිපති විදියට ඉන්නවා. නැත්නම් විධායකය අහෝසි කරලා විධායක බලතල ඇති අගමැති තනතුරක් හදල අගමැති වෙනවා. එතකොට ජනාධිපතිවරණයක් කවදාවත් නැහැ. ඒ කියන්නේ 2020 ගෝඨාභය ජනාධිපති වෙන්නේ නැහැ.

    අනිත් පැත්තෙන් රනිල් විධායක ජනාධිපති වෙච්ච ගමන් තමන්ට තර්ජනයක් කියලා හිතන හැමෝවම හිරේ දානවා wholesale. ඊට පස්සේ 2020 නෙමෙයි ඊටත් එහාට රජ කරනවා. ඔය කියන විදියට ගෝඨාභයට රනිල් කීයටවත් chance එකක් දෙන්නේ නැහැ.

    අනිත් එක ඔබ රනිල්ගේ කේන්දරෙත් බැලුවද?

    විජිත් ඔබ Trump ගැන කියපු එක නම් හරි ගියා. ඊට කලින් කියපුවා ගැන මම දන්නේ නැහැ.

    හැබැයි මම කියනවා ඔබ මේ කියන අනාවැකිය වරදිනවා කියලා.

    අනිත් එක ඔබ කියනවනේ වැරදුනොත් නවත්තන්නේ අනාවැකි කීම විතරයි කියලා, කේන්දර බලන එක නවත්තන්නේ නැහැ කියලා. ඒ කියන්නේ තමන්ගේ අනාවැකිය සියයට සීයක්ම හරි යන බව ඔබ පිළිගන්නෙත් නැහැ. මම කියනවා ඔබ අද මේ කරන්නේ නම් guessing ගමේ එකක් කියලා.

    අනිත් එක සිරිසේන ජනාධිපති මැරෙනවා කියලා කියන කතාවත් මම පිලි ගන්නේ නැහැ. ඒ මොකොද එහෙම නම් මාත් මේ වෙනකොට මැරිලා ඉන්න ඕනේ. කතාව කෙටියෙන් කියන්න බලන්නම්.

    විජිත් රෝහණ වගේ නෙමෙයි සැහෙන කාලෙකට ඉස්සෙල්ල ලංකාවේ හිටපු අති ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් කියලා තිබුන එක අවුරුද්දක මාව මැරෙනවා කියලා. ඊට පස්සේ තව දෙන්නෙකුත් කියලා තිබුනා. තුන්වෙනි එක්කෙනා කාන්තාවක්. එයා අවුරුදු දහයෙන් දහයට වෙන දේවල් ලියලා එක අවුරුද්දකට පස්සේ නවත්තල තිබුනා. ඊට පස්සේ පින් දහම්කරන්න කියලා තිබුනා. මේ තුන් දෙනාම කේන්දරේ ගැන ලියපු පොඩි excise තුනක් අපේ ගෙදර කළුවර පෙට්ටියක දමලා තිබුනා. පහු කාලෙක මොනවාද හොයනකොට ඕක හම්බ වෙලා මම බැලුව.

    පස්සෙන් පහු කාලෙක මම රස්සාව කරපු තැන මගේ යාලුවෙක් හිටියා එයාගේ දරුවාගේ හදවත් සිදුරක් තිබුනා.. Operation එකක් කරන්න අපි හැමෝම සල්ලි එකතු කරලා දුන්න. වැඩ කරණ තැන කෙනෙක් කිව්වා කේන්දර බලන/අනාවැකි/සාස්තර කියන කෙනෙක් ඉන්නවා operation එකට ඉස්සෙල්ල එතනට යන්න කියල. දරුවට මොනවා හරි වුනොත් මැරෙනවා කියල wife කියන නිසා මගේ යාලුව හුඟක් බයේ හිටියේ. ඉතින් මට එන්න පුලුවන්ද ඇහැව්වහම හා කියල මාත් ගියා.

    හරිම පොඩි තැනක් ඒක. යාලුවා ඇතුලට යවලා මම එළියේ පඩියේ වාඩි වෙලා හිටිය. පස්සේ මගේ යාලුව ඇවිල්ල කිව්වා කපු මහත්තයා මට කතා කරනවා කියලා. මම බැහැ කිව්වා, මොකොද මට කිසි ප්‍රශ්නයක් තිබුනේ නැහැ. ආපහුත් ඇවිල්ල කතා කරපු නිසා මා අකමැත්තෙන් ගියා. ඇතුලට ගිය ගමන් ඒ මනුස්සයා මට කිව්වා තමන්ට හදිසි මරනයක් තියෙනවා කියලා. සති තුනක් යන්න ඉස්සෙල්ල මැරෙනවා කියලා. මම බැලුවා මේ මොකක්ද මේ කියලා. මගේ යාලුවාගේ මූණෙන් ලොකු ලොකු දාඩිය බින්දු වැටෙන්න පටන් ගත්ත. මම ඉතින් ඇහුවා කොහොමද මැරෙන්නේ කියලා. එතකොට කිව්වා මන් වැඩ කරන තැන ඉන්න X ට මාරකයක් තියෙනවා එයත් එක්ක වාහනේ යනකොට එක්කෝ වෙඩි වදිනවා නැත්නම් බෝම්බෙකට අහු වෙනවා කියලා. මගේ යාලුව ඇහැව්වා මොකක්ද කරන්නේ බේරෙන්න කියලා. මම නම් ඕනවට එපාවට කිව්වා මැරෙන්න තියෙනවා නම් මැරෙයි කියලා. පස්සේ කපු මහත්තයා කිව්වා මරණය වලක්වන්න බැහැ, අනතුර වලක්වන්න පුළුවන් කියල. මම හිතුව හරි තමයි මගෙන් ලොකු ගානක් කඩා ගන්න වැඩක් කියලා. ඒ වුනාට කපු මහත්තයා කිව්වේ දළදා හාමුදුරුවන්ට අට පිරිකරක් පූජා කරන්න කියලා. මම හිතුව simple වැඩක්නේ කියල.

    එදා මම ගෙදර යනකොට ගෙදර එකම මල ගෙයක්. මගේ යාලුවා call කරලා කියලා ගෙදරට. හරියට මම මැරිලත් ඉවරයි වගේ අඬනවා. වැලපෙනවා. එක විකාරයයි. බලන කොට අර පොත් තුනේ මැරෙනවයි කියපු වයසයි, අවුරුද්දයි හරියටම වැටිලා තිබුනේ ඒ අවුරුද්දට. පහුවෙන්දම නුවර යන්න කිව්වට මම ගියේ නැහැ. වැඩට ගියාම මගේ යාලුවත් කරදර කරන්න ගත්ත උදේට ඇවිල්ල. ගෙදර අය අටපිරිකරකුත් ගෙනල්ල මට පේන්නම සාලේ තියලා තිබුන. ඒත් මම ගියේ නැහැ. සතියකට විතර පස්සේ එක දවසක් මහ රෑ මට ඇහැරිලා හදිසියේ හිතුනා පහු වෙනිදා දළදා මාලිගාවට යන්න ඕනේ කියලා. පස්සේ මහ පාන්දරම අපි ගියා පිරිකරත් අරගෙන. ගියාම මාලිගාව ඉස්ස්සරහා දිග පෝලිමක්. බලන කොට එදා ඉඳන් දළදා වහන්සේව පෙන්වනවා. අපි දැනගෙන හිටියේ නැහැ. අට පිරිකරත් අතේ තියාගෙන ඉන්න කොට මිනිස්සු ඇහැව්වහම බාරේ මොකක්ද කියලා මම කිව්වා ඊළඟ සතියේ මැරෙන්න තියෙනවා කියලා. එතැන හිටපු ආච්චිලගේ reaction එක මතක් වෙනකොට දැනුත් හිනහ යනවා. ඔහොම කතාව කියන කොට හැමෝම මට ඉස්සරහට යන්න දුන්න. පස්සේ මල් ආසනේ ලඟට එනකොට ඇතුලෙන් කෙනෙක් ඇවිල්ල එක්කරගෙන ගියා. මම ඉතින් දළදා හාමුදුරුවෝ ළඟදී ප්‍රාර්ථනා කළා ජීවිත දෙකම බේරලා දෙන්න කියලා.

    නියම කොටස දැන් එන්නේ. ඊළඟ සතියේ දවසක මම ගෙදර හිට්යා. මම ලේසියෙන් නිවාඩු ගන්න කෙනෙක් නෙමෙයි, සති අන්තෙත් වැඩ කරනවා. හැබැයි එදා මොකක් හරි නිසා ගෙදර හිට්යා. දවල් news වලට පෙන්නුවා කොළොඹ බෝම්බයක් පුපුරලා. මට මතක නැහැ දැන් කොහෙද කියලා. එතකොට මම දැක්ක X ගේ වාහනේ එතැන. පිටිපස්සෙයි දෙපැත්තෙයි වීදුරු කුඩු වෙලා. මං කොච්චර upset ගියාද කිව්වොත් මට phone numbers එකපාරට අමතක වුනා. හුඟක් පස්සේ මම number එක හොයාගෙන driverට කතා කළා. වාහනේ හැටියට මම හිතුවේ X මැරිලා කියල. වටේ හැම තැනම හිටපු මිනිස්සු ලේ පෙරාගෙන hospital ගෙනියලා. Driver කිව්වා X ට සීරීමක් වත් වුනේ නැහැ කියලා, මොකොද බෝම්බෙ පුපුරපු ගමන් bonnet එක ඇරිලා ඇවිල්ල windscreen එක වැහුනලු. බෝම්බෙන් වීසි වුනු යකඩ බෝල වැදිලා bonnet එකේ හැමතැනම පෙනේරයක් වගේ හිල් හැදිලා තිබුනා. Driver කිව්ව ජීවිත බේරුනේ හාස්කමකින් වගේ කියලා.

    මේක කියන්න හිතුනේ ජනාධිපතිතුමා මැරෙනවා කියපු නිසා. ජනාධිපතිතුමාටත් තියෙන්නේ මම කළා වගේ දළදා වහන්සේට අට පිරිකරක් පූජා කරලා ජීවිතේ බේරලා දෙන්න කියලා ඉල්ලන්න. ඊට පස්සේ විජිත් රෝහණ අනාවැකි කියන එක නවත්තනවා.

    මේ අනාවැකිය වරදිනවා. ඒ මොකොද කිව්වා නම් රනිල් වගේ ලේ තැවරුණු අත් තියෙන කෙනෙකුට මේ රටේ පාලනය යන්නේ නැහැ. කවදා හරි ඕක කෙලින්ම ලැබෙන්නේ ගෝඨාභයට.

    • Champa says:

      මේ කතාවේ තව අතුරු කතා ගොඩක් තියෙනවා. අපි මේ තැනට යනකොට ගියේ අපිට මේක කියපු මනුස්සයාගේ wife එක්ක. පාරවල් හොයාගෙන. පාරේ වලවල් පිරිලා. තිබුන හැම වලකම වාහනේ වැටුනා. මම කීපසරයක්ම ආපහු එන්න හැදුවා. ඊට කිට්ටු කාලෙකට ඉස්සෙල්ල මම ඈත පළාතක ඉඳන් මාරුවෙලා ඇවිල්ල හිටියේ. වෙන තැනකට යන්න හිටපු මගේ predecessor ගේ මාරුව කල් ගිය නිසා අපි overlapping period එකක හිටියේ. ඒ නිසා මට ලැබෙන mobile එක ලැබිල තිබුනෙත් නැහැ ඒ වෙනකොට. වෙච්ච සමහර දේවල් වලට (එදා සහ ඊට පස්සේ මැරෙයි කියපු සති තුන ඇතුලත) දැන් නම් හිනහත් යනවා. පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගන්න ඕනේ නිසා හැම එකම කියන්න අමාරුයි.

      මට කියන්න ඕනේ වුනේ මැරෙයිම කියලා අනාවැකි කිව්වා වුනත් ජීවිතේ බේරෙන අවස්ථා තියෙනවා කියන එක. මේ වගේ තව ගොඩ දේවල් වෙලා තියෙනව මට. කෑම බීම නම් හරියට හම්බ වෙනවා. සමහර දේවල් කන්න තිබුන නම් හොඳයි කියලා හිතන කොටම කවුරුහරි ගෙනත් දෙනකොට මටත් පුදුම හිතෙනවා. මම විශේෂ දෙයක් ගෙදර ගෙනිච්චහම ගෙදර අය කියනවා Promise to Lord Buddha and all of the Gods, I/we just talked about having this කියලා. පොඩි කාලේ ඉඳන් අපි ගෙදර දැක්කේ “වෙස්සන්තර ජාතකය”. ඉතින් අපිටත් පුරුදු වුනා තියෙන හැටියට දෙන්න. කොටසක් සැප විඳින කොට තව හුඟක් මිනිස්සු දුක් විඳින එක ගැන මට දුක හිතෙනවා. බුදු දහමේ ඉගැන්වීම් අතරින් උතුම්ම දෙයක් තමයි “දානය”. හුඟක් දේවල් මට නම් ලැබුනේ වැඩි මහන්සියක් නැතුව. සමහර දේවල් නිකම්ම දෙපතුල ලඟට කඩා වැටෙනව. මේ දවස්වලත් එහෙම ලැබුණු දෙයක් මම වැඩි දියුණු කර ගන්න මහන්සි වෙනවා. “දෙන්න දෙන්න ලැබෙනවා” කියන එක හැම බෞද්ධ ගෙදරකම කියන දෙයක්නෙ.

  6. Bandara says:

    ඔබගේ කතාව සත්ය නම් එයින් මෙම අනාවැකි කීම ගැන යම් සුභ වාදි අදහසක් පේනවා.

  7. ඔය කියන තරමක් අනාවැකි අනා නොගෙන කියනවා නම් හොඳා කියලා මම හිතනවා?
    සමහර මිනිස්සු සුචලිතවෙන්න ඔය වගේ දේවල් කියනවා උනාට පස්සේ අපි බලමු මේක තමයි ප්‍රසිද්ද වෙන්න හොදමවෙලාව​?

  8. SB says:

    No doubt. Definitely it will be a one horse race for Gota the Great!!! Jayawewa !!!

  9. pol kurulla says:

    ane nikan palayn ban yanna baila nogaha umba poraknam oya kenderen balala lotharaiyyak aran palaweni dinuma ganin sertama kalin..umba nikanma nikan manussayek polawata pas wena wena mokawath naha …umbla wage harak wiswasa karana unoth innawane

Main News