මා ගැන අගමැති අයියාගෙන් අසා දැනගන්න..- සුසිල් ජනපතිට දන්වයි..

January 11, 2022 at 10:40 am | lanka C news
මා ගැන අගමැති අයියාගෙන් අසා දැනගන්න..- සුසිල් ජනපතිට දන්වයි..

තමන් ගැන සොයන්න කලින් ආණ්ඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ඇමතිවරුන් ගැන සොයා බලන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

කැබිනට් ඇමතිවරුන්ගේ සාමූහික වගකීම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 42 වගන්තියේ පැහැදිලිව දැක්වෙන බවත් කැබිනට් තීන්දුවකට එරෙහිව ඇතැම් ඇමතිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාම ගැන කියන්නේ කුමක් දැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස වසර 11ක් කටයුතු කළ තමන්ගේ විනය ගැන මහින්ද රාජපක්ෂ මහතාගෙන් අසා දැන ගන්නයි තමන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කලේය.

කාර්යක්ෂමතාවය යන වචනයේ තේරුම නිවැරදි දේ කිරීම බවත් තමන් කරන්නේ ද හරි දේ මිස වැරදි දේ නොවන බවත් ඒ මහතා කියා සිටියේය.

තමන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න කතා කිරීමට ද පැවසූ ඔහු තමන් අමාත්‍ය ධූරයේ සිටින අවස්ථාවට වඩා දැන් හොඳ ප්‍රතිචාර ලැබෙන බව ද තවදුරටත් පැවසීය.

විවේචන පමණක් කරමින් සිටින්නේ අකාර්යක්ෂම පුද්ගලයන් යැයි ජනාධිපතිවරයා විසින් මොනරාගල ප්‍රදේශයේ දී කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

78,094 views

24 Comments to “මා ගැන අගමැති අයියාගෙන් අසා දැනගන්න..- සුසිල් ජනපතිට දන්වයි..”

  1. sihala yaka says:

    අයියාට එරෙහිව හිටං එක්ක හිට ගත් සෙවලයන් කවුද කියා රටම දන්නවා.

  2. සෙරෙප්පු සුප් says:

    අයියටත් කෙලියෙ හිටං එක්ක හුටං වෙලා,දැන් මල්ලිට කෙලින්න යන්නෙත් හිටං එක්ක හුටං වෙලා.කාර්‍යක්‍ෂමතාවෙ කියන්නෙ ඔය ඔහේ ළඟ තියෙන දේ නම් ඔහේ ඉන්නෙ වලිගෙ පාගා ගෙන.ඒක ගන්න නම් දැන් ඔහේට අපේ ජෝන් මාමගෙන් ඉල්ලගන්න වෙයි අමුර්තෙන් බින්දුවක්.​

  3. දිනන්නේයැයි හිතෙන පැත්තට හෝයියා. says:

    මෙයා ගැන හොඳටම කිව්වේ අජිත් පී පෙරෙරා.

    17ට ත් අත ඉස්සුවා
    18ට ත් අත ඉස්සුවා
    19ට ත් අත ඉස්සුවා
    20ට ත් අත ඉස්සුවා

    මරු බඩුවක්

Leave a Comment

Main News