මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නෑ.. යුද්දය ගැන මාත් පොතක් ලියනවා.. – ගෝටා

September 24, 2016 at 10:40 am | lanka C news
මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නෑ.. යුද්දය ගැන මාත් පොතක් ලියනවා.. – ගෝටා

තමන් ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකුලෙස ඉදිරිපත් වන්නේ නැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ කියා සිටියේ ඊයේ දිනයේ අස්ගිරි-මල්වතු මහා නාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ මාද්‍යවේදීන් අමතමිනි.

යුද්දය සම්බන්දයෙන් හිම දෙනාම පොත් ලියන නිසාත් තවත් අයන ලියන බව කියන නිසාත් තමන්ද තම අත්දැකීම් සම්බන්දයෙන් පොතක් ලියන බවද ඔහු එහිදී කියා සිටියේය.

41,246 Viewers

17 Comments to “මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නෑ.. යුද්දය ගැන මාත් පොතක් ලියනවා.. – ගෝටා”

  1. Notthischange says:

    Great. We await to see…

  2. Champa says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණෙට ඉල්ලන්නේ ඕනේ නැහැනේ. ඒක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පක්ෂේනේ. ඔබතුමා එක්කෝ ස්වාධීනව ඉල්ලන්න ඕනේ, එහෙම නැත්නම් ඔබේම පක්ෂයක් හදා ගන්න ඕනේ.

    “වැඩ කරවන්න පුළුවන්, කැපවීමෙන් වැඩ කරන්න පුළුවන්, හැඟීමෙන් වැඩ කරන්න පුළුවන්”. ඔය මදෑ දේශපාලනයට එන්න. අර අනිත් සමහර දේශපාලකයන්ට තියෙන ගතිගුණ නම් නැති එකමයි හොඳ.

    Excellent. Love to hear that you are also writing a Book. We all want to know the “Story of one of the greatest Military Strategists in the world history”.

    People have raised the bar for politicians as never before. You, Sir, perfectly fit in there.

    “Yahapalanaya” came into power by buying politicians. The influence that money can have in our politics is loathsome. People can’t stand it anymore.

    The Yahapalanaya type politics should be ostracised from our country and genuine, patriotic, nationalistic politics should take over.

  3. Dickie Bird says:

    You don’t need to be the President or the prime Minister to be a Weda karaya.

    Yes. entrust you with the Secy defence post and then entrust you with the list work need to be done.
    Can Ranil or is Ranil capable of doing it if he loves the country.

    Whole problem is President & prime Minister fear even the shadow of Gota.

  4. MaRa says:

    Meya Langadima Hire giyahama Phthan liyanna pahasu wei..

    • harak gonseka says:

      මරා උඹල අවුරුදු තිහක් හිටපු හිරෙන් උඹලව බේර ගත්තෙ එතුමලගෙ දක්‍ෂතාවය නිසයි.උඹ කොහොමටත් හිතෙන් හිර කාරයෙක් බව නම් කියන්න පුලුවන්.

  5. sunimal says:

    ඔබතුමාලා කැපවිම් කරලා බෙරාගත් රට දවසින් දවස අගාධයකට යනවා

    http://0.fb.me/SriAvTvNetwork/videos/1183052698422379/?video_source=pages_finch_main_video

  6. ප්‍රබාත් විතානගේ says:

    ජනාධිපතිවරණ වලට ඉල්ලන්නෙ කොහොමද ?ද්විත්ව පුරවැසියෙක්නේ

  7. sriyani says:

    gotas war potha liyala iwarane. yudde eya kala wage liyala thiyenne. thawa monawa hari mathakwela wage shit fellow

  8. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Ehenam uddayen keeyak hora keewada kiyala rate janatawata balaganna puluwan wevi.ane wasanawan.

  9. Maura Perera says:

    නියමයි! ඔබතුමත් ලියන්න. අනිත් එක්කෙනාත් ලියනවාලුනේ තව කරුනාටත් එකක් ලියන්න කියන්න. ජගත් ඩයස් මහත්තයාටත් පුලුවන්. යුධ බිමේ වැඩිම දුරක් ගියයි කියන ශවීන්ද්‍ර මහත්තයත් එකක් ලියූවා නම් හරි. ඕනම ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන් කියලා කිව්වා වගේ පොතුත් ලියන්න පුලුවන්නේ. කොහොම හරි යුධ අපරාද වලට ඕන කරන අඩුම කුඩුම ටික ඩයස් පෝරාව ලේසියෙම හොයා ගනී.

    • Champa says:

      Maura Perera

      ඇයි බයද TNA එකයි LTTE එකයි OMP එකට ගෙන්න හිතා හිටිය බොරු චෝදනා දා ගන්න බැරිවෙන එකට. Maj. Gen. Kamal Gunaratne ත්‍රස්තවාදීන් එක්ක කරපු යුද්ධයේ තමන්ගේ අත්දැකීම් ගැන ලියපු පොත තමයි ජිනීවා වාර්තාවටයි, යුධ අධිකරණ කතාවටයි, OMP එකටයි රණවිරුවන්ගේ පැත්තෙන් දීපු මේ දක්වා දීපු හොඳම උත්තරය.

      පහුගිය කාලය පුරාම රටටත් රණවිරුවන්ටත් ආදරේ කරන දේශපාලකයොත්, ජනතාවත් රණවිරුවන් දඩයමට එරෙහිව විශාල හඬක් නැගුවා. යුධ හමුදාපතිත්, ඉහල හමුදා නිලධාරීනුත් (Maj. Gen. Chargie Gallage හැර) හමුදාව වෙනුවෙන් කතා නොකර හිටපු වෙලාවක, ගිය අවුරුද්දේ මේ ආණ්ඩුව බලවත්ම වෙලා හිටපු කාලෙක, රණවිරුවන් දංගෙඩියට යවන්න ගෙන්න හදපු යුද අධිකරණයට විරුද්ධව ජාතික නිදහස් පෙරමුණත්, එහි නායක විමල් වීරවංශ මන්ත්‍රීතුමාත් ආණ්ඩුවේ උවමනාව පරද්දන්න, ආණ්ඩුවට අඩියක් පස්සට ගන්න බල කරන්න විශාල මෙහෙවරක් කළා.

      ඒ වගේම හමුදාව නිහඬව හිටපු වෙලාවක, විශේෂයෙන් පැවිදි හඬ සංවිධානයත්, වෙනත් ස්වමීන්වහන්සේලත්, ගුණදාස අමරසේකර මහත්මයත්, (නඩුවකුත් දැම්ම නේද Geneva Report එකට විරුද්ධව) ආචාර්ය නලින් ද සිල්වා සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්වරුනුත් තවත් වියතුනුත් රණවිරුවන්ට සාධාරණයක් ඉල්ලලා ලොකු සටනක් කළා. එහෙම නොවෙන්න ගිය අවුරුද්දෙම ඔය දෙමුහුන් යුධ අධිකරණය හදලා ඉවරයි. එහෙම වුනානම් මේ ‘පොතට’ බස් එක miss වුනා වෙනවා.

      Maj. Gen. Chargie Gallage යාපනයේදී මංගලට පල කරපු එඩිතර විරෝධය ඇරුනහම, හමුදාව පැත්තෙන් මේ දක්වා නිහඬව හිටියත්, නියම වෙලාවට යුද්ධයේ පෙරමුණේම හිටපු ඉහලම හමුදා නිලධාරියෙක් තිතට target කරලා මිසයිල් එකක් එවල තියෙනවා “Road to Nanthikadal” කියලා. Perfect timing! සමහර විට ඔහු හිතන්නවත් නැතුව ඇති මේ පොතට මේ තරම් impact එකක් කරන්න පුළුවන් කියල.

      Maj. Gen. Kamal Gunaratne වගේම යුද්ධයේ ජයග්‍රහණයට දායක වුනු අනිකුත් ඉහලම පෙලේ හමුදා නිලධාරීන්ගේත් අවසාන යුධ මෙහෙයුමේ අත්දැකීම් දැන ගන්න මේ රටේ ජනතාව කැමතියි. අවුරුදු 7ක් වගේ සුළු කාලෙකදී ජීවිත පරිත්‍යාගයෙන් රට රැක ගත්ත රණවිරුවන් දංගෙඩියට යවන්න හිතන තරම් ද්‍රෝහී සිංහල ආණ්ඩුවක් ඇති වෙච්ච රටක, මේ ඉහල හමුදා නිලධාරීන් තමන්ගේ අත්දැකීම් ලියා තබන එක හරිම වැදගත්, නුවණක්කාර වැඩක්. අනිත් අතට TNA එකයි, LTTE එකයි උසි ගන්නලා දෙමල මිනිසුන්, පහල මට්ටමේ හමුදා සෙබළුන් තනි තනිව හෝ battalion එකක් විදියට බොරු චෝදනාවකට ලක් කරන්න හිතනවා නම්, ඒ චෝදනා බොරු චෝදනා කියලා ඔප්පු කරන්න මේ ලියලා තියෙන සත්‍ය කරුණු හුගක් වැදගත් වෙනවා.

      ඒ වගේම තමයි දැන් ත්‍රස්තවාදීන්, අහිංසකයන් කරන්න හදන වෑයම අනිවාර්යයෙන්ම නිරර්ථක වෙනවා, ත්‍රස්තවාදීන් සමඟ යුද්ධයේදී සැබෑ කතාව ලියලා තිබ්බහම.

      පව් අප්පා, Maura Perera හිතා ගෙන ඉන්නේ හමුදාව යුධ අපරාධ කළා කියලා වෙන්න ඇති. යුද්ධයේ අත්දැකීම් ගැන සත්‍යය එලි කරන පොත් ලියන එක ගැන සමච්චල් විදියට කතා කරන්නේ බොරුව, බොරුව විදියටම තියාගන්න සෑහෙන උවමනාවක් තියෙන හින්ද කියලා ඕනේ කෙනෙකුට තේරෙනවා.

      මම නම් බලා ඉන්නේ හිටපු ආරක්ෂක ලේකම්තුමා LTTE ත්‍රස්තවාදීන් පරද්දන්න දියත් කල අති උත්කෘෂ්ඨ යුධ මෙහෙයුම ගැන එතුමාගේම වචන වලින් ලියැවුණු පොතක් එලි දකිනකම්.

      • නිශා says:

        නියමයි චම්පා …. ඒත් ඉතින් අර වගේ අයත් සෑහෙන ගාණක් අපේ රටේ ඉන්නවා .

      • Maura Perera says:

        මම කමල් ගුණරත්න මහත්තයා ලියපු පොත විවේචනය කරන්නේනෑ. එහි ඇති වැරැද්දක් මම දකින්නේ නැ. මම කියන්නෙ හැම රූපවාහිනි නාලිකාවක්ම සුපර්ස්ටාර් පෙන්නන්න ගියා වගේ මේකටත් වේවි කීයලා මට බයක් තීයනවා. යුද්ධය ගැන හැමදෙනාම පොත් ලියන්න ගියොත් ඒක විනාසයක් වෙලා තමයි නවතින්නේ.

        අනීක ලෝකයේ මෙතෙක් පැවතී හා තවමත් පවතින යුද්ධ කිසිවක් මානුශික නෑ. අතීශය කුරිරූයි ම්ලෙච්චයි. ඒ වගේම ඔය රණවිරූවන් ගැන කෑගහන දේසපාලූවන් ඔවුන් ලව්වා තමන්ගේ බල්ලෝ නෑව්ව කතාත් අපි අහලා තියනවා. 1993 දී පටන් ගත්ත මේ යුද්දය 2009 දී ඉවර වෙනතුරුම ඒ යුද්දය කරන්න දායක උනේ මේරටේ ජනතාව අතපය නැති උනේ ඔවුන්ගේ වැන්දබු උනේ ඔවුන්ගේ දුවා දරුවන්. දේසපාලකයන් කලේත් අද කරන්නේත් ඔවුන් ලවා තමන්ගේ අය, තම දේපල ආරක්ශා කරගන්න එක.

        ඔය යුද අධිකරණ කතා නම් පට්ට බයිලා. ඕවා වෙන දේවල් නෙවෙයි. බත් කන හරක් රවට්ටන්න ඔවූන්ගේ චන්දය මංකොල්ලා කන්න කියන දේවල්. ඩයස් පෝරාවට යුරොපයේ සැප පහසුව ඇතිව ඉන්න ඕන ඒකට අවශ්‍යය වට පිටාව තියා ගන්න ඕන ඒක තමයි උන් කරන්නේ.

        චම්පා ඔබ යාපනයට කිලිනොච්චියට මුලතිව් වලට යන්න හැබැයි පොදු ප්‍රවාහන සේවා පාවිච්චිකර ඒ ප්‍රදේශවල ඇවිදලා බලන්න එතකොට අපේ දේසපාලකයිනුයි ඩයස්පෝරා කාලකණ්නි යි කියන දේ කොච්චර ඇත්තද කියලා දැන ගන්න පුලුවන්

        • කුවිපැංචා says:

          එහෙනම් අර ‘ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කිවුව වගේ වගේ පොතුත් ලියන්න පුළුවන් කිවුවේ’? ඒ කිවුවේ ගෝටාභය රාජපක්ෂටද? නැත්නම් කමල් ගුණරත්නටද? එහෙමත් නැත්නම් ශවේන්ද්‍ර සිල්වාටද? නැත්නම් ජගත් ඩයස්ටද? ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියපු මනුස්සය වගේම තමා තමුනුත්! මොක උනත් චම්පා ගේ comment එක පොඩ්ඩක් වැදිලා වගේ, පල් හෑලි ගොඩකින් උත්තර දීලා තියෙන්නේ. අවුලක් නැහැ. කියපු කතාවේ අඩු පාඩුව තේරුම් ගත්ත නම් ඒ ඇති.

        • Champa says:

          Maura Perera

          නිකම් කට පියාගෙන ඉන්න හලෝ. “යුද්ධෙ ගැන හැම දෙනාම පොත් ලියනවා”? කවුද මනුස්සයෝ හැමදෙනාම කියන්නේ? රට බේරා ගන්න යුද්ධෙට යනකොට හොඳයි, හැබැයි ජීවිත පරිත්‍යාගයෙන් තමන් කරපු සටන ගැන ලියන්න බැහැ? මොකොද මේ Maura Perera වගේ බින්කුන්ඩො එපා කියන හින්ද?

          ලෝකේ අනිත් එවුන් කරපු යුද්ධ අපිට අදාළ නැහැ. ඔබාමා වගේ මහින්ද කිව්වේ නැහැ එක හිරකාරයෙක්වත් නොසිටිය යුතුයි කියල. අපේ හමුදාව කලේ මානුෂික යුද්ධයක්. එහෙම නොවුන නම් අද එක ත්‍රස්තවාදියෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අවසාන සටන අවුරුදු 3ක් තිස්සේ කරන්න වුනේ සිවිල් ජනතාවට වෙන හානිය අවම කරන්න ඕනේ වුන නිසා.

          අද මොනවා බලන්නද යාපනේ? යාපනේ මිනිස්සුත් ඉල්ලන් කෑවා ජනවාරි 8 වෙනිදා. එහෙම නොවුන නම් අද වෙනකොට මහින්ද යාපනේ දියුණු කරලා, කොළොඹ-යාපනය අධිවේගී මාර්ගයත් හදලා. අවුරුදු දෙකකටත් කිට්ටුයි, යාපනේ මිනිස්සුන්ට මොනවාද ලැබුනේ? මහින්ද ඉන්න කොට හිටියාට වඩා අන්තිම පහල තත්වකෙට යාපනේ දෙමල ජනතාවගේ ජීවන තත්වය පල්ලම් බැහැලා. දෙමල මිනිස්සුන්ට ඕනේ වුනේ වැඩ කරන ජනාධිපති කෙනෙක් නෙමෙයිනේ, කතා පෙට්ටියක්. අපරාදේ කියන්න බැහැ දෙමල ජනතාවගේ සිරිසේන අයියනාර් දෙමළ ජනතාවට ජීවිතේට අහල නැති තරම් katai අහනවා යහපාලන ආණ්ඩුව ආපු දවසේ ඉඳන්.

          අනිත් එක යාපනේ බලන්න ඕනේ නම් බලන්න තිබුනේ ප්‍රභාකරන් උතුරේ දෙමල ජනතාව බය කරගෙන් හිටපු කාලේ, මතකද අර කප්පම් ගත්ත කාලේ, පාසල් යන දරුවෝ බලෙන් LTTE එකට බඳවා ගෙන සයනයිඩ් කරලා බෙල්ලේ බැඳපු කාලේ, උතුරේ දෙමල ජනතාවට ආණ්ඩුවෙන් යවපු ආහාර සහ බෙහෙත් LTTE එක මංකොල්ල කාපු කාලේ, උතුරේ ජනතාව ප්‍රභාකරන්ට බයේ ජීවත් වෙච්ච කාලේ, ඊට පස්සේ අවසාන සටන කාලේ ප්‍රභාකරන් යොදා ගත්ත මිනිස් පලිහ හමුදාව බේරා ගත්ත කාලේ, මතකද ඒ කලේ උතුරේ හිටපු මිනිස්ස්සුන්ගේ හැටි, කන්න නැතුව, ලෙඩින් වැටිච්ච, වැරහැලි වගේ ඇඳුම් ඇඳ ගත්ත, තමන්ගේ මුළු සේසතම පොඩි පොට්ටනියකට සීමා වෙච්ච මිනිස්සු තමයි ප්‍රභාකරන් ඉතුරු කරලා ගියේ. ඒ කාලේ තමයි උතුර තිබුන හැටි බලන්න තිබුනේ. එහෙම හිටපු මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් මට්ටමකට ගෙනාවේ මහින්ද. ලමා සොල්දාදුවො දෙමව්පියන්ට බාර දීලා, LTTE එකේ හිටපු ඉතුරු සාමාන්‍ය ත්‍රස්තවාදියො පුනරුත්ථාපනය කරලා යහපත් මිනිස්සු හැටියට මුදා හරින්න මූලික වුනේ ගෝඨාභය. මෙතෙක් ලෝකේ සිද්ධ වෙච්ච කිසිම යුද්ධෙකදී, අද ත්‍රස්තවාදීන්ගේ මානුෂික අයිතිවාසිකම් ගැන ලොකුවට අපිට බන කියන්න එන කිසිම රටක් එහෙම කරලා නැහැ.

          උතුර බලන්න යන්න මට ඕනේ කමක් නැහැ. උතුරට වඩා අන්ත දුක් විඳින මිනිස්සු ඉන්න ගම්මාන දකුණේ තියෙනවා. බොන්න වතුර පොදක් හොයා ගන්න හැතැප්ම ගානක් යන, ඉස්පිරිතාලෙකට යන්න හැතැප්ම ගානක් යන, පොදු වාහන වලට තියා කිසිම වාහනයකට යන්න බැරි පාරවල් තියෙන, අතිශය දුෂ්කර ගම්මාන දකුණේ තියෙනවා. එත් මහින්ද උතුරු වසන්තය කරන කොට දකුණේ සිංහල මිනිස්සු ඒකට විරුද්ධ වුනේ නැහැ. එගොඩ වෙන්න පාලම් නැතුව, යන්න හරිහමන් පාරවල් නැතුව තිබුණු දකුණේ ගම්මාන ගැන බලන්නේ නැතුව මහින්ද කොළොඹ-යාපනය අධි වේගී මාර්ගය හදන්න හදන කොටත් සිංහල මිනිස්සු ඉවසගෙන හිටියා. ඒකට හේතුව සිංහල ජනතාවට දෙමල ජනතාව වගේ ජාති භේද අවුස්සන්න ඕනේ කමක් තිබුනේ නැති නිසා, සිංහල මිනිස්සුන්ට දකුණේත් උතුරේත් වෙනසක් දැනුනේ නැති නිසා.

          මහින්ද ඉන්න කම් ඒ ආණ්ඩුව උතුර ගැන හොයලා බැලුවා. ජනවාරි 8 වෙනිදා මහින්දව පරාද කරන්න චන්දේ දීපු දෙමල මිනිස්සු අවුරුදු 2ක් යනකොට කලින් තිබිච්ච දේත් නැති කරගත්තා. අහලා තියෙනවද, වපුරපු හැටියටලු අස්වැන්න.

          Diaspora එක කියනදේ අහන්න කාටද ඕනේ කරන්නේ? LTTE එක තිබුන කාලේ දුක් විඳපු උතුරේ ජනතාව වෙනුවෙන් කිසි දෙයක් නොකරපු diaspora එක, උතුරේ යුද්ධේ ඉවර වුනාට පස්සෙවත් දෙමල ජනතාව වෙනුවෙන් මුකුත් නොකරපු diaspora එක දැන් කිඹුල් කඳුළු හෙලන්නේ දෙමල ජනතාවට තියෙන ආදරේකට නෙමෙයි, උතුරේ ඉඩම් අල්ල ගන්න ඕනේ නිසා. අන්න දැන් දෙමල diaspora එක හදනවලු BOT projects පටන් ගන්න ලංකාවේ. (දන්නවනේ BOT කියන්නේ Build-Operate-Transfer). මෝඩ ආණ්ඩුව ඒ උගුලටත් අහු වෙයිද දන්නේ නැහැ. උතුර ගැන මෙච්චර ලිව්වේ ඔබ සිංහලයෙක් වෙන්න තියෙන සම්භාවිතාව හුඟක් අඩුයි කියල මට හිතෙන නිසා.

          අර “නාවන කතාව” නම් මම අහල නැහැ. බල්ලන්ව කොහොමත් කවුරු හරි නාවන්න ඕනේ නේද? මං දන්න විදියට නම් බල්ලන්ට තනියම නාන්න දන්නේ නැහැ. කතා නම් කාට කියන්න බැරිද? රනිල්ව නාවන්නෙත් සිරිසේන කියල කවුරු හරි කිව්වොත් ඒකත් පිළිගන්නවද?

  10. srilankan says:

    well done Champa. very nice comments.Is that enough Mr. Maura perera

  11. Podda says:

    ගොටාභය මහත්මය දැනටමත් කියලා තිබෙනවා ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැහැ කියලා. http://lankacnews.com/main-news/%E0%B6%B8%E0%B7%8F-%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7-%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD/
    මේ බොරු ප්‍රචාරයන් අහලා සිරාගේ බඩ බුරුල් වෙලා තිබෙන එක තවත් අසාද්‍ය වෙන්න පුළුවන්. එහෙම වුනොත් ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතාගේ අනාවැකි හරියටම නිවැරදි වෙනවා. අපිත් බලාගෙන ඉන්නේ එම අනාවැකිය සත්‍යයක් වෙනකන්.

Main News