මා ජනාධිපති වී පසු ගතවූ දින 100 ආණ්ඩුව ගැන සෑහීමට පත්වෙන්න බෑ..- ජනපති

March 6, 2020 at 10:40 am | lanka C news
මා ජනාධිපති වී පසු ගතවූ දින 100 ආණ්ඩුව ගැන සෑහීමට පත්වෙන්න බෑ..- ජනපති

ජනාධිපතිවරණයෙන් අනතුරුව ගත වූ දින 100 සම්බන්ධයෙන් තම මට්ටමට අනුව තමන් සෑහීමකට පත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග ඊයේ (05දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.

මෙහිදී ජනාධිපතිවරයාට යොමු කෙරුණු ප්‍රශ්නයක් වූයේ තම වැඩපිළිවෙළ පිළිබඳ 100%ක් සතුටුවීමට ඉදිරියේදී කුමනාකාරයේ ක්‍රියාමාර්ග ගන්නේද යන්නයි.

එයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ වැඩි බලයක් සහිත තම ප්‍රතිපත්ති සමග ගැලපෙන ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට උත්සාහ කරන්නේ ඒ නිසා බවයි.

වත්මන් රජයේ තනතුරුවලට පත් වූ ඇතැම් අය පිළිබඳ සෑහීමකට පත්වීමට නොහැකි වුවද, සමස්තයක් ලෙස පසුගිය රජයන්වල පත්කළ පිරිසට වඩා හොඳින් ඔවුන් සේවය කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

“අපි පත්කළ අය වෙන රජයන්වලට වඩා හොඳින් කරනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකන් එක ගන්න. කිසිම වරප්‍රසාදයක් ගන්නේ නෑ. ඔවුන් ගුවන් සේවය දියුණු කරන්න හොඳ වැඩපිළිවෙළක් කරලා තිබෙනවා.

අයි.සී.ටී. එක බලන්න, ඒකත් හොඳයි. සමහර අය ගැන සෑහීමකට පත්වෙන්න බැරි වුණත් ඒ අයට තමන්ගේ හැකියාව ඔප්පු කරන්න අවස්ථාවක් තිබෙනවා. එහෙම නොකළොත් ඔවුන්ව ඉවත් කරනවා.”

රජයේ ඇතැම් ප්‍රධාන තනතුරු සඳහා හමුදා නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු දුන් ජනාධිපතිවරයා,

“මම පත්කරලා තිබුණ ප්‍රමාණයටත් වඩා ගිය ආණ්ඩුව හමුදා නිලධාරීන් රජයේ හා සංස්ථාවල තනතුරුවලට පත්කරලා තිබුණා. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ. හමුදා නිලධාරියෙක් පරිපාලයට පත් කළාම තියන වැරැද්ද මොකක්ද?

හමුදා නිලධාරියෙක් විශාල පුහුණුවක් ලබනවා. ජනරාල් කෙනෙක් වෙනකොට අතිවිශාල පුහුණුවක් ලබනවා. ලෝකෙ පුරා අත්දැකීම් ලබා ගන්නවා. ඔවුන් පරිපාලනයට සූදානම් වෙලා ඉන්නේ. ලෝකේ හැම රටකම එහෙමයි. ඇයි එහෙනම් අපට බැරි. අපි කරද්දි ඇයි මේක අහන්නේ. මේවා දේශපාලනික කතා.”

එසේම මේ වනවිට දේශපාලන වේදිකාවේ කතාබහට ලක්ව ඇති ‘ගෝඨා – සජිත්’ සුසංයෝගය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ තමන්ගේ ප්‍රතිපත්ති ඇත්තේ තම පක්ෂය තුළ බවත්, අසාර්ථක ප්‍රතිපත්ති පැවැති පිරිසක් සමග ගමන් කළ නොහැකි බවත්ය.

“මට අවශ්‍ය මගේ රජයක්. මගේ ප්‍රතිපත්ති තිබෙන්නේ අපේ පක්ෂයේ. ඒ ප්‍රතිපත්ති මාලාව අරගෙන යන්නේ අපේ අය. ඒකීය රාජ්‍යයක් නොවන, ජාතිකවාදී නොවන, ස්වෛරීත්වය හා නිදහස, ආර්ථිකය ගැන අවබෝධයකින් තොරව අසාර්ථක ප්‍රතිපත්ති තිබුණ පිරිසක් සමග මට ගමන් කරන්න බෑ. මගේ ප්‍රතිපත්ති හා සමාන අය අවශ්‍යයි.

ආර්ථිකය පිළිබඳ යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ තම ආණ්ඩුව යටතේ ලබාදුන් බදු සහන හේතුවෙන් ව්‍යාපාර රාශියක් යථා තත්ත්වයට පත් වූ බවත්, ආර්ථිකය ගොඩනැගීමට තමන්ට හැකියාවක් ඇති බවත්ය.

පසුගිය මාස කිහිපයේ ගෝලීය තත්ත්වයන් නිසා සමස්ථ ලෝක ආර්ථිකයේම පසු බැසීමක් පැවතීම ශ්‍රී ලංකාවට ද බලපෑම් කළද ඉදිරියේ දී ඒ බලපෑම් වළක්වාගෙන ඉදිරියටයෑමට උත්සාහ කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

– ada

371 views

18 Comments to “මා ජනාධිපති වී පසු ගතවූ දින 100 ආණ්ඩුව ගැන සෑහීමට පත්වෙන්න බෑ..- ජනපති”

  1. Niru says:

    Yes true. It is not because of you. We know you try very hard and you are honest. But most in your present team are clueless how to give a helping hand. People should be wiser this time in electing Pohottuwa MPs

    • Ran banda says:

      මොනව කරන්ඩද ජනාදිපති තුමනි , අයියයි එයගේ හොර කල්ලියයි ඔබට කිසි දෙයක් කරන්ඩ දෙන්නේ නෑ. ඒක අපේ අවාසනාව.

      • Me says:

        හරියටම ෂුවර් ද? නැත්නම් නිකංම නිකං බොරු කයිස්ද?

      • john the baptice says:

        මෙවර පාර්ලිමේන්තුවෙ අගමැති ධූරය ජී එල් පීරිස් මහතාට ලබා දෙන්න.

    • Critic says:

      100% agree with you.

      • Pohottu says:

        Actually speaking Sajiths team has much better members for you to work with. Champika, Harsha, Eran, Ajith, SF , Madduma Bandara, all are extremely qualified to run a country. They will teach u how to run a country as you have no political or business experience. Even RW will work better with u.

      • කිරිමෙල් says:

        නොදන්න ඉටිගෙඩිවලට ලකුණු දෙන්නෙ හොර ටියුෂන් කඩ වල තමයි.

    • Wijebahu says:

      So if u can’t control your brother who is going to control him. If he wins (hopefully not) do u think u can control him next five years? Clearly not. Inflated personality’s are deflated in three months.

  2. Aurora says:

    චන්දදායකයන් විධියට අපේ යුතුකම හොරු, කුඩු කාරයෝ, කප්පම්කාරයෝ, පාතාලයෝ, නූගත් බොරුකාරයෝ හට මනාප නොදී ඔබතුමාට සහය දියහැකි බුද්ධිමත් පිරිසක් මන්ත්‍රීවරු විධියට පාර්ලිමේන්තුවට යැවීමයි. අපි අපේ යුතුකම කරමු.

  3. Sunil Dahanayake says:

    Exactly correct. The President could not implement his vision as most of the Ministers are useless buggers. They do not have the capacity, professional experience and vision to convert the President’s ideas into reality.

    For an example, President repeatedly highlighted the Change of Higher Education and School Education. But both Ministers are unable to understand produce a pragmatic plan so far. These two guys are good for stage taking but no work.

  4. Ciz Zoro says:

    RW and the Team Will Align With Your Policies.Get Their Support
    Any Way We Need to see the contrary development not wasting of another five more years

  5. Hetu Haaami says:

    Nahina Dehina Kaaale ..Rata Yamak Karala Palayallaaa Pleeeeez

  6. john the baptice says:

    ජනාදිපති බල තල වැඩි කල අගමැති බලතල අඩු කල යුතුය

  7. Sashi says:

    Actually our dear Mahinda mahattaya can act as a good adviser to the president ..then MP Namal can be a minister of presidents team ..if not no way to Namal .this situation must understand ..how people blame ..what people say ..but all love priminster very well..an at the same time people trust president and want to see more for him ..

  8. Sunil Dahanayake says:

    Some GOOANPEE karaya here suggested that Sajith and Ranil have good team to run the country and get together with them.

    Those GOOANPEE party members for last 5 years ate and ruined the country . Those fellows, even though have backgrounds with Royal College and big qualifications did not understand the ordinary man’s feelings.

    Best option is to appoint at least 50 top class professions to Parliament. It is our duty to select and vote the correct people.

  9. D.Nimal says:

    MR President we have go long way for Economic upheavals. Task is challenge one, but it can overcome having correct handling of key problems of Economic Ills in our land .
    The Economic Problems of Democratic Republic of Sri Lanka are that roots goes to since Per-colonial Era and after Post Independent period since 1948.
    We have identified and diagnosis of shape of basic structure of island Economy by ourselves .We have to do in depth survey on current problems of whole Economy in wide investigation by New Task force establishment by Political-Economic elites.Otherwise we have not dats and new no trends of Problems of our Nation.

  10. Parakum says:

    UNPers are a better class of people to run a country, they were managing a very difficult economy efficiently, I urge Prez to open his eyes and see there are no UNTAINTED, nor many EDUCATED people in the POHOTTUWE. The leader too is branded as the GOD FATHER of CORRUPTION.

Main News